Featuresෂර්ලොක් හෝම්ස්ට පණ දුන් නළුවා Jeremy Brett

ෂර්ලොක් හෝම්ස්ට පණ දුන් නළුවා Jeremy Brett

-

spot_img

ෂර්ලොක් හෝම්ස්ට පණ දුන් නළුවා Jeremy Brett

ලෝකෙ බොහෝ දෙනෙක් ආදරේ කරන රහස් පරීක්ෂක චරිතය ෂර්ලොක් හෝම්ස් බවට සැකයක් නැහැ. ෂර්ලොක් හෝම්ස් පාඨකයන් අතරට ඇවිත් සියවසකට අධික කාලයක් ඉක්මවල ගිහින් තිබුණත් ඔහුගෙ ජනප්‍රියත්වය බිඳක්වත් අඩුවෙලා නැහැ. මේ කතා ඇසුරින් නිමැවුණ චිත්‍රපට, ටෙලි නාට්‍ය අසීමිතයි. ඕනම පාඨකයෙක්ට එක වතාවක් හරි හිතිලා ඇති ෂර්ලොක් හෝම්ස්ව හැබෑවටම මුණගැහෙන්න තිබුණනං, ඔහු ජීවත්වුණ ලන්ඩනයේ බේකර් වීදියේ 221B නිවහනට යන්න තිබුණනං කියලා. සර් ආතර් කොනන් ඩොයිල් පාඨක හිත්වල මැව්ව හෝම්ස්ව, ඔහු ගැන හැමදේම ඇස් ඉදිරියෙ මැව්ව වගේ ජීවමාන කළේ 1984 සිට 1994 කාලය අතර විකාශය වුණ Sherlock Holmes කතාමාලාව. ඒ කතා මාලාව තුළින්, තියුණු නෙත්වලින් හැම දෙයක්ම නිරීක්ෂණය කෙරුව, තරාතිරම නොබලා සෑම කෙනෙකුගෙම ගැටළු විසඳුව ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරීක්ෂකයව ජීවමාන කළේ බ්‍රිතාන්‍ය නළු Jeremy Brett. ඔහු ඒ චරිතය තුළ ජීවත්වුණ බැව් පැවසෙනවා. 

Jeremy Brett

ඔහු ඉපදුණේ 1933 අවුරුද්දෙ නොවැම්බර් 3 එංගලන්තයේ Warwickshire වල. සහෝදරයන් හතර දෙනෙකුගෙන් බාලයා වූ ජෙරමි ඊටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පුංචි කාලෙම ඔහුට ඕනෙ වුණේ නළුවෙක් වෙන්න. රංගනය හැදෑරූ ඔහු වේදිකා නාට්‍යවල රඟපෑවා. ඔහුගෙ දක්ෂකම නිසා Jeremy Brett කියන නම බොහොම ඉක්මන්ට මිනිස්සු අතරට ගියා. ශේක්ෂ්පියර් නාට්‍ය, BBC dramas වල රඟපෑව ජෙරෙමි හරිම ඉක්මනින් හොලිවුඩ් රංගනයට පිවිසුණා. My Fair Lady (1964) චිත්‍රපටයෙන් ඔහු විශාල රසික ආකර්ෂණයක් හිමි කරගත්තා. නිළියක් වූ Anna Massey එක්ක ජෙරෙමි විවාහ වුණේ 1970 අවුරුද්දෙ. ඔවුන්ගේ විවාහය දික්කසාදයෙන් කෙළවර වුණා. ඉන්පස්සෙ ඔහු ඇමරිකානු නිෂ්පාදකවරියක් වුණ Joan Wilson එක්ක විවාහ වුණත් 1985 වසරෙ ඇය මිය ගියායින් පස්සෙ ඔහු හුදකලාවට වැඩි වශයෙන් නැඹුරු වුණ බව පැවසෙනවා.

Jeremy Brett

Jeremy Brettතමන් රඟපෑව අමාරුම චරිතය ෂර්ලොක් හෝම්ස් බව ඔහු වරෙක පවසා සිටියා. බොහෝ දෙනා පවසන්නෙ ඔහු ෂර්ලොක් හෝම්ස් චරිතය රඟපෑවා නොව ෂර්ලොක් හෝම්ස්ට හුස්ම දුන් බවයි. මේ කතාමාලාවෙ අරමුණ වුණේ ආතර් කොනන් ඩොයිල් ලිව්ව ෂර්ලොක් හෝම්ස් කතා ජීවමාන කිරීම. හෝම්ස්ගෙ හැසිරීම්, තියුණු බුද්ධිය, හුදකලාවට ඇති කැමැත්ත වගේ දේවල් පිළිබඳව ගැඹුරු අධ්‍යනයනක යෙදුන ජෙරෙමි චරිතයට උපරිම සාධාරණය ඉටු කළා. ඔහු තුළ වූ හුදකලාවද එයට බලපෑ බව සඳහන්. ෂර්ලොක් හෝම්ස්ට ජීවය දෙමින් සිටින අතරවාරයේම ජෙරෙමිගේ සෞඛ්‍ය තත්වය දුර්වල වෙන්න පටන් ගත්තා. ඔහු bipolar disorder වැනි මානසික අවපීඩන තත්වයන්ගෙන් පීඩා විඳි අතර ඒ සඳහා ලබා ගත් ඖෂධ හේතුවෙන් සිරුරේ බර වැඩිවීම සිදුවුණා. ලෙඩ රෝග මධ්‍යයේ වුවත් ඔහු ෂර්ලොක් හෝම්ස්ට පණ පෙවීම දිගටම සිදු කළා. මානසික සෞඛ්‍යය පිරිහී ගොස් තිබූ අවස්ථාවල පවා කැමරාව ඉදිරියේ ඔහු ලෝකයේ විශිෂ්ටතම රහස් පරීක්ෂකයාව ජීවමාන කළා. ඔහුගේ රඟපෑම් ලොවක් මවිතයට පත් කළා. ෂර්ලොක් හෝම්ස් චරිතය ජෙරමි බ්‍රෙට්ව ජනප්‍රියත්වයේ හිණිපෙත්ත කරා රැගෙන ගියා.

Jeremy Brett

Jeremy Brett

1990 දශකයේ මුල් භාගය වෙනවිට ඔහුගේ සෞඛ්‍යය දරුණු ලෙසටම පිරිහී ගොස් තිබුණා. ඔහුගේ හදවත දුර්වල වී තිබුණා. නමුත් ඔහු අධිෂ්ඨානයෙන් යුතුව රඟපෑම් කටයුතු සිදුකළා. ඔහුගේ අවසන් කාලයේදී ප්‍රේක්ෂකයන්ට හෝම්ස්ගේ පෙනුමෙන් ජෙරෙමි තුළ වූ වෙහෙස දක්නට ලැබුණා. ලොව පුරා ප්‍රේක්ෂකයින් හඬවමින් 1995 සැප්තැම්බර් 12 වන දින වයස අවුරුදු 61 දී මේ විශිෂ්ට නළුවා මෙලොවින් සමුගත්තා.
ජෙරෙමි බ්‍රෙට් හැඳින්වෙන්නේ ඉතාමත් දුර්ලභ චිත්ත ධෛර්යයක් තිබූ රංගන ශිල්පියෙක් විදිහට. ඔහු අවංකව සහ තමන්ගේ උපරිමයෙන් සිය යුතුකම ඉටු කළා. ලොවක් වසඟ කළ ඔහුගේ රඟපෑම අදටත් ජීවමාන වන්නේ ඒ නිසා. ෂර්ලොක් හෝම්ස් පිළිබඳ කොතෙක් ටෙලි කතා චිත්‍රපට නිමවූවද ප්‍රේක්ෂක සිත්වල ඔහු ඇති කළ මතකය අදටත් ජීවමානයි. ජෙරෙමි බ්‍රෙට් නම් වූ මේ විශිෂ්ට රංගන ශිල්පියා කලාව උදෙසා ජීවත්වූ, කලාවට සාධාරණය ඉටු කෙරූ සුවිශේෂී රංගන ශිල්පියෙක් ලෙසින් ප්‍රේක්ෂක හදවත්වල සදාතනිකව ලැගුම්ගෙන තිබෙනවා.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you