NewsBorella accident බොරැල්ල අනතුර සිදුකළ රියදුරු ගංජා පානය කර...

Borella accident බොරැල්ල අනතුර සිදුකළ රියදුරු ගංජා පානය කර ඇත්තේ දින 4කට පෙර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

-

spot_img

Borella accident –  (28) දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන අගෝස්තු 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, එම සිද්ධියට සම්බන්ධ දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් එම අධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

නඩුව ඊයේ (ජූලි 29) කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ බොරැල්ල පොලීසියේ නිලධාරීන්, ඊයේ පෙරවරු 8.45ට පමණ බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ සිදුවූ මෙම මාරක රිය අනතුර හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයන් හත් දෙනකු බරපතළ තුවාල ලබා තිබෙන බව සඳහන් කර තිබෙනවා.

මෙම රථය පැදවූ සැකකාර රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව තිබෙන බවත්, මෙම රථයේ එන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මකව පැවති බවත්, එන්ජිම අක්‍රීය කරන ස්විචය ක්‍රියාත්මක නොවූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම රථයේ හිමිකරුද අදාළ වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බවත්, මෝටර් රථ වාහන පනතේ 169 වන වගන්තියට අනුව මෙවැනි වාහනයක් ධාවනය කරන රියදුරෙකු පැය 8-12 අතර කාලයක් එම ධාවනයේ යෙදෙන්නේ නම් ඊට පෙර පැය දහයක විවේකයක් ලබාදිය යුතු බව සඳහන්ව තිබුණත්, අදාළ රථයේ හිමිකරු විසින් රියදුරුට එවැනි විවේකයක් ලබා දී නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි නිලධාරීන් අධිකරණයට පවසා තිබෙන්නේ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකාර රියදුරු කඩුවෙල දෙස සිට කිලෝමීටර් දහයක් පමණ කිසිදු ආබාධයකින් තොරව මෙම රථය ධාවනය කර තිබෙන බවත්, හදිසියේ තිරිංග අක්‍රියවීම ඔහුගේ පාලනයෙන් තොර කටයුත්තක් බවත්, ඔහුට මෙවැනි වාහනයක් පැදවීමට අවශ්‍ය කරන යෝග්‍යතා සහතික තිබෙන බවත් සඳහන් කර ඇති අතර අදාළ ලේඛනද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ රථය පැදවූ අවස්ථාවේදී සැකකරු ගංජා පානය කර සිටි බවට පොලීසිය ප්‍රකාශ කළත්, එවැනි මත්ද්‍රව්‍යයක් ඔහු විසින් පානය කර තිබෙන්නේ දින හතරකට කලින් බවත්, අදාළ වාහනය පදවන අවස්ථාවේ ඔහු කිසිදු මත්ද්‍රව්‍යයක් පානය කර නොසිටි බවත්, තමන්ට හැකි ආකාරයෙන් ඔහු හානිය අවම කර ගැනීමට උත්සාහ කර ඇති බවයි නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකාර රියදුරු ලබන අගෝස්තු 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you