More
    spot_img
    NewsChamara Weerasinghe ICU ඉන්නෙ ඇයි?

    Chamara Weerasinghe ICU ඉන්නෙ ඇයි?

    -

    spot_img

    Chamara Weerasinghe – ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන චාමර වීරසිංහ, සංගීත ප්‍රසංගයක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමත් සමඟම, ඔහුගේ රෝගී තත්වය පිළිබඳ සමාජය තුළ විවිධ කටකතා පැතිරෙමින් තිබේ. තුලන Mag වෙත අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති, ඔහු දැනට ප්‍රතිකාර ලබමින් සිටින කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පෙනහළු තුළ ඇතිවූ අබාධයක් හේතුවෙන් කෘතීම ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙන් [Ventilator Machine] චාමර වීරසිංහ, දැනට එම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ [ICU] පසුවන බවයි.

    පෙනහළු ආශ්‍රිත රෝගී තත්වයන්, එම රෝගීන් සඳහා Ventilator Machine භාවිතා කිරීමේ හේතුව යන කාරණා පිළිබඳව, අප කොළඹ ජාතික රෝහලේ Neuro Trauma Center හි Clinical Physiotherapist උදය සම්පත් ජයතිලක [B.sc [bio] B.sc [PT], UK Reg PT] මහතාගෙන් විමසීමක් කළෙමු.

    Udaya Sampath Jayathilaka“කිසියම් රෝගියෙකුට සාමාන්‍ය ලෙස හුස්ම ගැනීමේ අපහසුවක් පවතින අවස්ථාවක තමා කෘතීම ශ්වසන ආධාරක මඟින් හුස්ම ගැනීමේ පහසුව ලබාදීම කරන්නෙ. පෙනහළු ආශ්‍රිත රෝගී තත්වය ගැන කතාකරද්දී, පෙනහළු වල සම්මත තත්වය තමා, ශරීරයට ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිටකිරීම. නමුත් කෙනෙක්ට පෙනහළු වල ආබාධයක් තියනකොට ශරීරයෙන් කාබන්ඩයොක්සයිඩ් පිටකරගැනීමේ ක්‍රියාවලියට බාධා ඇතිවෙලා Consciousness level එක අඩුවෙනවා. ඒ වෙලාවට තමා යන්ත්‍රයක් ආධාරයෙන් ඒක කරන්නේ. පෙනහළු අබාධ ඇතිවන ප්‍රධාන ක්‍රම දෙකක් හඳුනාගන්න පුළුවන්. පළවෙනි එක තමා උපතේදීම ඇතිවන තත්වය. දෙවෙනි එක අයහපත් සෞඛ්‍ය පුරුදු නිසා ඇතිවන තත්වය. උපතේදීම ඇතිවන තත්වය ගැන කතාකරද්දී අඩු මාස වලින් ඉපදීම, ඇදුම වැනි නිධන්ගත රෝගත් හේතුවක් වෙනවා. අනිත් කාරණයේදී විශේෂයෙන්ම දුම්පානයට ඇබ්බැහි වුණු කෙනෙක් මේ රෝගී තත්වයට පහසුවෙන් ගොදුරු වෙනවා. ඊට අමතරව නාගරික පරිසරයක ජීවත්වෙන අයට නොයෙකුත් විෂ වායු නිතර ආඝ්‍රහනය කිරීම තුලිනුත් මෙම පෙනහළු ආශ්‍රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඉතින් මේ රෝගී තත්වය පාලනය කිරීමේ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට තමා Ventilator Machine ආධාරයෙන් ශරීරයට ඔක්සිජන් ලබාදීමත් කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් පිට කිරීමත් කරන්නේ. මේක කරන්නේ මුඛ මාර්ගයෙන් බටයක් ශ්වාසනාලයට ඇතුල් කිරීම මඟින්. ඒ අතරතුර රුධිර පරීක්ෂණ,ස්කෑන් පරීක්ෂණ මඟින් පෙනහළුවල නිව්මෝනියා තත්වය ගැන අධීක්ෂණය කරනවා. මේ තත්වයේදී තියන එක අවධානමක් තමා සමහරුන්ගේ ශ්වාසනාලය ආශ්‍රිත මාංශ පේශීන් සංකෝචනය වීම නිසා මේ බටය නැවත ශ්වාසනාලයෙන් ගැලවීමේදී අපහසුතා ඇතිවන එක. නමුත් ඒක බොහොම කලාතුරකින් සිද්ධවෙන දෙයක්.”

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    New Zealand vs Sri Lanka ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී

    New Zealand vs Sri Lanka තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...

    Hima Mal Renu හිම මල් රේණු – 58

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කුමක් කියන්නට යනවාද කියා මා සිතේ වූයේ කුතුහළයකි. "ඔයාම කියනවනේ ආරණ්‍යා ...අනුරාග් හොඳ කෙනෙක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page