More
    FeaturesFrank Caprio ලොව හොඳම විනිසුරුවරයාගේ කතාව

    Frank Caprio ලොව හොඳම විනිසුරුවරයාගේ කතාව

    -

    spot_img

    Frank Caprio යනු සුප්‍රකට අමෙරිකානු විනිසුරුවරයෙකු සහ දේශපාලඥයෙකි. පසුගිය අගෝස්තු 20 වැනිදා ඔහු මෙලොව හැරගියා. ඔහු සතු සුවිශේෂී ගුණාංග නිසාම මිනිසුන් ඔහුව හැඳින්වූයේ “ලොව හොඳම විනිසුරුවරයා” ලෙසින්.

    Frank Caprio

    අමෙරිකානු – ඉතාලි සම්භවයක් සහිත පවුලක ඔහු උපත ලබන්නේ 1936 නොවැම්බර් 23 Rhode Island හි Providence නගරයේදී. ඔහුගේ පියා සතුව පලතුරු කඩයක් තිබුණා. සාධරණය, දයානුකම්පාව වැනි ගුණාංග තමා ඉගෙන ගත්තේ කුඩා කාලයේ සිටම බැව් ඔහු වරෙක සඳහන් කර සිටියා. Providence විද්‍යාලයෙන් සහ බොස්ටන්හි Suffolk නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු මහජන ආරක්ෂකවරයෙක් වශයෙන් නීති වෘත්තිය ආරම්භ කළා. ඉන් අනතුරුව Providence හි නාගරික අධිකරණ විනිසුරු බවට පත් වූ අතර වසර තිහකට අධික කාලයක් එහි කටයුතු කළා.

    Frank CaprioFrank Caprio

    විනිසුරුවරයෙකු වශයෙන් ඔහු තුළ වූ සාධාරණත්වය, දයානුකම්පාව වැනි ගුණාංග කාගේත් සිත් ගත්තා. ෆ්රෑන්ක් විනිසුරුවරයා වරදකරුවෙකුට දඬුවම් ලබා දෙනවාට වඩා එම තැනැත්තාව නිවැරදි මගට ගැනීම ( පුනරුත්ථාපනය ) සඳහා කටයුතු කළා. මිනිසුන්ව තේරුම් ගැනීම, කාරුණිකබව සහ ආතති සහගත අවස්ථා හාස්‍යජනක ලෙසින් හැසිරවීම වැනි කාරණා ඔහුව ආදරණීය චරිතයක් බවට පත් කළා. සාධාරණ සහ යුක්තිගරුක අන්දමින් ඔහු නඩු මෙහෙයවන අන්දම Caught in Providence යූටියුබ් නාලිකාව ඔස්සේ මිලියන දෙක ඉක්මවූ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹුවා.

    Frank Caprio

    නීති ක්ෂේත්‍රය තුළදී පමණක් නොව ඉන් පිටතදීත් ඔහු මිනිසුන්ට කාරුණික වූවා. පුණ්‍යාතන සඳහා සිය දායකත්වය ලබා දුන් ඔහු විවාහ වුණේ Joyce E Caprio සමගින්. ඔවුන්ට දරුවන් පස්දෙනෙක් සිටිනවා. ඕනෑම අයෙක් අතින් වැරදි සිදුවන බවත් වඩාත් වැදගත් වෙන්නේ සමාජය වැරදිකරුවෙකුට දක්වන ප්‍රතිචාරය බවත් ඔහු පවසා සිටියා. ඔහු කටයුතු කළේ මෙලොව වඩාත් යහපත් තැනක් කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගනිමින්.

    ” මම කරන පුංචිම යහපතකින් පවා මම සහ ලෝකය යන දෙකම යහපත් වේ.” ඒ ඔහුගේ වචන. කාරුණිකත්වය අවම ලෝකයක, අනෙකාව අවබෝධ කරගනිමින්, කාරුණික වෙමින් ලෝකය යහපත් තැනක් බවට පත් කිරීමට වෙර දැරූ Frank Caprio වැනි මිනිසුන් මේ ලෝකයට වඩ වඩාත් අවැසි ය.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page