I choose her මම ඇයව තෝරාගතිමි
ඇගේ මුදු වදන්වලට අවනතව
සෑම දිනකම මම ඇය වෙත එමි
ඇගේ මුදු වදන්
මිහිරැතිය….
මගේ නිවහන ඇයයි
මා වෙනුවෙන් බලා සිටින්නිය
සැනසුම විරල ලෝකයක
ඇයයි මා සතු සැනසිල්ල….
මම ඇයවම තෝරාගතිමි
සැකයකින් තොරවම
ඇයට,
ඇගේ මුදුබවට
ආලය කරමි.