Clara Zarco නිරූපණ ශිල්පිනියක්. මේකප්, ආලේපන අඩුවෙන් භාවිතා කරන ස්වභාවික සුන්දරත්වය එලෙසින්ම පවත්වා ගැනීමට උත්සාහ කරන නිරූපණ ශිල්පිනියක් ලෙසින් ඇය ප්‍රකටයි. මේ, සුන්දරත්වය පිළිබඳව ඇය සමග කළ කතාබහක්.
• ක්ලාරා, ඔයාව මුල්ම වතාවට දකින කෙනෙකුට එක වාක්‍යයකින් ඔයාව හඳුන්වල දෙන්න පුළුවන්ද?
මම, අනිත් අයව උද්‍යෝගිමත් කරන්න, සතුටු කරන්න කැමති ප්‍රීතියෙන් පිරුණු කෙනෙක්.

• නිරූපණ ක්ෂේත්‍රයට ආස හිතුනෙ ඇයි?
වෙනසකට ඇති කැමැත්ත. මම වෙනස් දෙයක් සොයමින් සිටියා, මට සහයෝගය දුන්න මාව දිරිමත් කෙරුව අයට ස්තූතිවන්ත වෙන්න මට හොඳ දෙයක් ලැබුණා. මම තුළ විශාල පරිවර්තනයක් ඇති වුණා. ඒ විතරක් නෙමේ පුදුමාකාර යහළුකම් ලැබුණා.

• ඡායාරූප ශිල්පී ජේවියර් සමඟ ඔයාගෙ photoshoot එක හරි ලස්සනයි. ඔබ සුන්දර මොහොතක් ගත කළ බව පෙනෙනවා ඒ දවස ගැන කියන්න .
ජේවියර් කියන්නෙ විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක්. ඊට අමතරව ඔහු හොඳ මිත්‍රයෙක්. ඡායාරූප ශිල්පියෙක් අනිවාර්යයෙන්ම ලස්සන ෆොටෝස් ගන්න දන්නවා. ඒ නිසා වැදගත්ම දේ වෙන්නෙ එයා නිරූපිකාව එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන දේ. ඔහු එය හොඳින්ම දන්නවා. දිගු කාලීන මිත්‍රත්වයක් ඇති කර ගන්න හැටි ඔහු දන්නවා. ඔහු හරිම සුවපහසු, විශේෂ සහ ලස්සන හැඟීමක් ඇති කරන කෙනෙක්. ඒ සුන්දරත්වය ෆොටෝස්වල පවා දැකගන්න පුළුවන්. කැටලෝනියාවේ කොස්ටා බ්‍රාවා (මගේ ප්‍රියතම ස්ථානවලින් එකක්) විශේෂයෙන්ම කැලෙල්ලා ඩි පලෆ්‍රගෙල් හරිම සුන්දර තැනක්. මේ තැන්වල රූගත කළ නිසා ඔහුත් සමඟ සුන්දර කාලයක් ගත කළා.
• ඇත්තටම මම ඔයාගේ ස්වභාවික පෙනුමට ගොඩක් කැමතියි. ඔයා කොහොමද ලස්සන කියන දේ නිර්වචනය කරන්නේ?
ස්තූතියි, ඔයා මගේ පෙනුමට කැමති වීම ගැන ගොඩක් සතුටුයි. මම හිතන විදිහට, ලස්සන කියන්නෙ ස්වභාවිකත්වය සහ අව්‍යාජ සිනහවක් තියෙන එක. ඇත්ත වශයෙන්ම සැබෑ සුන්දරත්වය කියන්නෙ බාහිර පෙනුමට වඩා අපේ අභ්‍යන්තරය ලස්සන වීම. අපේ personality එක, වැඩ කරන, කතා කරන විදිහ. බාහිර පෙනුම කියන්නෙ කවචයක් විතරයි. සුන්දරත්වයේ වැදගත්ම කොටස වෙන්නෙ ඇතුළතින් අපි කවුද කියන දේ. රූපය සදාකාලික නැහැ. නමුත් අපේ අභ්‍යන්තරය, අපේ ගතිගුණ සදාකාලිකයි. මිනිස්සුන්ට මතක තියෙන්නෙත් ඒක.

• විවේක ගන්න බාර්සිලෝනාවල ඔයා කැමතිම තැන මොකක්ද?
බාර්සිලෝනාවල මම කැමතිම සහ නිදහස්ම තැන බීච් එක. කිලෝමීටර් 12 ක් විතර දිග කැස්ටල්ඩෙල්ෆල්ස් සක්මන් තීරුව දිගේ ඇවිදින්නත් මම හරිම ආසයි, පුංචි කාලෙ යොවුන් කාලේ සහ වගේම දැනුත් මම නිතරම වගේ එතැනට යනවා. මුහුද අයිනෙ ඇවිදිමින්, හුළඟෙ සද්දෙ අහමින්, ශීත ඍතුවේත් ගිම්හානයේදීත්. එතැනදි මට හරිම නැවුම් බවක් දැනෙනවා. විවේකයක් සඳහා ප්‍රියතම තැන එතැන .
• කෝපි ද තේ ද?
මම කෝපි වලට කැමතියි. ඕට් කිරිත් මික්ස් කරලා තමයි ආසම.
• බීච් එකද ටවුන් එකද?
100% ක්ම බීච් එක. මීන ලග්නෙ නිසාමද මන්දා මම වතුරට හරි ආදරෙයි. ජල ක්‍රීඩා, පිහිනීම, මුහුද මේ හැම දෙයක්ම. එය නිදහස සහ refresh වීම වගේ දැනෙනවා. මම දවසක මුහුද ළඟ ජීවත් වෙන්න හීන දකිනවා.




