පකිස්තානයේ ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවත දිවයිනට පැමිණීමට සූදානම් වන බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනට පකිස්තානයේ සංචාරයක නිරතව සිටින කණ්ඩායමට නියමිත පරිදි සංචාරය ඉදිරියට කරගෙන යන ලෙසයි උපදෙස් දී ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස් නොතකා කිසියම් ක්‍රීඩකයෙකු, ක්‍රීඩකයන් පිරිසක් හෝ සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු නැවත දිවයිනට පැමිණියහොත්, ඔවුන්ට එරෙහි විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන්.



