More
    ArtDushra මෙවුන්දම් ගෙතූ රතීගේ කතාව

    Dushra මෙවුන්දම් ගෙතූ රතීගේ කතාව

    -

    spot_img

    Dushra – වසර 35කට අධික කාලයක් ප්‍රංශ සිනමාවේ සහ රූපවාහිනියේ රඟපාමින්, එරට ජනප්‍රිය තරුවක් වූ ලක්ෂාන් අබේනායක ප්‍රධාන චරිතයකට ජීවය දෙමින් සිංහල සිනමාවට එක්වන “දූෂ්රා” සිනමා සිත්තම එළඹෙන අගෝස්තු 09 වන දින සිට, MPI සිනමා මණ්ඩලයේ සිනමා ශාලා ප්‍රධානව, දිවයින පුරා තිරගත වීමට නියමිතය. මෙය කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් ප්‍රකටව සිටින චන්න දේශප්‍රිය තිර රචනය ලියමින් ප්‍රේක්ෂකයා වෙත රැගෙන එන දෙවන සිනමා නිර්මාණයයි.

    සිය රුවැති සිරුර වෙළෙඳ මෙවලමක් කරගනිමින් ආර්ථිකය සවිමත් කර ගැනීමට වෙර දරන රතී නමැති සොඳුරු යුවතියත්, ඇයගේ පෙම්වතා වූ, රැකියා විරහිත අනිල් හා අන්සතු පුරවමියක් අපහරණය කර රඳවා තබා ගන්නා ලකී යන චරිත ත්‍රිත්වය ප්‍රධාන කර ගනිමින් තිරයේ දිග හැරීමට නියමිතව ඇති “දූෂ්රා”, වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමා සිත්තමක් ලෙසින් ප්‍රදර්ශනය කෙරේ. මෙහි චරිත නිරූපණයෙන් තිලක්ෂිණී රත්නායක, ලක්ෂාන් අබේනායක, සජිත ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩි ද සිල්වා, වසන්ති රන්වල, රුවන් මදනායක, ජයනාත් බෝදාහන්දි, නදීශානි පේලිආරච්චි, සමන්ත පරණලියනගේ සහ රෝහිත් මාන්නගේඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක් වී ඇත.

    Dushra Sinhala movieDushra Sinhala movie

    සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවලද, කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායකත්, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජේවර්ධන, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත රචනයෙන් අශෝක හඳගම, ගීත ගායනයෙන් රෝහිත ජයලත් සමඟින් නිපුණි සාරධාද, සම නිෂ්පාදනයෙන් හසානි කිතලගමද එක්වී ඇති “දූෂ්රා”මාර්ක් ටෙසියර් හා ලක්ෂාන් අබේනායක විසින් නිෂ්පාදනයකි.

    ✍🏻 ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page