Interviewsසතුට තමයි මගේ ජිවිතේ අංක එක

සතුට තමයි මගේ ජිවිතේ අංක එක

-

spot_img

සතුට තමයි මගේ ජිවිතේ අංක එක – Shraddha Kapoor

කලා පවුලක සාමාජිකාවක් වුණ ශ්‍රද්ධා කපූර්ව ගොඩක් දෙනෙක් හඳුනගන්නෙ ආශිකී 2 චිත්‍රපටයෙන්. ඒ ලැබුන ප්‍රේක්ෂක අවධානය එක්ක බොලිවුඩ්වල ජනප්‍රියම නිළියක් වෙන්න ඇයට ලොකු කාලයක් ගියේ නැහැ. ඇය හඳුන්වන්නෙ බොලිවුඩ්වල ඉහළම ගෙවීම් ලබන නිළියක් විදිහට. 

Shraddha Kapoor

තමා ගොඩක් ආදරය කළ Stree චිත්‍රපටයට දායක වෙන්න ලැබීම නිසා 2025 අවුරුද්ද තමන්ට හොඳම අවුරුද්දක් වුණ බවයි ඇය පවසන්නේ. ඒ වගේම යහළුවෙක් ඇයට තෑගි කෙරුව බලු පැටියා small නිසා ඇය මේ දිනවල ගොඩක් සතුටින් කාලය ගත කරන බව සඳහන්. Small ට අමතරව Shyloh, Smore නැමති සුරතල් බව්වන් ද ඈ සතුයි. තමන් මේ වසරේ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කළ බවත් ඇය පවසනවා.
“මට අවශ්‍ය හොඳ චිත්‍රපටවල කොටසක් වෙන්න. මිනිස්සුන්ට මතක හිටින චරිතයක් කරන්න. මම මුළු හිතෙන්ම, හදවතින්ම කැප වෙනවා” 

මින්පෙර තමන් සමග වැඩ කරන්න කැමති අධ්‍යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදන ආයතනවල ලැයිස්තුවක් තමන් සතුව තිබුණත්, දැන් තමන් එසේ නොකරන බව ඇය පවසනවා.
“මම දැන් ලැබෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ගන්න කැමතියි. නීති නැහැ. ඕනම විදිහක කතාවක්. චරිතයක්. ඒක හොඳද නැද්ද කියලා තීරණය කිරීම ප්‍රේක්ෂකයින්ට බාරයි. අපි update වෙන්න ඕනේ. මේ කර්මාන්තයේ අළුත් දේවල් සඳහා විවෘත වෙන්න ඕනේ. සිනමාව ඉදිරියට ගෙන යන්න දායක වෙන්න පුළුවන් වෙන්නෙ ඒ විදිහට. මම ගොඩක් චිත්‍රපටි බලනවා. පරණ හින්දි film වලට, සිනමාවේ මතක හිටින කතන්දර වලට මම ගොඩක් කැමතියි.” 

Shraddha Kapoor

Instagram හි මිලියන 94.3 ක followers සිටින ඇය ජනප්‍රියත්වය ලඟා කරගත්තේ ලෙහෙසියෙන් නොවෙයි.
“මම මගේ Instagram පිටුවේ මම කවුද කියන දේ දැනෙන්න දෙනවා. අව්‍යාජ වෙන එක හරි වටිනවා. ඔබ නොවෙන චරිතයක් වෙන්න උත්සාහ කිරීම පිස්සුවක්. ඔයා ඔයා විදිහටම හිටියම තමයි සතුටින් ඉන්න පුළුවන්. මම ඉන්නෙ එහෙම. මම වෙන ක්‍රමයක් ගැන දන්නෙත් නැහැ ” 

Shraddha Kapoor

 

ඒ වගේම එය ප්‍රේක්ෂකයන් සමග සම්බන්ධවීමට ඇති හොඳම ක්‍රමයක් බවත් ඔවුන්ට පැවසීමට ඇති තරම් අපූරු කතා තමා සතුව ඇති බවත් ඇය පවසනවා.

“තාක්ෂණය සහ social media වගකීමෙන් පාවිච්චි කරන්න ඕනෙ. ඒව මගේ ජීවිතේම නෙමෙයි. මට ඕනෙ වෙලාවට මම post දානවා. මට මිනිස්සුන්ට කියන්න දෙයක් තියෙනව, ඒ තමයි social media වලට අපේ ජීවිතේ අත්පත් කරගන්න දෙන්න හොඳ නැහැ කියන දේ. ඔබේ හදවත අනුගමනය කරන්න. ජීවිතේ reality එකට ලං වෙලා ගත කරන්න. හැම දෙයක්ම කරන්න කාලය වෙන් කරගන්න. ඒ balance එක ඔයාට සැනසීමක් ගෙනත් දෙනවා. ඉතින් බුද්ධිමත් වෙන්න. මම ජීවත්වෙන්නෙ මගේ සතුට අංක එක කරගෙන. මම කරන දේවල්වලට මම ආදරෙයි. අමාරු දවස් මටත් තියෙනවා. එහෙම දවස්වලට මම මුකුත් නොකර, මගේ සුරතල් සත්තු එක්ක ගෙදර නතර වෙලා ආස කෑම කනවා. පුළුවන් හැමවෙලාවෙම මම relax එකේ ඉන්න try කරනවා. ඒක ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. ඔබටම ආදරේ කරන්න. ඔබ ආදරේ කරන සතුටින් තියන දේවල් කරන්න.ඒක අත්‍යවශ්‍ය දෙයක්”

Garzia.com ඇසුරෙනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you