Travelහෝර්ටන් තැන්නට නොදෙවෙනි සඳතැන්න

හෝර්ටන් තැන්නට නොදෙවෙනි සඳතැන්න

-

spot_img

හෝර්ටන් තැන්නට නොදෙවෙනි සඳතැන්න – Thulana Travel to Sandathenna

හෝර්ටන් තැන්න දෙස් විදෙස් කාගෙත් ආකර්ෂණය ලද ඉතා සුන්දර භූමියකි. ජෛව විවිධත්වයෙන් හා පුරා විද්‍යාත්මක වටිනාකම අතින්ද විශේෂිත අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ මහ එළිය නමින් බව සඳහන් වෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200ත් 3000ත් පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි උසම තැනිතලා භූමියද වන ලොව මවිත කළ හෝටන් තැන්න වසර මුළුල්ලේම සංචාරකයන්ගෙන් පිරී පවතී.

නුවරඑළියේ සංචාරය කරන ඔබ නොවරදවාම යන හෝර්ටන් තැන්නට නොදෙවෙනි අසිරිමත් ඉතා මනස්කාන්ත වූ ස්ථානයක් දැක බලා ගැනීමට අපට වාසනාව ලැබුණි. මෙතෙක් නුවරඑළියේ නුදුටු ආකර්ෂණීයම ස්ථානයක් ලෙස මෙය හැඳින්වීම නිවැරැදි යැයි හැඟෙයි. නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් පහක් වැනි ඉතා ආසන්නයේ දුරකින් මෙම ස්ථානය පිහිටා ඇත. සොබා දහමේ අපූරු නිර්මාණයක් වන මෙය සඳතැන්නයි (Moon plain).

Thulana Travel to Sandathenna

නුවරඑළියේ, සීතා එළිය, බීජ අර්ථාපල් ගොවිපොළ අතරින් තවත් කිලෝමීටර් තුනක ගමනාන්තයෙන් අනතුරුව මේ අසිරිමත් ස්ථානය හමුවෙයි. එම ගමන අතරතුර කිලෝමීටර් තුනක් පුරාම ජෛව විවිධත්වය අපූර්වත්වය නරඹමින් ඉමක් කොණක් නොදකින ස්වභාදහමේ විස්මිත නිර්මාණය දැක බලා ගනිමින් සංචාරය කළ හැකිය. සඳතැන්න සංචාරකයන්ට විවෘත කර ඇත්තේ 2004 වසරේදීය. සීතාඑළිය, බීජ අර්තාපල් කෘෂි ගොවිපළ හා නුවරඑළිය මහ නගර සභාව එක්ව මෙය සංචාරකයන්ට විවෘත කර තිබේ. මෙහිලා විශේෂයෙන්ම නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ මහතා විශාල කාර්යභාරයක් කර තිබීම සිහිපත් කළ යුතුය. වසර විස්සක පමණ කාලයක් පුරා දැරූ වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස සංචාරකයන්ට සඳතැන්න දැක බලා ගැනීමේ වාසනාව උදාවී ඇත්තේය.

Thulana Travel to Sandathenna

සඳ තැන්න මුහුදු මට්ටමේ සිට අඩි හයදාස් දෙසීයක උසකින් යුක්ත වූ තැනිතලා භූමියකි. මෙහි යන ඔබට අවට ප්‍රදේශය අංශක 360ක් දර්ශනය වෙයි. අවට නෙත ගැටෙන කඳු අතර උසම කඳු දහයෙන් නවයක්ම දර්ශනය වීම මෙහි ඇති සුවිශේෂී බවයි. එම කඳු නමය අතර පිදුරංගල (අඩි 8281), සිංගල් ට්‍රී (අඩ 6890), කිකිළියාමාන (අඩි 7339), ග්‍රේට් වෙස්ටර්න් (අඩි 7257), කොනිකල් හිල් (අඩි 7339), කිරිගල් පොත්ත (අඩි 7835), තොටුපළ කන්ද (අඩි 7737), හග්ගල (අඩි 7110), නමුණුකුල (අඩි 6358) වෙයි. එසේම හග්ගල, පිදුරංගල හා හෝර්ටන් තැන්න මැදි කරගත් සඳතැන්න ජෛව විවිධත්වයෙන් හා පාරිසරික වටිනාකමින් යුක්ත වූ මනස්කාන්ත ස්ථානයක් ලෙසින් සැලකිය හැකිය. මෙහි සංචාරය කරන ඔබට ශ්‍රී පාදය මෙන්ම ඉර සේවය හොඳින්ම දර්ශනය වන තැනක් ද වෙයි. අගක් මුලක් නැති ඉමක් කොණක් නොපෙනෙන සඳතැන්න ඔබ පුදුම කරවනු නොඅනුමානය.

Thulana Travel to Sandathenna

සඳතැන්නට යන ඔබට උදේ හා සවස් කාලයේදී ගෝනුන් සිය ගණන් නැරැඹීමට වාසනාව උදාවෙයි. එසේම මුවන්, හාවුන්, කුළු හරකුන්, දිවියන්ද දැකබලා ගත හැකිවෙයි. එපමණක් නොව නුවරඑළියට නුහුරු නුපුරුදු මොනරුන්ද සඳතැන්නේදී දැක බලා ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි. ඌව පළාත මෙහි එක් කොනකට සම්බන්ධ වීම නිසා මොනරුන් සංක්‍රමණය වී ඇති බව සංචාරක මඟ පෙන්වන්නෝ සඳහන් කරති.

Thulana Travel to Sandathenna

සඳතැන්න කුරුළු විශේෂ බොහොමයකින් යුක්තය. එම ප්‍රදේශයටම ආවේණික කුරුළු විශේෂ සිටින අතර පැළෑටි, මල් වර්ගද එලෙසමය. බැලූ බැලූ අත සුන්දර දසුන් නෙත ගැටෙන සඳතැන්න රැක ගැනීම අප සතු වගකීමක්ද වෙයි. හෝර්ටන් තැන්නට නොදෙවෙනි වූ සඳතැන්න නුවරඑළියේ සංචාරය කරන ඔබට නැවුම් අත්දැකීමක් ලබා දෙනු ඇත. රට සතු මහඟු සම්පතක් වන සඳතැන්න රැක ගැනීමට නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා මෙන්ම බීජ අර්තාපල් ගොවිපළෙහි නිලධාරීන් ද දරණ උත්සාහයද විශේෂයෙන්ම මෙහිදී පැසසීමට ලක් කළ යුතුය.

Sandathenna
සටහන හා ජායාරුප ශාන් බන්දු වීරසිංහ
Thulana travel - sandathenna
නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පෙගමගේ

 

                                                                                                             

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයකට ඉරානයෙන් ප්‍රතිචාර

අමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය පවසනවා.ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් පවසන්නේ දෙපාර්ශ්වය...
- Advertisement -spot_img

කොල පාට හා නිල් පාට

කොල පාට හා නිල් පාට - The Colors of Life "ඔයාට තව චායි එකක් ගේන්නද? " ගීතා ඇගේ සැමියා භාරත් ගෙන්...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you