NovelsShort Storiesස්වර්ග සිහින

ස්වර්ග සිහින

-

spot_img

ස්වර්ග සිහින – Licorice Dreams

බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය කෙරුවේය. විවාහයට පෙර සිටම වරදේ බැඳුන බෙනඩික්ට්ගේ නරකම ගතිගුණය වූයේ ඔහු ඉතා ඊර්ෂ්‍යා සහගත අයෙක් වීමයි. සිය දරුවන් තමාට වඩා බිරිඳට ආදරය කරන විට ඔහුට එය බලා සිටිය නොහැකි විය. බිරිඳ තම සහෝදරයා හා වැඩිපුර දොඩමළු වෙන විට ඔහු කෝප වුණේය. කවුරුන් හෝ සතුටින් සිටින විට ඔහුට දැණුනේ තරහවකි. එහෙත් ඔහු කිසිවෙකුට ඒ බව ඇඟවූයේ නැති නිසා සමස්යථක් වශයෙන් ගත්කළ බෙනඩික්ට් යනු හොඳ මිනිහෙකි.

දවසක් ඔහු බලු පැටවුන් තිදෙනෙකු සහ බළලුන් දෙදෙනෙකු බේරා ගත්තේය. මැද පෙරදිග යුද්ධ නැවැත්වීමේ අපේක්ෂාවෙන් නිතිපතා හමුදාවට සුළු මුදලක් පරිත්‍යාග කළේය. ඔහු කිසි විටෙකත් තම දරුවන්ට බිරිඳට හෝ සහෝදරයාට නපුරු වුණේ නැත. නිවැරදිවම පැවසුවොත් බෙනඩික්ට් කිසිවෙකුට පහරදී හෝ මරාදමා තිබුණේ නැත. ඒ කොහොම වුණත් ස්වර්ගයේ දොරටු තමාට විවර නොවෙතැයි ඔහු දැන සිටි අතර තමා අපායට යනු ඇතැයි ඔහු බිය විය.

Licorice Dreams

බෙනඩික්ට් පියවරක් ඉදිරියට තැබුවේය. ඔහුට ඉදිරියෙන් බිලියන 999 දෙනා සිටියි. ඔහු ඉදිරියෙහි මාර්ගය සර්පයෙකු මෙන් ඇඹරී තිබේ. මග දෙපස හිස් ය. එය දීප්තිමත් හිස් බවකි. අහසේ තෙතමනය රැඳුන වළාකුළු තිබේ. තමා හරියට වළාකුළු මාවතක සිටිනවාක් මෙනි. තව අඩියක්වත් තැබිය නොහැක්කාක් සේ ඔහුට වෙහෙසක් දැණුනි. තමන් දැනටමත් මිය ගොස් නේ. ඔහු තම දෙපා සෙලවීමට තැත් කළේය. මාර්ගය දෙපස නිරතුරු වෙනස් විය. දැන් එයට තිබුණේ කම්මැලි උදාසීන පෙනුමකි. ඔහුට සැහැල්ලුවක් දැණුනි. සමහර විට මෙම අතරමැදි ස්ථානය ඔහු වැනි ස්වර්ගයත් අපායත් අතර මැද සිටින මිනිසුන් සඳහාද?

බෙනඩික්ට් පිටුපස බැලුවේය. ඔහුගේ නළල රැලි වුණි. කිසිවක් වෙනස් වී නැත. ඔහු පෙරසේම තනිවමය. අඩුම තරමින් ඔහුගේ සහෝදරයාවත් සිටියා නම්..? මාර්ගය එක්වරම කළු පැහැති තාර තට්ටුවක් බවට පත් විය. ඔහුගේ පාදවලට තාරවල රළු ගතිය දැණුනි. මාර්ගයේ ගමන් ගත් ට්‍රක් රථයන්ගේ ටයර් වලින් වැටුණු ගෑස් සහ පැරණි රබර් ගඳද හැමුවේය. ඔහුට බලාපොරොත්තුවක් දැණුනි. සමහරවිට මේ මාර්ගය ඔහුව කොහේට හෝ ගෙනියනු ඇත. නමුත් හාත්පසම පැවතියේ හිස්බවකි. සුසුමක් හෙලූ බෙනඩික්ට් තවත් පියවරක් ඉදිරියට තැබුවේය. ඔහු ඉදිරියෙන් මාර්ගය මාරු වූ පළමු වතාවේ ඔහු සිතුවේ එය නිරයට හෝ ස්වර්ගයට යාමට විසඳිය යුතු ගැටළුවක් බවයි. නමුත් එය විසඳීමට අවශ්‍ය උපදෙස් නොතිබුනේ ඇයි? මෙම අමුතු ස්ථානයේදී ඔහුට වේදනාවක් දැණුනේ නැත. ඔහු තවත් පියවරක් තැබුවේය. එවිට අමුතු දෙයක් සිදු විය. රබර් සහ අපිරිසිදු මාර්ගයේ හුරුපුරුදු සුවඳ ඔහුට දැණුන අතර දණහිස්වල හුරුපුරුදු වේදනාව දැණුනි. ඔහුට ඒ වේදනාව මතකය. පියවර තැබීම නැවතූ ඔහු එතැනම ඉඳ ගත්තේය.

Licorice Dreams

ඔහුගේ ආත්මය සැහැල්ලු වූ අතර අපිරිසිදු මාර්ගයේ ඉඳගැනීමේ පීඩනය ගතට දැණුනි. කුඩාවියේ පාසල් ඇරී එන විටත් ඔහු මෙලෙස ඉඳගත්තා මතකයි. ඒ මතකය සිහිව ඔහුට සිනහවක් නැගුණි. ඔහු හුරුපුරුදු මතක සිහි කිරීමට වෑයම් කළේය. තමන් පාර මැද ඉඳගෙන විවේකයක් ගන්නා අතර, සහෝදරයා ගෙදර දුවයි. බෙනඩික්ට් ගෙදරට ගිය පසු ඔහුගේ කලිසම කිලිටි වී ඇති නිසා අම්මගෙන් බැනුම් ඇසීමට සිදුවේ.

“පාරෙ වාඩිවෙන්න එපා බෙනී ! ඔයා කාලෙ කනව”

බෙනඩික්ට් හිනැහුණේය. අම්මා නිවැරදිය. ඔහු කාලය කා දමා ඇත. ඔහුට වැල්මී මතක් විය. බෙනඩික්ට් වැල්මීවලට කැමති නැත. නමුත් ඔහු ඒවා එපා කියන්නට බිය විය. ඔහු නැගිට ඇවිදීම ඇරඹුවේය. මාර්ගය වටා ඇති අවකාශය සුදු පැහැයට හැරෙමින් තිබුණි. එය හිස්බව වැඩි කළේය. ඔහුගේ දෑස් රිදුම් දුනි. ඒවායේ කඳුළු පිරී තිබුණ අතර ඔහු හඬමින් සිටියේය. ඔහු අඬන එක පුදුමයක් නොවේ. ඔහු වැනි සාමාන්‍ය මිනිසෙකුට වෙනත් කළ හැකි කිසිවක් නොමැත. සැබැවින්ම ඔහු සාමාන්‍ය මිනිහෙකි. ඔහුගේ මිතුරා ඔහුට රැකියාවක් ලබා දුන් විට, ඔහු එය ලබා ගත්තේය. විවාහයට පෙර බිරිඳ ගැබ්ගත් විට, ඔහු ඇයව විවාහ කර ගත්තේය. ඔහුගේ සහෝදරයා ඔහුට වැල්මී දුන් විට, ඔහු එය අපහසුවෙන් වුවත් කෑවේය. දැන් ඔහු මිය ගොසිනි. ඔහුට දැණුනේ කෝපයකි. කඳුළු පිස නොදාම ඔහු හිස්ව ගිය වටපිටාව දෙස බැලුවේය. එය බියජනක විය. ඇවිදීමද එසේමය.

Licorice Dreams

බෙනඩික්ට් කිසි විටෙකත් තම මිතුරා ලබා දුන් රැකියාවට කැමති නොවීය, එය ඔහු ඉදිරියේ තැබූ දෙයක් පමණි. ඔහු තම බිරිඳ වූ පෙම්වතියට ඇත්තටම ආදරය කළේ නැත, නමුත් ඇයව විවාහ කර ගැනීමට සිදු විය. ඔහු වැල්මී වලට වෛර කළ නමුත් ඔහුගේ සහෝදරයා දුන් විට ඒවා කෑවේය. දැන් ඔහුට සැබෑව වැටහෙන්නේ ඔහු මියගොස් ඇති නිසා වෙන්නට ඇත. ස්වර්ගය හෝ නිරය ඔහුව පිළිගනු ඇත. තවත් ඉදිරියට නොයාමට ඔහු තීරණය කළේය. ඉදිරියේ ඇති දෙයක් තෝරාගැනීම අවසන් කළ ඔහු තමා වටා ඇති හිස්බව නොතකා වෙනස්ම දිශාවක් තෝරාගත්තේය. එහි පියමං කිරීම ඇරඹුවේය. මිනිහෙක් දෙවතාවක් මිය යන්නේ නැත.

“මම වැල්මීවලට වෛර කරනවා”

ඔහු කෑගසා පැවසුවේය. ඉන්පසු ඔහු නිදහසේ තම දිශාවට පියමං කළේය.

Licorice Dreams

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Licorice Dreams කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

රත් දෝතළු – 64

රත් දෝතළු - 64 විහඟ කතාකරන දේවල් මම අසා සිටියේ සිතේ වූ සියුම් ශෝකයකින්ද යුතුවය. "අපි හැමෝම සතුටින් හිටියේ ඔයා නිසා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you