ArtGoing In Style: අරමුණු කරා ළඟාවෙන්න වයස බාධාවක්ද?

Going In Style: අරමුණු කරා ළඟාවෙන්න වයස බාධාවක්ද?

-

spot_img

Going In Style: වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියලා කියනවනේ. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා කියලා ඔප්පු කරන්න පුලුවන් කතාවක් තමයි මේ. Going In Style හොඳට හිනාවෙමින් නරඹන්න පුලුවන් වගේම හිතන්න දේවලුත් ඉතිරි කරන කතාවක්.

විනෝදයෙන් ජීවිතය ගත කරන්න, අරමුණු කරා ළඟාවෙන්න වයස බාධාවක්ද? ඇත්තෙන්ම නැහැ!

මේ කතාව Joe, Willie සහ Albert කියන වියපත් මිතුරන් තිදෙනා ගැන. ජීවිතයේ හැම අවධියකටම පොදු දෙයක් තමයි ප්‍රශ්න.මේ තුන්දෙනාටත් තම තමන්ගේ ප්‍රශ්න තිබුනා. පවුල්වල ප්‍රශ්න. මුදල් ප්‍රශ්න.

දවසක් Joe බැංකුවට යනවා. මේ අවස්ථාවේ බැංකුවට කඩාවදින වෙස් මුහුණු පැළඳි හොරුන් තිදෙනෙක් එහි තිබූ මිලියන ගණනක මුදල් රැගෙන පළායනවා. මර බියෙන් බිම වැතිරී මේ දර්ශනය බලා සිටින වයසක Joe ට අදහසක් එනවා.

බැංකු මංකොල්ලයක් සිදු කරන්න!

Willie සහ Albert මුලින් මේ අදහසට එකඟ නොවුනත් තමන්ගේ ප්‍රශ්න ගැන සිතාබලා එයට එකඟ වෙනවා. තුන්දෙනා මුලින්ම කරන්නේ supermarket එකකින් බඩු හොරකම් කිරීම. කිසිම සැලසුමක් නැති මේ වැඩේ නිසා මේ තුන්දෙනා ඉතාම හාස්‍යජනක සිදුවීම් පෙළකට මුහුණ දෙනවා.

මේක හරියන්නෙ නෑ. හොරකමක් උනත් සැලසුම්සහගතව සිදුකල යුතු බව හිතන මේ තුන්දෙනා ඒ සඳහා උපදෙස් ගන්න සුදුසු කෙනෙක් මුණගැහෙනවා. ඔහු Jesus..Professional අපරාධකරුවෙක්.

ඊට පස්සෙ මොකද වෙන්නෙ? මේ යාළුවො තුන්දෙනාට පුලුවන් වෙයිද බැංකු මංකොල්ලය සිදු කරන්න?

මේ තිදෙනාගේ දිගු කාලීන මිත්‍රත්වය අපූරුයි.මිත්‍රත්වය යනු සම්පතක්. අපි අපේ සමීපතමයන් වෙනුවෙන් කාලය වෙන් කළ යුතු වග, පවුලක ඇති වටිනාකම ගැන මේ කතාව පහදා දෙනවා.

එතකොට ප්‍රේමය?

ප්‍රේමයත් මේ කතාවේ තියෙනවා. ජීවිතයට සහකරුවෙක්, සහකාරියක් අවශ්‍යයි. Love, sex මේ හැමදෙයින්ම නොඅඩු බැඳීමක්. ඉතින් එහෙම බැඳීමක් ඔබ සතු කරගන්න ඔබේ වයස බලපාන්නෙ නෑ..

ජීවිතය යනු සුන්දර විහිළුවක් බවත්,බැරෑරුම්ව සිතීමට තරම් දෙයක් එහි නොමැති බවත් මා අසා තිබෙනවා. එය සත්‍යයක් වග මේ කතාව පසක් කර දෙනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

රත් දෝතළු – 67

රත් දෝතළු - 67 විහඟ මේ කුමක් කියනවාද කියා මට සිතාගන්නට නොහැකිය. ඔහු කරන්නේ විහිළුවක් නොවන බව ඔහුගේ මුහුණින්ම මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you