More
    ArtDushra මෙවුන්දම් ගෙතූ රතීගේ කතාව

    Dushra මෙවුන්දම් ගෙතූ රතීගේ කතාව

    -

    spot_img

    Dushra – වසර 35කට අධික කාලයක් ප්‍රංශ සිනමාවේ සහ රූපවාහිනියේ රඟපාමින්, එරට ජනප්‍රිය තරුවක් වූ ලක්ෂාන් අබේනායක ප්‍රධාන චරිතයකට ජීවය දෙමින් සිංහල සිනමාවට එක්වන “දූෂ්රා” සිනමා සිත්තම එළඹෙන අගෝස්තු 09 වන දින සිට, MPI සිනමා මණ්ඩලයේ සිනමා ශාලා ප්‍රධානව, දිවයින පුරා තිරගත වීමට නියමිතය. මෙය කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් ප්‍රකටව සිටින චන්න දේශප්‍රිය තිර රචනය ලියමින් ප්‍රේක්ෂකයා වෙත රැගෙන එන දෙවන සිනමා නිර්මාණයයි.

    සිය රුවැති සිරුර වෙළෙඳ මෙවලමක් කරගනිමින් ආර්ථිකය සවිමත් කර ගැනීමට වෙර දරන රතී නමැති සොඳුරු යුවතියත්, ඇයගේ පෙම්වතා වූ, රැකියා විරහිත අනිල් හා අන්සතු පුරවමියක් අපහරණය කර රඳවා තබා ගන්නා ලකී යන චරිත ත්‍රිත්වය ප්‍රධාන කර ගනිමින් තිරයේ දිග හැරීමට නියමිතව ඇති “දූෂ්රා”, වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමා සිත්තමක් ලෙසින් ප්‍රදර්ශනය කෙරේ. මෙහි චරිත නිරූපණයෙන් තිලක්ෂිණී රත්නායක, ලක්ෂාන් අබේනායක, සජිත ඇන්තනි, ශ්‍යාම් ප්‍රනාන්දු, ස්ටීව් ඩි ද සිල්වා, වසන්ති රන්වල, රුවන් මදනායක, ජයනාත් බෝදාහන්දි, නදීශානි පේලිආරච්චි, සමන්ත පරණලියනගේ සහ රෝහිත් මාන්නගේඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක් වී ඇත.

    Dushra Sinhala movieDushra Sinhala movie

    සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවලද, කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායකත්, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලකී විජේවර්ධන, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත රචනයෙන් අශෝක හඳගම, ගීත ගායනයෙන් රෝහිත ජයලත් සමඟින් නිපුණි සාරධාද, සම නිෂ්පාදනයෙන් හසානි කිතලගමද එක්වී ඇති “දූෂ්රා”මාර්ක් ටෙසියර් හා ලක්ෂාන් අබේනායක විසින් නිෂ්පාදනයකි.

    ✍🏻 ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page