SportsAsia Cup 2025 බංග්ලාදේශයේ ජය නිසා ශ්‍රී ලංකාවත් ආසියානු...

Asia Cup 2025 බංග්ලාදේශයේ ජය නිසා ශ්‍රී ලංකාවත් ආසියානු කුසලානයේ අවදානමේ

-

spot_img

Asia Cup 2025 – ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තීරණාත්මක තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ලකුණු අටකින් පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 154ක් රැස් කළා. ටන්සිඩ් හසන් පන්දු 31කදී ලකුණු 52ක් රැස් කිරීමට සමත් වුණා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 146ක් පමණයි.

තරඟයේ වීරයා සම්මානය දිනාගත් නසූම් අහමඩ් පන්දුවාර හතරකදී ලකුණු 11කට කඩුලු 02ක් දවා ගනිමින් බංග්ලාදේශයේ ජය මාවත විවර කළා. මෙම ජයග්‍රහණයත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ‘බී’ කාණ්ඩය උණුසුම් වී තිබෙනවා. ඒ, තරඟාවලියේ අවසන් හතර දෙනාගේ වටයට පිවිසීම සඳහා එම කාණ්ඩයේ කණ්ඩායම් තුනකටම දැන් අවස්ථාවක් උදාවී තිබීම හේතුවෙන්. ශ්‍රී ලංකාව ද සිටින්නේ ‘බී’ කාණ්ඩයේයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර හෙට පැවැත්වෙන තීරණාත්මක තරඟයේ ප්‍රතිඵලය මත ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් හතර දෙනාගේ වටයට ‘බී’ කාණ්ඩයෙන් පිවිසෙන කණ්ඩායම් දෙක තීරණය වනු ඇති.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you