More
    NewsIndia ගුවන් අනතුරට ප්‍රධාන හේතුව හෙළිවෙයි

    India ගුවන් අනතුරට ප්‍රධාන හේතුව හෙළිවෙයි

    -

    spot_img

    India – පසුගිය ජුනි මාසයේදී පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහ්මදාබාද්හි සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් වන මූලික වාර්තාව එළි දක්වා තිබෙනවා.

    අනතුරට ප්‍රධාන හේතුව යානයේ ඉන්ධන පාලන ස්විච්චය ක්‍රියාවිරහිත කිරීම නිසා එන්ජින්වලට ඉන්ධන සැපයීම නතරවීම බවයි අදාල විමර්ශන වාර්තාවට අනුව පැවසෙන්නේ.

    අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව, එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් තත්පර 01ක කාල පරතරයකින් RUN සිට CUTOFF වෙත මාරු වී ඇති බවත්, නියමු කුටියේ පටිගත දත්ත අනුව ‘RUN සිට CUTOFF වෙත මාරුකළේ ඇයි’ දැයි එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් අසා ඇති බවත්, එහෙත් තමා එසේ නොකළ බව අනෙක් නියමුවා ඊට පිළිතුරු ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

    යානය අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ Pilot flying ලෙස නියමු Clive Kunder ද Pilot Monitoring ලෙස නියමු Sumeet Sabharwal ද සිට ඇති අතර පටිගත වූ අදාල දෙබස කවුරුන් විසින් කාහට කියන ලද්දැක් දැයි තවමත් පැහැදිලි වී නොමැති බවයි වාර්තා වන්නේ.

    මෙම පාලන ස්විචය ස්වංක්‍රියව ක්‍රියා නොකරන අතර, එය ගුවන් නියමුවන් විසින් සිදුකළ යුතු කාර්යයක් බවද, එලෙස ඉන්ධන ස්විචය අක්‍රිය වන්නේ අතිශය දුර්ලභ අවස්ථාවකදී බවද ගුවන් විශ්ලේෂකයන් පවසනවා.

    පසුගිය ජුනි 12 වැනිදා ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් අනතුරට පත් යානය අහ්මදාබාද් ගුවන් තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩා වැටී අනතුරට ලක්වූ අතර, ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page