NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 48

Tharu Mal Viyan තරු මල් වියන් – 48

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන් – 48

සිතේ වූයේ කිව නොහැකි හැඟුම් සමුදායකි. දුක වේදනාව මෙන්ම පාළුවක් තනිකමක්ද අංජලී සිතට දැනුණ මුත් ඈ එම හැඟීම් සිත පුරා ඔඩු දුවන්නට නොදී වළකා ගත්තාය. තමා දුර්වල නොවිය යුතුය. සිත ශක්තිමත් කරගෙන ජීවිතයට මුහුණ දිය යුතුය. යම් අරමුණක් ඇතිව ජීවත් විය යුතුය. නිවැසියන් මෙන්ම මිතුරියන්ද සිහි වී සිතට දැනුණ ශෝකී හැඟීම පවා ඈ සිතෙන් පළවා හැරියාය. පසුගිය දිනවල ගයානි නොසළකා හරිමින් ඇයට තමා එපා වන ලෙස හැසිරුණු ආකාරය ගැන සිහි වී ඇගේ සිතට දුකක් නොදැනුණා නොවේ. නමුත් මේ සියල්ල සැළසුම් කොට කරන ලද ඒවාය. එයින් පවා ගයානිට වඩා රිදුණේ තමාට නොවේද…? ඈ සුසුමක් මුදා හරිමින් සිතේ වූ දොම්න්ස් සහගත බව පළවා හැරීමට උත්සාහ කළාය. පසුදින උදෑසන පටන් මෙරිටා සහ වික්‍රම සමඟ එකතුව අංජලීද යාබද නිවස අස්පස් කර ගැනීමට ඔවුනට සහාය වූවාය. එහි අස්පස් කිරීමට තරම් කියා දෙයක් නොවීය. මීට පෙර කුලියට ගෙන සිටි අය වෙනත් නිවසකට ගොස් තිබුණේ මීට මාස කීපයකට පෙරය. ඉන්පසුව නිවස අලුතින් තීන්ත ගා අලුත් වැඩියා කොට තිබුණද සුදුසු අයෙකු නොවූ නොවූ නිසා වසා දමා තිබිණි.

“අපිට දැන් මේ කිසිදෙයකින් ඇති වැඩක් නැහැ දරුවෝ…අපිට හිටපු එකම දරුවත් නැති වුණාට පස්සේ මොකටද මේ දේපළ…?”

මෙරිටා කතා කළේ ශෝකයෙනි.

“ඕවා ගැන දැන් කතා කරලා වැඩක් නැහැ ඩාර්ලින්…මොනවා කරන්නද…මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නැති…කෙනෙක් අපේ ජීවිත වලින් යන්න යනකොට අපිට තව කෙනෙක්ව එවලා තියනවා…”

අංජලී දෙස බලා වික්‍රම කියන විට මෙරිටාද ඈ දෙස බලා මෘදු සිනහවක් පෑවාය. ඒ කතාව අංජලීගේ සිතට වඩාත් බලපෑවේය.

“ජීවිතේ එහෙම තමා අපි ඒවට හුරු වෙන්න ඕන…”

සුසුමක් හෙළමින් වික්‍රම යළිත් කීය.

අංජලීට රැකියාවක් සොයා දුන්නේ දොස්තර වික්‍රමගේ මිතුරෙකුගේ මාර්ගයෙනි. තුෂර ලබා දී තිබූ සේවා සහතිකයද ඊට රුකුළක් විය. ඔහුටත් නොදන්වාම පැමිණියා නම් සේවා පළපුරුද්දක් නොමැති කම නිසා රැකියාවක් සොයා ගැනීම අසීරු වීමටද ඉඩ තිබුණ බවක් ඇයට සිහි වූයේ මේ මොහොතේය.
කෙසේ නමුත් ඇයට සුදුසු රැකියාවක් ලැබීම ගැන නම් ඈ සතුටු වූවාය. සිතට සැහැල්ලුවක් දැනුණා සේම ඈ වික්‍රමට ස්තූති කළාය.

“ඒක මොකක්ද දරුවෝ…ඔයා හොඳින් වැඩ ටික කරගෙන යන්න…අපිත් ඉන්නවානේ ඕන දේකට…”

ඔහු පැවසුවේ එවැන්නකි.
——————————————————————————————————
සඳුදින උදෑසනම ඒමට සිතා සිටියද ගයානිත් රංගිකාත් ඉරුදින සවසම පැමිණියේ අංජලී නවාතැනේ තනිවම සිටි නිසාත් ඇයව පුදුම කරවීමේ අදහසිනුත් යුතුවය. නමුත් ඔවුන් නවාතැනට පැමිණෙන විට අංජලී මිතුරියකගේ නිවසට පිටත්ව ගිය බව රේණුකා කීවේ ගයානි මවිත කරමිනි.

“කවුද අනේ ඒ…අපි නොදන්න යාළුවා…?”

රංගිකා අසුවේ මවිතය පළ කරමිනි.

“මදැයි එයාව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන අදම ආවා…අන්තිමේදි අපි සර්ප්‍රයිස් වුණේ…”

ඔවුන් දෙදෙන කාමරයට පැමිණියේ බලාපොරොත්තු කඩවය. ගයානි යහන මත හිඳ ගත්තේ අංජලීගේ අංකයට ඇමතුමක් ගනිමින් වුවද එය තවමත් ක්‍රියා විරහිත කළ ගමන්ය.

“මෙයා ෆෝන් එක ඕෆ් කරන්…”

ජංගම දුරකථනය පසෙකට දමමින් ඈ යහන මත වැතිර ගන්නා විට රංගිකා විත් ජනේලය හැරදැමුවේ කාමරය මඳ අඳුරක ගිලී තිබූ නිසාය. අසුන ඇද හිඳ ගන්නට සූදානම් වන මොහොතේදීය ඈ මේසය මත වූ දිගු ලියුම් කවරය දුටුවේ. එම අත් අකුරු ඇයට හුරුය. අංජලීගේ අත් අකුරින් එය ලියා තිබුණේ ගයානිටය.

“ගයා…මේක දැක්කද ඔයා…?”

ලියුම් කවරය පෙන්වමින් රංගිකා අසන විට වැළමිටට බරදී ගයානි ඉස්සී බැලුවේ නොසැළකිළිමත් ලෙසිනි.

“මොකක්ද ඔය…?”

“මංදා…බලන්න…”

දෙවුර සලමින් රංගිකා කියන විට ගයානි යහන මතින් නැඟිට ඈ වෙත පැමිණියේ අලසවය.

“ලියුමක්…?”

ඇගේ හඬේ මවිතයක් වූ අතර ඈ ලියුම් කවරයෙන් ලියුම පිටතට ගත්තේ කළබලයෙනි. එය අංජලී ලියූවකි.

“අංජලී ලියපු එකක්…රංගි…”

ඈ රංගිකා සමඟම යහන මත හිඳ ගෙන ලිපිය කියවන්නට වන විට රංගිකාද එයට එබුණාය. මෙය අදහාගන්නට නොහැකිය. ගයානිට එය කියවා නිම කරන්නට නොහැකි විය. ඇගේ දෑස් කඳුලින් බොඳ වන විට ඈ ලියුම රංගිකාට දී හඬන්නට වූවාය. රංගිකා ඉතිරිය කියවන්නට වූයේ සිතේ ඇති වූ දැඩි වේදනාවකිනි. එය කියවා අවසන් වන විට ඇයද හඬමින් සිටියාය.

“මෙහෙම දෙයක් මං හිතුවේවත් නැහැ රංගි…එයා කොහේ යන්න ඇත්ද…මට බයකුත් දැනෙනවා…අපි දෙන්නා ඇරෙන්න එයාට වෙන යාළුවෝ හිටියේ නැහැනේ…”

ගයානි ඉකි ගසමින් කියවන්නට වූවාය.

“අපි දැන් මොකද කරන්නේ ගයා…? සුදු අයියාට කියන්න වෙනවා…”

ගයා කඳුළු පිස ගනිමින් එයට හිස සැළුවාය.

“අපි මොනවද කියන්නේ…? මට නම් මේ මොකුත් හිතා ගන්න බැහැ රංගි…එයා මේ හැමදේම ප්ලෑන් කරලා…එයා මාව රිද්දුවේ එයාවම එපා කරවන්න හිතාගෙන වෙන්නැති…”

ගයානි යළිත් හඬන්නට වූයේ රංගිකාවද හඬවමිනි.

“අනේ මන්දා…මම ආදිට කතා කරලා කියන්නම්…සුදු අයියට කියන්න කියලා…”

ගයා කඳුළු සළමින්ම ඊට එකඟව හිස සැළුවාය.
——————————————————————————————————
ආදි පැවසූ පුවතින් මේනක කලබලයට පත් විය. අංජලී ආගිය තැනක් නොපවසාම යන්නට ගොසිනි. ඈ සුනේන්ද්‍රගේ නිවසට ගියා වන්නට නොහැකිය. කෝකටත් කියා හේෂාන් සුනේන්ද්‍රට ඇමතුමක් ගත්තේ නිකමට ඇමතූ බවක් හඟවමිනි. ඇමතුම ගත්තේ නිල්මිණීය. සුනේන්ද්‍රට තවම කතා බහ කරන්නට නොහැකිය. අංජලී පැමිණ ගිය බවක් ඈ ඔහු හා පැවසුවාය. ඒ මීට මාසයකටත් පෙර දිනකය. බලාපොරොත්තු සුන් වූ සිතින් හේෂාන් දුරකථන කතා බහ නිම කරන විට ඉන්ද්‍රාණි ඇතුළු සියළු දෙන බලා සිටියේ කුමක් සිදුව ඇතිදැයි කියා සිතා ගත නොහැකිය.

“කෙල්ල මොකුත් කරදරයක් කරගෙනවත්ද කියලායි මට බය…”

හේෂාන් කීවේ සිත් තැවුළෙනි.

“නැහැ…නැහැ…එහෙම දෙයක් කරගන්න තරම් නංගී මෝඩ නැහැ…ලියුමේ තියනවාලුනේ හැමෝගෙන්ම ඈත් වෙලා යන්න යන්නේ කියලා…”

ගිම්හානි වහා කීවාය.

“අපි පොලීසියේ ඇන්ට්‍රියක් දාමුද…?”

ඉන්ද්‍රාණි ඇසුවේ බියෙනි.

“එහෙම කරන්න හොඳ නැහැ…ඊට පස්සේ නංගී ඒකටත් තරහා වෙයි…අනික ලැජ්ජා වෙන්නේ එයායි…අපි බලන් ඉමු…ගයා කියන විදියට නංගී ජොබ් එකක් හොයාගෙන තමා ගිහින් තියෙන්නේ…එයා තුෂරට කියලා තියනවා යනවා කියලා…”

ඉන්ද්‍රාණි නිහඬ වූයේ ශෝකී සිතිනි.

“අපි කොහොමහරි එයාව හොයාගන්න ඕන…”

මේනක කල්පනාකාරී හඬකින් කීය.

“නැහැ පුතේ…මේ වෙලේ හොඳම දේ තමා ඒ ළමයාට පාඩුවේ ඉන්න ඉඩ දෙන එක…එයා මෙහෙම තීරණයක් ගත්තේ හිතේ වේදනාව නිසා…අපි එයාව හොයන් ගිහින් එක්ක ආවත් එයා කවදාවත් සතුටින් ඉඳියි කියලා හිතන්න පුළුවන්ද…?”

සිරිවර්ධන පෙන්වා දුන්නේ නොදුටු පැත්තකි. ඔහු කියන්නේද ඇත්තක් කියා ඔවුනට සිතිණි. එසේනම් කළ යුත්තේ නිහඬව සිටීමද..?

“ඔව්…ඒ කතාවත් ඇත්ත තමා…දුව එහෙම කළේ හිතේ අමාරුවෙන් නිසා අපි එයාව හොයන් ගියා කියලා එයාට වෙන හොඳක් නැහැ…අපිට බලන් ඉන්න තමා තියෙන්නෙ…”

ඉන්ද්‍රාණිද ඒ කතාව අනුමත කරමින් කීවාය. මේ අතර තුෂරද රේණුකාගේ නිවසට පැමිණ සිටියේ ගයානි දුන් ඇමතුම නිසාය. ඔහු පැවසූ තොරතුරු වලින් හෙළි වූයේ අංජලී රැකියාවක් සොයාගෙනම පිටව ගිය බවකි.

“අංජලී ලොකු දුකක් හිතේ හිර කරන් ඉන්නවා කියලා මට තේරුණත් ඔයා අහන්න එපා කියපු නිසා මං මොකුත් ඇහුවේ නැහැ…එයා අයින් වෙලා යනවා කියලාවත් කාටවත් කියන්න එපා කිව්වා…”

ගයානි ඔහු කියන්නක් අසා සිටියේ විසල් කරගත් දෙනෙතිනි.

“එයා කිව්වේ නැත්ද කොහෙද යන්නේ…මොකක්ද ජොබ් එක කියලා…?”

“නැහැ ගයා…එයා ඒ ගැන අහන්නත් එපා කිව්වා…මට බලෙන් අහන්න බැහැනේ…”

තුෂර කියන විට ගයානි සුසුමක් හෙළුවාය.

“කමක් නැහැ…එයාගේ හිත හැදෙනවානම්…කොහෙ හරි හොඳින් පරිස්සමෙන් ඉන්නවා නම්…”

යළිත් ගලා ගිය කඳුළක් පිස දමමින් ගයානි කීවාය.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you