More
    spot_imgspot_imgspot_imgspot_img
    ArtDiary Of a wimpy kid - දඬුවම් කරල විතරක්...

    Diary Of a wimpy kid – දඬුවම් කරල විතරක් දරුවො හරියට හදාගන්න පුළුවන්ද?

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Diary Of a wimpy kid – මේ ඔබට බොහොම හුරුපුරුදු පුංචි පවුලක් ගැන කතාවක්. මේ පවුලේ ඉන්නෙ අම්මා,තාත්තා සහ පුතාලා තුන්දෙනා. වැඩිමලා Rodrick Heffley. දෙවැන්නා Greg Heffley. දඟකාරකම්වලට නම් දැරුව,දඟවැඩකට ඕනම වෙලාවක ඔට්ටු,යන යන තැන කරදර දාගන්න අපිව ගොඩක් විනෝදයට පත් කළ මේ දෙන්නා ලෝකය පුරාම ගොඩක් ප්‍රසිද්ධයි. Diary Of a Wimpy Kid චිත්‍රපට මාලාව ගැනයි මේ සටහන.

    2010,2011,2012 සහ 2017 වසරවල තිරගත වූ මේ චිත්‍රපට මාලාව Family/Comedy ගණයට අයත්. අමෙරිකාවේ ජීවත් වූ මධ්‍යම පාන්තිකයන් වන Heffley පවුලේ පියා Frank Heffley,ඔෆිස් එකක වැඩ කළා. අම්මා Susan ගෘහණියක්. බාලම දරුවා Manny, වැඩිමලා Rodrick. ඔහු High school එකේ අධ්‍යාපනය හැදැරුවා, Loded Diper සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට පිස්සු වැඩ කළා. කතා නායකයා පවුලේ දෙවැන්නා Greg Heffly. Middle school එකේ ඉගෙනගත්ත මෙයා අනිත් අයව අමාරුවෙ දාන්න දක්ෂයි.

    Diary Of A Wimpy Kid

    මේ තමයි වැදගත්ම දේ. මේ කතාව නිකම්ම නිකං Comedy එකක් විදිහට අත්හැර දමන්න බැහැ. පවුලක් තුළ එකිනෙකා හා සබඳතා පවත්වා ගන්නා ආකාරය (බුද්ධිමත්ව) සහ එකිනෙකා තේරුම් ගන්නා ආකාරය පිළිබඳව ලොකු පාඩමක් මේ කතාවෙන් කියා දෙනවා. දෙමාපියන් දරුවන්ට දඬුවම් ලබා දෙනවා.බැණ වදිනවා,පහර දෙනවා. නමුත් Frank සහ Susan තම දරුවන්ට දඬුවම් දෙන ආකාරය දෙමව්පියන්ට පාඩමක්. ඔවුන් දරුවන්ව ප්‍රසිද්ධියේ අපහසුතාවට පත් කරන්නේ නැහැ, යළි එම වරද නොකරන්නට,තම වරද ඔවුන්ට අවබෝධ වන්නට ඔවුන් දෙදෙනා ඉඩ හරිනවා. අනිත් දේ තමයි සහෝදර බැඳීම. එකට දඟකාරකම් කරල හරි කමක් නෑ,සහෝදර බැඳීම් ගොඩාක් වටින බව තේරුම් ගන්නවනං.

    Diary Of A Wimpy Kid

    Diary Of a wimpy kid චිත්‍රපට මාලාව නිම වී ඇත්තේ අමෙරිකානු ලේඛක Jeff Kinney ගේ Diary Of a wimpy kid කතා මාලාව ඇසුරෙන්. පොත් 19 කින් සමන්විත මේ කතා මාලාව පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීමටත් ඉතාම සුදුසුයි.

    Diary Of A Wimpy Kid

    Latest news

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 07

    Hima Mal Renu හිම මල් රේණු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපයක් එකතු කොට ගෙන සංවිධානය කරන ලද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට...

    Hima Mal Renu හිම මල් රේණු – 06

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කතා කරන තුරු මම බලා සිටියෙමි. ඔවුන් දැන් මිතුරන් නොවීමට හේතුව කුමක්ද ?...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page