More
    Featuresලොවක් කම්පා කළ ඛේදවාචකයක තීන්දුව

    ලොවක් කම්පා කළ ඛේදවාචකයක තීන්දුව

    -

    spot_img

    ලොවක් කම්පා කළ ඛේදවාචකයක තීන්දුව

    කැනඩාවේ ඔටාවා ප්‍රදේශයේ සිද්ධ වුණ ශ්‍රී ලාංකිකයන් හය දෙනාගෙ ඝාතන සිද්ධිය මුළු ලෝකයම කම්පා කරන්න සමත් වුණා. වරදකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමේ තීන්දුවත් එක්ක මේ සිද්ධියට නැවතත් හැමෝගෙම අවධානය යොමු වුණා. මේ ගැන තොරතුරු ගත්තෙ කැනඩාවෙ News, කාලීන තොරතුරු තියෙන CBC news website එකෙන්. මේ ගැන වාර්තා කරලා තිබුණෙ ඔටාවා ප්‍රදේශයේ වසර ගණනාවක් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් වෙන Kristy Nease විසින්. News එකක්, සිද්ධියක් වාර්තා කිරීම මොනතරම් සංයමයෙන් කරලද කියන දේ ඇයගෙ සවිස්තර සටහනෙන් පේනවා. Kristy Nease ගෙ සටහන අව්‍යාජයි. සිද්ධිය ගැන, අදාළ පුද්ගලයන් ගැන, එයට හේතු කාරණා ගැන මේ ලිපියෙ පැහැදිලිවම සඳහන් වෙලා තිබුණා. ලංකාවේ සමහර මීඩියා වගේ සිදුනොවුන දේවල් උපකල්පනය කරලා වාර්තා කරන්නත්, මිනිස්සුන්ගෙ ඇස් කඳුලින් තෙත් කරන්නත්, මිනිස්සුන්ට අනවශ්‍ය පීඩනයක් ගෙනත් දෙන්නත් කටයුතු කරලා තිබුණෙ නැහැ. සැබෑව වාර්තා කරලා තිබුණ විතරයි. ඒ වගේම sensitive කාරණා තියෙන බව ලිපියෙ මුලදිම අනතුරු ඇඟවීමක් කරන්නත් අමතක කරලා තිබුණෙත් නැහැ. කඳුළුවලට අවධානය ගැනීම පසෙකලා සිද්ධිය පිළිබඳ සැබෑ තත්වය හෙලිදරව් කරලා තිබුණා. 

    Tragedy in Canada
    ඝාතනයට ලක්වූ වික්‍රමසිංහ පවුල
    ධනුෂ්ක වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ දර්ශනී ඒකනායක සහ දරුවන් වූ ඉනුක වික්‍රමසිංහ, අශ්විනී වික්‍රමසිංහ, රනායා වික්‍රමසිංහ, කෙයිලී වික්‍රමසිංහ සහ ඔවුන්ගේ මිතුරෙක් වූ ගාමිණී අමරකෝන් ජීවත්වුණේ කැනඩාවේ ඔටාවාවල. ෆෙබ්‍රියෝ ජීවත්වුණේද ඔවුන්ගේ නිවසේ බිම් මහළේ. 2024 මාර්තු 6 වැනිදා වැඩිමල් දරුවන් දෙදෙනා පාසලෙන් නිවසට ඇරලූ ධනුෂ්ක රැකියාවට ගියා. ඉන් පසු ෆෙබ්‍රියෝ ගාමිණීට චිත්‍රපටියක් නැරඹීමට තම කාමරයට එන්නැයි පවසා පිහි ඇනුම් සිදුකර ඇති අතර මිනිත්තු කිහිපයක් ඇතුළම ඔහු මියගොස් තිබුණා. ඒ මොහොතේ දර්ශනී සිට ඇත්තේ ධනුෂ්ක සමග දුරකථන ඇමතුමකයි. කෑ ගැසීමේ ශබ්දයක් ඇසුණ නිසා බිරිඳ සමග කතා කිරීමෙන් පසු ධනුෂ්ක ෆෙබ්‍රියෝට ඇමතුමක් දී ඒගැන විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ එය තමා බලමින් සිටි චිත්‍රපටයෙන් ආ ශබ්දයක් බවයි.
    Tragedy in Canada
    ඝාතක ෆෙබ්‍රියෝ ඩි සොයිසා
    ඉන්පසු උඩුමහලට ගිය ඔහු දරුවන් හතර දෙනා සහ මව මරා දමා තිබේ. ඉන්පසු හවස 5: 20ට පමණ ධනුෂ්කට කතා කළ ෆේබ්‍රියෝ ඔහු ගෙදර එන වෙලාව අසා තිබුණා. රාත්‍රී 11 ට පමණ ධනුෂ්ක නිවසට පැමිණි අතර ලයිට් නිවා දමා තිබූ නිසා ඔහු සිතුවේ සියල්ලන් නින්දේ බවයි. නිවසට ඇතුළු වූ වහාම ෆෙබ්‍රියෝ ඔහුට පහර දීමට පටන් ගෙන ඇති අතර බරපතල තුවාල ලබා කෙසේ හෝ ඔහු අතින් අතින් පිහිය උදුරා ගැනීමට ධනුෂ්ක සමත්වී තිබේ. උදව් ඉල්ලා අසල්වැසි නිවසකට ගියපසු ඔවුන් පොලිසිය කැඳවා. ඝාතනය සම්බන්ධව ෆෙබ්‍රියෝ ඩි සොයිසා එම ස්ථානයේම අත්අඩංගුවට පත් කර ඇත්තේ පළමු මට්ටමේ මිනිමැරුම් හයක් සඳහා චෝදනා එල්ල කරමින්.

     

    ෆේබ්‍රියෝ පසුගිය නොවැම්බර් 6 වැනිදා ඔටාවා අධිකරණයේදී මිනීමැරුම් චෝදනාවලට වරද පිළිගත්තා. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පැවසුවේ වික්‍රමසිංහ පවුල තමාට හොඳක් මිස වරදක් නොකළ බවයි. තමන් සතුව මුදල් නොමැති නිසාත් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා කල් ඉකුත් වූ පසු ශ්‍රී ලංකාවේ වෙසෙන තම පවුලේ අයගෙන් මුදල් නොලැබෙනු ඇතැයි තමා බය වූ බවත් නැවත ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය නොවූ නිසා ඝාතනය සැලසුම් කෙරූ බව සහ අත්අඩංගුවට පත්වෙන තුරු ඔවුන්ගේ නිවසේ රැඳී සිටීමට බලාපොරොත්තු වූ බවත් පවසා තිබේ.එමෙන්ම ඝාතනයට දින පහකට පෙර ඒ ගැන තීරණය කෙරූ ඔහු පිහියක් ඇනවුම් කර තිබු බවද අධිකරණයේදී හෙළිව තිබේ.
    Tragedy in Canada
    ඝාතනයට ලක්වූ ගාමිණී අමරකෝන් සිය පවුලේ සාමාජිකයින් සමඟ

     

    නොවැම්බර් 6 වැනිදා ධනුෂ්ක වික්‍රමසිංහගේ මියගිය අසල්වැසි ගාමිණී අමරකෝන්ගේ වැන්දඹු බිරිඳ වන ඩිෂානි අසංගිකා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ සිට වීඩියෝවක් හරහා අධිකරණයට පෙනී සිටි අතර තම සැමියා ඔවුන් වෙනුවෙන් සියල්ල කැප කෙරූ බව ඇය පවසා ඇත. ඔවුන්ට වයස අවුරුදු 13 සහ 3 වයස්වල දියණියන් දෙදෙනකු සිටිනවා. ධනුෂ්ක වික්‍රමසිංහ පවසන්නේ තමන් හැමදාමත් තම පවුලට හොඳම දේ ලබා දීමට උත්සාහ කළ බවයි.
    “මේ ඛේදවාචකය මගේ මුළු ලෝකයම විනාශ කළා. මම සෑම දිනකම අවදි වෙන්නේ මගේ හදවතේ ඔවුන්ගේ මුහුණු තියාගෙන. හිත හදාගන්න බැරි වුණත් මිනිස්සුන්ට උදව් කිරීමෙන් ඔවුන්ට ගෞරවයක් දෙන්න පුළුවන් කියල මට විශ්වාසයි.”
    Tragedy in Canada
    කැනේඩියානුවන් මෙම ඛේදවාචකයට ශෝකය ප්‍රකාශ කර තිබු අයුරු
    Tragedy in Canada
    ධනුෂ්ක වික්‍රමසිංහ
    ඔහු අරඹා ඇති පුණ්‍යායතනය ගැන සඳහන් කළ ධනුෂ්ක ඉදිරි ජීවිත කාලය පුරාම එමගින් ලංකාවේ පාසල් දරුවන්ට උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසුවා. වඩා හොඳ ජීවිතයක් සොයමින් කැනඩාවට එන අයට ආයාචනයක් කෙරූ ඔහු “කරුණාකර මේ දේශයේ සාමය හා නිශ්ශබ්දතාවය විනාශ නොකරන්න. අපි එය ආරක්ෂා කරමු.” යනුවෙන් ඉල්ලා සිටියා.
    විනිසුරුවරයා ඔහුට යමක් කීමට තිබේදැයි ෆේබ්‍රියෝගෙන් විමසූ විට, තමා කළ දේ ගැන තමා දැඩි ලෙස කණගාටු වන බව සහ ජීවිතයේ ඉතිරි කාලය වරද පිළිගැනීම වෙනුවෙන් ගත කරන බව පවසා සිටියා. ඒ අනුව අධිකරණය විසින් ඝාතන හයකට වරදකරු ලෙසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. මෙම සිදුවීමේ බිහිසුණු බව ඇදහිය නොහැකි බවත්, ඒවා බියකරු සිහිනවලම පමණක් තිබෙන සිදුවීම් බවත් විනිසුරුවරයා පවසා සිටියා.
    හිටපු BBC මාධ්‍යවේදී සරෝජ් පතිරණ මෙම සිද්ධිය පිළිබඳව දැක්වූ අදහස් සහිත වීඩියෝවක් පහත දැක්වේ. 

     

    Latest news

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...

    නාමල් අධිකරණයට

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ...
    - Advertisement -spot_img

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page