More
    NewsGang Rape ගැබිනි මව සමූහ දූෂණය කර නිදහස්වූ වරදකරුවන්...

    Gang Rape ගැබිනි මව සමූහ දූෂණය කර නිදහස්වූ වරදකරුවන් නැවත බන්ධනාගාරයට

    -

    spot_img

    Gang Rape – නිදහසින් පසු ආගමික නොසන්සුන්තාවයේ දරුණුතම සිදුවීමක් අතරතුර ගැබිනි කාන්තාවක් සමූහ දූෂණය කිරීම සහ ඇගේ පවුලේ අය ඝාතනය කිරීමේ සිදුවීමට, සාක්ෂි විකෘති කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සහ වෛද්‍යවරුන් දෙදෙනෙකු වරදකරුවන් බව ඉන්දීය අධිකරණය විසින් තීන්දු කරන ලදී.

    2002 වසරේදී බටහිර ගුජරාට් ප්‍රාන්තයේ ඇති වූ ආගමික කෝලාහල අතරතුර Bilkis Bano සමූහ දූෂණයට ලක් වූ අතර ඇගේ ඥාතීන් හත් දෙනෙකු මරා දමන ලදී. ඇගේ දූෂකයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. මෙම කෝලාහල සමයේ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වුයේ වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi ය. ඔහුගේ භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් නායකත්වය දෙන ගුජරාට් ප්‍රාන්ත රජය විසින් පිහිටුවන ලද උපදේශක මණ්ඩලයක් විසින් ගනු ලැබූ තීරණයකට අනුව වරදකරුවන් වසර 14 ක් සිරදඬුවම් විඳීමෙන් පසු 2022 අගෝස්තු මාසයේදී නිදහස් කරන ලදී. ප්‍රාන්ත රජය ගත් මෙම තීරණය ඊයේ [8 වෙනි සඳුදා] ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ අතර ඔවුන් නැවත බන්ධනාගාරයට යැවීමට නියෝග කළේය.

    Gang Rape

    බානෝට එරෙහි අපරාධය සිදු වූයේ 2002 පෙබරවාරි මාසයේදී ගුජරාටයේ බහුතර හින්දු සහ සුළුතර මුස්ලිම් ප්‍රජාව අතර සියවස් ගණනක් පැරණි බෙදීම් පුපුරා ගිය අවස්ථාවේදීය. එය ඉන්දියාවේ දරුණුතම ආගමික කෝලාහලවලින් එකක් වූ අතර, 1,000 කට වැඩි පිරිසක් මරණයට පත්වූ අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මුස්ලිම්වරු වූහ. ඒ වන විට 21 හැවිරිදි ගැබිනියක් වූ බිල්කිස් බානෝ, සමූහ දූෂණයට ලක්ව තිබුණේ, හින්දු ආගමික කෝලාහලකරුවන් අතිනි. එම පිරිස ඇගේ 3 හැවිරිදි දියණිය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයින් 14 දෙනෙකු ඝාතනය කර තිබිණි. ඇය උසාවියට පවසා තිබුණේ, මිනිසුන් කඩු, පොලු සහ දෑකැති රැගෙන ඔවුන් වෙත දිව ආ බවයි. උසාවි ලේඛනවලට අනුව, එක් අයෙක් ඇගේ කුඩා දියණිය අල්ලා පොළොවේ ගසා ඇත. මිනිසුන් තිදෙනෙක් ඇයව දූෂණය කළ අතර අනෙක් අය ඇගේ සහෝදරියන්ට, නැන්දාට සහ ඔවුන්ගේ දියණියන්ට පහර දී තිබේ.

    Gang Rape

    සෑම විනාඩි 17කට වරක්ම කාන්තාවක් දූෂණයට ලක්වන බව රජයේ දත්ත පෙන්වන රටක, මෙම වරදකරුවන් නිදහස් කිරීම මුස්ලිම්වරුන්ට පමණක් නොව සමස්ථ කාන්තා අයිතීන්ටම එල්ල වන ප්‍රහාරයක් ලෙස පෙන්වා දුන් බානෝගේ ආධාරකරුවන්, මෙම උසාවි තීන්දුව උත්සවශ්‍රීයෙන් සමරනු දක්නට ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

    -CNN News ඇසුරෙනි- by Manveena Suri, Aishwarya SIyer and Jessie Yeung.

    Image Source: Geo TV / Getty Image

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page