More
    spot_img
    ArtJaws නෙත් පැහැරගන්නා බොහොමයක සැඟවුණු නපුරක් තියනවා

    Jaws නෙත් පැහැරගන්නා බොහොමයක සැඟවුණු නපුරක් තියනවා

    -

    spot_img

    Jaws – මුහුද යනු අතිශය සොඳුරු තැනක්. අති සොඳුරු ලෙසින් අපේ නෙත් පැහැරගන්නා දේවල් බොහොමයක සැඟවුණු භයංකාරත්වයක් තිබෙන්නට පුළුවන්.මුහුද කියන්නෙත් එහෙම තැනක්.

    නිව්යෝක් නගරයේ ලෝන්ග් අයිලන්ඩ්හි පිහිටා ඇති “ඇමිටි” සංචාරක නගරයක්. විවේකීව ගත කිරීම සඳහා දහස් ගණනින් සංචාරකයන් ඇදී එන සංචාරක පාරාදීසයක්.

    නිහඬ,නිශ්චල රාත්‍රියක්. පරිසරයේ පැවතුණේ පුදුමාකාර සන්සුන් බවක්. ක්‍රිසී සහ ඇගේ පෙම්වතා මුහුදු වෙරළේ වැතිරී සිටියා. ඔවුන් සිටියේ බීමතින්. පීනන්නට යමුයි ක්‍රිසීගේ ඇවිටිල්ල අසන්නට නොහැකි තරමට ඔහු බීමත්වී තිබුණා. ඔහුට නිදන්නට ඉඩ දුන් යුවතිය තම ඇඳුම් ඉවත්කර දමා පිහිනීමට ගියා. වතුර එතරම් සීතල වූයේ නැහැ. ක්‍රිසී තව තවත් දියඹ වෙත ගියා. එක්වරම තම කකුලේ යමක් ගැටෙනු ඇයට දැනුනා.ඉන්පසු…?

    Jaws

    තරුණයා අවදි වෙන විට අලුයමට ආසන්න වී තිබුණා. ඔහු ඇයව සෙව්වා.වෙරළේ තිබුණේ ඇය ගලවා දැමූ ඇඳුම් පමණයි. නවාතැන තුළත් ඇය සිටියේ නැහැ. ඇමිටියේ පොලිස් නිලධාරීන්ට හමුවූ කීතු කීතු වන්නට ඉරා දමා තිබූ අඩක් ඉතිරිවූ මළසිරුර තම පෙම්වතියගේ බවට ඔහු හඳුනාගත්තා. මරණයට හේතුව “මෝරෙකුගේ ප්‍රහාරයක්”. මෙම මරණය නිසාවෙන් වෙරළ තීරය වසා දමන්නට පොලිස් නිලධාරී මාටින් බ්රූඩි තීරණය කරනවා. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වුණ මෙම නගරයේ නගරාධිපති,ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් පොලිස් නිලධාරී බ්රූඩිගේ තීරණයට එකහෙළාම විරුද්ධ වෙනවා. ළඟදීම නිවාඩුව එළඹීමට නියමිතයි. සංචාරකයන් දහස් ගණනක් ඇමිටි වෙත පැමිණේවි. මෝරෙක් ගැන පවසා වෙරළ තීරය වසා දැමුවොත් ඔවුන් මුදල් උපයා ගන්නේ කෙසේද? නගරාධිපති ලැරී වෝන් ඇතුළු පිරිස එක් වී මෙම මරණය පිළිබඳ පුවත ප්‍රසිද්ධ වීම නවතා දමනවා. ඉන්පසු තවත් කුඩා දරුවෙක් සහ වියපත් මිනිසෙක් මෝර ප්‍රහාරයට ගොදුරු වෙනවා. අනතුරක් ඇති තැනකට යන්න එපා කියද්දිත් යන ලංකාවෙ සමහර අය වගේ ඇතැම් සංචාරකයිනුත් මෝරා දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇමිටි වෙත එනවා. මේ අවස්ථාවේ නම් මාටින් බ්රූඩි හිතුවක්කාර අයුරින් වෙරළ තීරය වසා දමනවා.

    Jaws

    – “මේක හරියට සිහිවිකල් වුණු මිනීමරුවෙක්,පිස්සුවෙන් මිනී මර මර තැන් තැන්වල ඇවිදිනවා වගෙයි…අපට ඔහුව නවත්තන්න බෑ…ඔහුව අල්ලන්න බෑ..නරකම දේ ඌ එහෙම කරන්නෙ ඇයි කියලා අපි දන්නෙ නෑ..මිනීකන යෝධ මෝරුන් මීට කලිනුත් මුහුදෙ නාන්න ගිය අය මරාගෙන කාලා තියෙනවා..ඒත් මේ වගේ….!” –

    තත්වය එන්න එන්නම බිහිසුණු වෙමින් පවතින අතර පොලිස් නිලධාරියාට සිදුවන්නේ මේ වෙනුවෙන් තනිව සටන් කිරීමටයි. මුදල් තණ්හාවෙන් පසුවන මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නා නගරාධිපති ඇතුළු පිරිස මාටින් බ්රූඩි ඔවුන්ගේ බස් නොඅසන වග තේරුම්ගෙන ඔහුට තර්ජනය කිරීමට පෙළඹෙනවා. ඉන් අනතුරුව විශාල මුදලක් ලබාදී කුලියට ගන්නා ක්වින්ට් නැමති මෝර දඩයක්කරු සහ සාගර විද්‍යාඥ මැට් හූපර් සමගින් මාටින් බ්රූඩි ජීවිතය පරදුවට තබමින් මිනීමරු මෝරාව මරා දැමීම සඳහා පිටත් වෙනවා. ඔවුන්ගේ වෑයම සාර්ථක වෙයිද?

    මේ දේශපාලඥයන්ගේ,බලවතුන්ගේ අණසකට යටත් නොවී තම රාජකාරිය,යුතුකම අකුරටම ඉටුකරන්නට වෙර දරන පොලිස් නිලධාරියෙකු පිළිබඳ කතාවක්. එවැන්නනුත් කලාතුරකින් සිටිනවා ඇති. නොඑසේ නම් එවැන්නන් අපට හමුවන්නේ ප්‍රබන්ධ වලින්ම පමණක් ද?

    JawsJaws

    අමෙරිකානු ලේඛක Peter Benchley විසින් රචිත Jaws නවකතාව අසීමිත පාඨක ප්‍රතිචාර දිනාගත්තා.මෙම කතාව ඇසුරින් නිමවූ හොලිවුඩ් අධ්‍යක්ෂක Steven Spielberg ගේ Jaws (1975) සිනමාපටය ලොව පුරා අතිශය ජනප්‍රිය වූ නිර්මාණයක්. මෙම කෘතිය “මෝරා” යන නමින් විශිෂ්ඨ අයුරින් සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ චන්දන මෙන්ඩිස් මහතා විසින්.

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    New Zealand vs Sri Lanka ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී

    New Zealand vs Sri Lanka තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...

    Hima Mal Renu හිම මල් රේණු – 58

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කුමක් කියන්නට යනවාද කියා මා සිතේ වූයේ කුතුහළයකි. "ඔයාම කියනවනේ ආරණ්‍යා ...අනුරාග් හොඳ කෙනෙක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page