More
    FeaturesGovernment policy statement වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකය අපිට...

    Government policy statement වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකය අපිට දීලා නෑ

    -

    spot_img

    Government policy statement -10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (නොවැ: 21) ආරම්භ වූ අතර අනතුරුව ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී. පළමුව තමා ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ලබාදුන් ජනවරමට ස්තූතිවන්ත වන බවත් සියලු පුරවැසියන්ගේ උවමනාවන් ඉටුකිරීමට තම රජය බැඳී සිටින බවත් ඒ සඳහා වග වන බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රත්පත්ති ප්‍රකාශයේදී විශේෂ කරුණු කිහිපයක් මතු කොට දැක්වීය. ඉන් ප්‍රධාන කාරණය වුයේ යළි මෙරටෙහි ජාතිවාදී දේශපාලනයට ඉඩක් නොමැති බවත් කවර ආකාරයේ හෝ ආගමික අන්තවාදයකට හිස එසවීමට ඉඩ නොදෙන බවත් ය. “කිසිවෙකුට අපේ රටේ දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…” යනුවෙන් අවධාරණය කළ ජනාධිපතිවරයා, මහජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුව තුළ දක්වන අදහස් සියල්ල ජනතාව දැනගත යුතු බව ද ප්‍රකාශ කළේය.

    ශක්තිමත් රාජ්‍ය සේවයකින් තොරව කිසිවිටෙකත් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් සෑම පුරවැසියෙක්ම තමන්ගේ ආගම, සංස්කෘතිය හා භාෂාව අනුව හුදකලා විය යුතු නැති අතර නීතියේ විධානය ආධිපත්‍ය රැකිය යුතු බවත් නීතියට උඩින් කිසිවෙකු නොමැති බව සියලු දෙනාම දැනගත යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, නීතිය ගැන ජනතාවගේ බිඳ වැටුණ විශ්වාසය යළි ඇති විය යුතු බව අවධාරණය කළේය. එමෙන්ම පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ අපරාධයන් ගැන යළි විමර්ශනයට ලක්කර වින්දිතයින්ට සාධාරණත්වයත්, අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමත් කළ යුතු බව පෙන්වා දුන් ඔහු, “ආන්දෝලනයට තුඩුදුන් අපරාධයන්, එහි වග උත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන්ව නීතිය හමුවට ගෙන යන බවටත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරන බවටත් අපි ඔබට සහතිකයක් දෙනවා…” යනුවෙන් පොරොන්දු වුයේය.

    IMF කාර්ය මණ්ඩල ගිවිසුම ලබන 23 වන දා අත්සන් කළ හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ගමනේ ඉතාමත් තීරණාත්මක පියවරක් බව පැවසීය.”ආර්ථිකය බිඳ වැටීමට ඉඩනොදී සෑම පැත්තකින් සියුම්ව කල්පනා කරලා තීරණ ගත යුතු අවස්ථාවකට අපි ඇවිත් තියෙනවා. අපිට වැරදි කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම කරදී නෑ. අත්වැරදීමක් හෝ කරන්න අවස්ථාවක් මේ ආර්ථිකයෙන් අපිට උරුම නෑ. ඒ නිසා සියුම් සෑම තැනක්ම අපි සලකා බැලිය යුතුයි.” යනුවෙන් ඔහු සිය අදහස විස්තර කළේය.

    රාජ්‍ය වියදම් වෙනුවෙන් එළැඹෙන මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් දෙසැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන බවත් ලබන වසරේ පෙබරවාරි මාසයේ අග දී අයවැය ඉදිරිපත් කර එය මාර්තු මාසයේ දී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසු ජනාධිපතිවරයා, අලුත් පරිවර්තන යුගය සාර්ථක කරගැනීමට පාර්ලිමේන්තුවේ සියලුදෙනා සහාය දක්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව වැඩිදුරටත් පවසා සිටියේ ය. මේ සටහන ලියන මොහොතේ ජනාධිපතිවරයා තව දුරටත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරමින් සිටිනු ලැබිය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page