More
    TravelDampe Village බොල්ගොඩ වැව් ඉස්මත්තේ සතුටු සාමිචියට සාද සන්ධ්‍යාවට...

    Dampe Village බොල්ගොඩ වැව් ඉස්මත්තේ සතුටු සාමිචියට සාද සන්ධ්‍යාවට තැනක්!

    -

    spot_img

    Dampe Village – ගෙවෙමින් පවතින කාලය ලංකාවේ සියල්ලටම පාහේ එතරම් සුබදායි එකක් නොවේ. ආර්ථිකව මෙන්ම මානසිකවද මිනිසුන් ඇත්තේ විඩාබරව ය. ඒ සියල්ලටම බොහෝ දෙනෙකු සොයන්නේ විවේකය සහ විනෝදයයි. කාර්යබහුල ජිවිතයෙන් මද හෝ අස්වැසිල්ලක් ලබාගැනීම පිණිස ඊට සුදුසු පරිසරයක් තිබීම ඉතා වැදගත් ය. ඔබේ සිතිවිල්ල එය නම් බොල්ගොඩ වැව් ඉස්මත්තේ පිහිටි “දම්පෙ විලේජ්” ඊට කදිම හා සුදුසුම ස්ථානයයි.

    කොළඹ සිට මෙන්ම අනෙක් පලාත්වල සිට වුවද, පහසුවෙන් ලඟා විය හැකි පිළියන්දල නගරයේ සිට කිලෝමීටර් හතරකට අඩු දුරින් පිහිටා ඇති දම්පෙ විලේජ්, කදිම සංචාරක ගමනාන්තයකි. වසර 15 කට වඩා වැඩි අතීතයකට නෑකම් කියන මෙය ආරම්භ කර ඇත්තේ, එක් උත්සව ශාලාවක් සහ කාමර පහකිනි. අද වන විට මෙහි උත්සව ශාලා දෙකක්, සම්මන්ත්‍රණ ශාලාවක් සහ එළිමහන් උත්සව සඳහා ඉතා අලංකාරව සකසන ලද උද්‍යනයකින් සමන්විතය. එමෙන්ම අති සුඛෝපභෝගී කාමර 5 කින් හා සුඛෝපභෝගී කාමර 11 කින්ද, 40 කට වඩා වැඩි සේවක සංඛ්‍යාවකින්ද යුක්ත වීම සිය පාරිභෝගිකයින් ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරයි.

    dampe Villagedampe Village

    එළිමහන් උත්සව සඳහා සැකසුණු උද්‍යානයට යාබදව, බොල්ගොඩ වැවට මුහුණලා පිහිටි නාන තටාකය මෙහි විශේෂ තැනක් හිමිකරගනී. සෑම කාමරයක් සඳහාම වායු සමීකරණ, උණුවතුර, සැටලයිට් රුපවාහිනී සහ ශීතකරණ පහසුකම ලබාදී තිබීම සිත් ගන්නා සුළුය. එකවර වාහන 200 කට වඩා නවතා තැබිය හැකි රථ වාහන අංගනයකින් සමන්විත වීමද සේවාදායක ආකර්ෂණය දිනුවකි. දෙස්, විදෙස් ආහාර වට්ටෝරු, බිම වර්ග මෙන්ම සුහදශීලි කාර්ය මණ්ඩලය එහි පහසුව තවත් වැඩි කරයි.

    Dampe VillageDampe VillageDampe VillageDampe Village

    ඔබට දම්පෙ විලේජ් වෙතින් පමණක්ම ලබාගත හැකි විශේෂ වරප්‍රසාද කිහිපයක්ද පවතී. ඒ, කණ්ඩායම් හෝ ආයතන, පවුලේ අයට, තනි පුද්ගලයින්ට සහ ආදරවන්තයින් වෙනුවෙන්ම සැකසු පැකේජ් ක්‍රමයයි. ඒවා නාන තටාකය, කාමර, විවාහ උත්සව සහ ආයතනික හමුවීම් සඳහා වෙන්, වෙන් වශයෙන් හඳුන්වා දී තිබේ. “ආප්ප වට්ටිය”, “කොත්තු සාජ්ජේ”, “A Romantic Escape”, “Day out set menu” යනු ඒවායින් කිහිපයකි.

    Dampe VillageDampe VillageDampe Village

    ඔබේ ආර්ථික සහ සමාජ වටපිටාවට සරිලන ඕනෑම තෝරාගැනීමක් කළ හැකි මෙන්ම සාකච්ජා කොට තමන්ගේ සිතැඟි පරිදි සකසා ගත හැකි අවස්ථාවන් තිබීම දම්පෙ විලේජ් වෙතින් ඔබට ලබාදී ඇති අනගි තිළිණයන් ය. ඉතින් තවත් ප්‍රමාද නොවී, කොළඹ අවටම පිහිටි නිහඬ, නිස්කලංක නිවාඩු නිකේතනය ඔබේ විඩාබර ජිවිතයට අස්වැසිල්ලක් ලබාගැනීම සඳහා තෝරාගන්න.

    දුරකථන: 0094 112 707 516 / 0094 759 300 477 

    Kanishka Perera
    General Manager – Dampe Village

    විද්‍යුත් තැපෑල: dampevillage@yahoo.com             
    වෙබ් අඩවිය: www.dampevillage.lk   

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page