ලෝක ටෙනිස් පිටියේ විශිෂ්ඨයා – Carlos Alcaraz

වර්තමානයේ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් හැඳින්වෙන්නේ ස්පාඤ්ඤ ක්‍රීඩක Carlos Alcaraz. 2003 අවුරුද්දෙ මැයි 5 වැනිදා ස්පාඤ්ඤයේ Murcia හි උපත ලැබූ ඔහුට කුඩා කාලෙ ඉඳලම ටෙනිස් ක්‍රීඩාව ආගන්තුක දෙයක් වුණේ නැහැ. ඔහුගෙ තාත්තා වැඩ කළේ Tennis Academy එකක අධ්යක්ෂවරයෙක් විදිහට. අවුරුදු හතරෙ ඉඳලම කාලෝස් ටෙනිස් ක්‍රීඩා කරා. දිනපතා ක්‍රීඩා කෙරුව ඔහු පාසල් කාලෙ ඉඳලම කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වුණා. Real Sociedad ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කෙරුව ඔහු වෙත කාගෙත් අවධානය යොමු වුණේ ලෝක ශූර Juan Carlos Ferrero ගෙ ටෙනිස් ක්‍රීඩා ඇකඩමියට සම්බන්ධ වීමත් එක්ක. ඔහුගෙ මගපෙන්වීම එක්ක කාලෝස් ශූරයෙක් වෙන්නෙ අදහගන්නත් බැරි තරම් ඉක්මනින්.
අවුරුදු 15 දි වෘත්තිය ටෙනිස් ක්‍රීඩකයෙක් වුණ කාලෝස් ඒ වයසෙ ක්‍රීඩකයෙක් තුළ දක්නට නොලැබෙන විදිහෙ පරිණත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරා. ඔහුගෙ ක්‍රීඩා විලාශය රසිකයින් වශී කරා. වයස අවුරුදු 18 දී ATP හොඳම ක්‍රීඩකයන් 100 දෙනා අතරට ඔහු තේරුණේ ස්පාඤ්ඤයට අලුත් බලාපොරොත්තුවක් ඇති කරමින්. 2021 අවුරුද්දෙ කාලෝස් තමන්ගෙ පළමු ATP ශූරතාව දිනා ගත්තා. ඔහුට පුළුවන් වුණා පළපුරුදු ටෙනිස් ක්‍රීඩකයන්ව පරාජය කරලා දාන්න. ඔවුන් පවා කාලෝස්ගෙ හැකියාව, දක්ෂකම සහ ධෛර්යය අගය කළා. අවුරුදු 19 දි ලෝකයෙ අංක එකේ ටෙනිස් ක්‍රීඩකය බවට ඔහු පත්වුණේ ටෙනිස් ලෝකයේ අංක 1 බවට පත්වුණ ලාබාලතම ක්‍රීඩකයා විදිහට.

ඔහුටම අනන්‍ය වූ ශෛලියකින් ක්‍රීඩා කරන කාලෝස් විශිෂ්ටයෙක් වෙන්නෙ ක්‍රීඩාව තුළදි පමණක් නොවේ. ක්‍රීඩාවේ නීති රීතිවලට ගොඩක් ගරු කරන, නිතිපතා පුහුණුවීම් කරන ඔහු, පිටියේදී පමණක් නොව ඉන් පිටතදී පවා ඉතාමත් නිහතමානී හැසිරීම් සහිත ක්‍රීඩකයෙක් බව සඳහන්. ඔහුගේ ඒ personality එක රසිකයන්ගේ නොමද ආකර්ෂණයට හේතුවක් වුණා. බොහෝ අය ඔහුව හඳුන්වන්නෙ මුල අමතක කෙරුවෙ නැති විශිෂ්ඨයෙක් විදිහට. 2020 දශකයේ මැද කාල සීමාව වෙන විට කාලෝස් ටෙනිස් ක්‍රීඩාවේ අලුත් පරිච්ඡේදයක් අරඹන්න සමත් වුණා.




