TravelBevary City Hotel වැව් බැඳි රාජ්ජේ වෑදිය නිල්ලේ නිවාඩුවක්

Bevary City Hotel වැව් බැඳි රාජ්ජේ වෑදිය නිල්ලේ නිවාඩුවක්

-

spot_img

Bevary City Hotel – අනුරාධපුර පුජා නගරයේ පිං සුවඳ මුසුව, ඓතිහාසික තිසා වැව පිස හමනා සුළං රැළි වලින් නිරන්තර සිසිල්ව ඇති,නාගරික කාර්බහුල බවෙන් දුරස්ව පිහිටි නිහඬ,නිස්කලංක නිවාඩු නිකේතනයකි. එහෙත් පුජා නගරය මාධ්‍යයේ පිහිටි මෙය අනුරාධපුර ගොඩගේ මාවත ඔස්සේ පැමිණි විට විනාඩි 5-10ත් අතර කාලයකින් ළඟා විය හැකි දුරක පිහිටා තිබේ. අනුරාධපුර උසාවිය සහ නගර සභාව අතර පිහිටා ඇති Bevary City Hotel ආරම්භ කර ඇත්තේ 2013 වසරේදීය.

Bevarly City HotelBevary City Hotel

දේශීය සංචාරකයින් වෙනුවෙන්ම සකසා ඇති බෙවරී හෝටලය, විශේෂයෙන්ම පුජා නගරය වැඳ,පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පරිදි මානසික සුවයෙන් එහි කල් ගත කිරීමට හැකිවීම ප්‍රධානය. පවුලේ සාමාජිකයින් සමඟ පොදු ප්‍රවාහන සේවයක [දුම්රියේ හෝ බස්රියේ] පැමිණෙන්නේනම් ඔවුන් වෙනුවෙන් අනුරාධපුර නගරයේ සිට හෝටලය වෙත පැමිණීමට ප්‍රවාහන පහසුකම් සැළසිමටද බෙවරී හෝටලය සුදානම්ය. එමෙන්ම පුජා නඟරය වැඳ ගැනීමට යෑම සඳහා හෝටලයේ සිට පුජා නගරයටද ප්‍රවාහන පහසුකම් සපයා දෙනු ඇති. තවද තනි පුද්ගලයන් ලෙස නගරයේ සිරි නැරඹීමට අවැසි අය සඳහා පාපැදි වලින් ගමන් කිරීමට පාපැදි ලබාදීමේ පහසුකමද ඔවුන් සතුව පවතී.

Bevary City HotelBevary City Hotel

කාමර 12කින් සමන්විත මෙම හෝටලයේ කාමර බෙදා ඇත්තේද විශේෂිත ආකාරයෙනි. සාමාන්‍ය සහ වායුසමීකරණ සහිත කාමර පහසුකම් තිබෙන අතරම තනි කාමරයක් තුළ තිදෙනෙකුට,සිව් දෙනෙකුට සහ හය දෙනෙකුට නවාතැන් ගත හැකි ආකාරයට කාමර නිර්මාණය කර තිබීම අනෙක් නවාතැන්පලවල් හා සසඳද්දී බෙවරී හෝටලයටම ආවේණික වූ ක්‍රමයකි. සෑම කාමරයකටම උණු වතුර, සැටලයිට් රුපවාහිනී සම්බන්ධතා සහ අන්තර්ජාල පහසුකම් නොමිලේම ලබාදී තිබීම අනෙක් සුවිශේෂ කාරණයයි. වන්දනා නඩයක් ලෙස පැමිණෙන්නේ නම් 50 දෙනෙකුට පමණ එකවර පහසුවෙන් ලැගුම් ගත හැකි අතර පුජා නගරයට අමතරව මෙහි සිට මිහින්තලයට ඇත්තේ අතේ දුරය. තවද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ සෆාරි අත්දැකීමක් විඳ ගැනීම, රිටිගල කන්ද තරණය සඳහා අවශ්‍ය පහසුකම් සළසා දීමටද ඔවුන් සුදානම්ය.

Bevary City HotelBevary City Hotel

ඔබට අවශ්‍ය ආකාරයට දෙස්,විදෙස් ආහාරපාන පළපුරුදු සුපවේදීන් ලවා සකසා ගත හැකි අතර ඔබ විසින් සකසාගෙන පැමිණෙන හෝ පිටතින් ඇනවුම් කරගන්නා ආහාරපාන හෝටලය තුළ පාවිච්චි කිරීමට කිසිඳු බාධාවක් නොමැත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අවශ්‍ය කිරි ආහාර සකසා දීමද හෝටල් සුපවේදීන් විසින් සිදු කරනු ලබයි. පවතින ආර්ථික තත්වය යටතේ ඉතාම සහනදායි මිලකට, විශ්වාසවන්ත සහ ආරක්ෂාකාරී නවාතැන් පහසුකම් සහිත සේවාවක් සඳහා බෙවරී සිටි හෝටලයේ හිමිකරු සෙනත් අබේවර්ධන ඇතුළු කාර්ය මණ්ඩලය වගකීමෙන් බැඳී සිටී. ඓතිහාසික පුරවරයක ශ්‍රී විභූතිය රාජකීය ලීලාවෙන් දැක බලාගැනීමට සහ විඳ දරාගැනීමට ඔබේ මීළග චාරිකාවේ නවාතැන ලෙස Bevary City Hotel වෙන්කර ගැනීමට පහත සබඳතා හරහා ඔවුන්ව සම්බන්ධ කරගන්න.

                                                                     Mr. Senath Abeywardena owner of the hotel.

Bevary City Hotel

Bevary City Hotel.
No: 277,
Godage Mawatha,
Anuradhapura.
0712228555
0772553346
0252223406
Facebook Page: Bevary City Hotel

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you