සතුට ඔබය
රන් පැහැ දිනයක් උදා වී තිබේ
ඔබ පැමිණ ඇත
මිහිරැති දවස් ඇරඹෙයි….

පෙරදින රැයේ මා දුටු
නපුරු සිහින මැකී ගොස් තිබේ
මා වටා වූ බර ඉවත්ව
සැනසිල්ල සිත වෙලාගනියි….

ඔබ මගේ ඇස් ඉදිරියේය
ඔබ සිටින බව දැනීම
හදවතින්ම ආදරය දීමට
ඔබ සිටින බව හැඟීම……




