NovelsRath Dothaluරත් දෝතළු - 34

රත් දෝතළු – 34

-

spot_img

රත් දෝතළු – 34

සවස හතරයි පනහය. මම සූදානම්ව නිර්මාණි දුන් ගමන් බෑගයත් ගෙන දොර අසලට පැමිණියෙමි. සිතට ශෝකයක් නොදැනුණා නොවේ. කෙටි කලකට වුවද සෙවන දුන් නිවස අතැර යනවා වැනි දුක්බර හැඟීමක් මා සිත කොනක් සෙමෙන් කොනිත්තන්නාක් මෙනි. දොර වැසීමට පෙර මම මොහොතක් බලා සිටියෙමි. මෙහි ගත කළේ කෙටි කලක් වුවද බොහෝ කාලයක් මා මෙහි සිටියා බඳු හැඟීමක් මට දැනේ. මෙදින උදෑසන නිර්මාණිද මගෙන් සමුගත්තේ කඳුළු සළාය. ඇයට මෙන්ම මා සිතටද වේදනාවක් දැනේ. මුවින් නොකීවද ඈ මා සිප ගෙන පිටව ගියේ ශෝකී හැඟීමෙන් බව නම් මට හොඳටම විශ්වාසය. සුසුමක් මා මුවින් ගිළිහිණි. දොර සෙමෙන් ඇද වසා දමා මම පහළට පැමිණියෙමි. වැඩි වෙලා එසේ බලා සිටින්නට වුවමනා නොවීය. අහස්ගේ රථය ඉදිරිපිට නවතන විට මම වහා ගොස් ඔහු විවර කරදුන් දොරින් රථයට නැඟුණෙමි. ආසන පටි පැළඳ ගැනීම කීමට වුවමනා නැත. මම වහා එය පැළඳගන්නා විට ඔහු මඳහසක් සහිතව මා දෙස බලා සිටින බව මම නෙත් කොණින් දුටුවෙමි. ඔහු තවමත් රථය ධාවනය නොකර බලා සිටින්නේ මන්ද කියා මම පුදුමයෙන් යුතුව ඔහු දෙස හැරී බැලීමි.

“ඇයි… මං වෙලාවට හිටියනේ…”

කුමක හෝ වරදක් සිදුවූවාදැයි නොදැන මම වහා ඇසුවේ මවිතයෙනි. මා හඬ බිඳී තිබිණි. ඒ බව ඔහුටද වැටහුණ නිසාවෙන්දෝ ඔහු මා දෙස බැලුවේ කුහුළින් මෙනි. එම බැල්මට සිතේ ඇති වූ අපහසුතාවය නිසා මම වහා ඉවත බලාගතිමි. පිළිතුරක් නොදුන් ඔහු රථය ඉදිරියට ධාවනය කළේය. එය මුහුදු බඩ මාර්ගය වූ බැවින් මම තරමක් පුදුම වුවද ඒ බවක් නොඇඟවීමි. මා මෙහි මාවත් දන්නේ නැත. වෙනත් මාර්ගයකින් යෑමට පුළුවන් කමක් නොවේ නම් ඔහු මෙසේ යන්නේ නැත. ඇරත් ඉතින් කාලය පිළිබඳව ලොකුවට හිතන අයෙකු වීත්..? මම තනිව සිතුවෙමි.

“යාළුවා වැඩට ගියාද…?”

මීටර් කීපයක් රථය ධාවනය කරමින් ඔහු ඇසීය. මට හිස සැළුණේ ඉබේමය.

“කටුස්සී වගේ…”

ඔහු කියනු ඇතැයි සිතුණේ පසුවය.

“ඔව්… ගියා…”

ඒ හාම මම කීවේ මේ මොහොතේදීත් ඔහු සිත් රිදෙන යමක් පැවසුවහොත් මහ හඬින් හැඬෙනු ඇතැයි බියටමය.

“අද මොකද කට වැහිලද නැත්නම් කටත් ගේ ඇතුළේ දාලා ලොක් කරලද ආවේ…?”

ඔහු එසේ අසන්නට ඇත්තේ මගේ නිහඪ බව නිසාද නැත්නම් මා හා කතා බහ කිරීමේ වුවමනාවටද කියා මම නොදනිමි. මම නිහඬවම රිය කවුළුවෙන් පිටත බලා සිටියා මිස කිසිත් කීමට නොගියෙම්. ඔහු සුසුමක් හෙළන හඬ ඇසී මම වහා ඔහු වෙත හැරුණේ එවන් සුසුමක් ඔහු කෙරෙන් ගිළිහී ගියේ මන්දැයි පුදුමයෙනි. ඔහුද ඉක්මන් බැලමක් මවෙත හෙළා යළි ඉදිරිය බලා රිය පැදවීය. ඒ කෙටි බැල්මට, මුවේ නැඟුණු මඳහසට මා සිත දිය වී ගිය බවක් මට දැනුණා සේම ඒ මඳහසට පවා ඔහු කඩවසම්ව පෙනුණා කියා මට සිතිණි. සිතත් මහා පුදුමාකාරය. දුකින් සිටින මේ මොහොතේ පවා මෙවන් සිතුවිළි සිතට නැඟෙන්නේ ඒ නිසාය. නමුත් දුක්බර මොහොතවල පවා සුන්දර සිතුවිළි පහළ වෙන බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.

“මොකෝ මේ දාහට අරන් සීයට දීලා වගේ…”

ඔහු යළිත් මා විමසුවේ මගේ නිහඬ බව දරා සිටින්නට බැරිම තැනදෝ කියා මට යළිත් සිතුණි. තව දුරටත් නිහඬව සිටින්නට මට බැරිය. මසිත මහා දුකකින් ඇවිළෙන්නාක් මෙනි.

“ම…ම…ට දු…ක…යි… ස…ර්… ඒ වගේම… බයයි…”

උකුළ මත වූ ගමන් මල්ල දැඩිව අල්ලාගෙන මම කීවේ හැඬුම පාලනය කරගන්නට ආයාසයෙන් තැත් දරා වුවද දෑසින් කඳුළු ගලා යන්නට විය. මහ හඬින් හැඬේවි යැයි බියෙන් මම දොතොල් තරයේ පියාගෙන බිම බලාගතිමි. අහස් රථය නවතනු මට දැනිණි.

“හේ…හේ… ළමයෝ… ඔයා මේ අඬනවද… ඇයි… මේ… මොකද වුණේ…?”

ඔහුගේ හඬේ කලබලයක් වුවද එම හඬ ඉතා ලෙංගතු ස්වරයක්ද ඉසිළූ මුත් ඔහු ඉදිරියේ හඬා කඳුළු බාල්දු කරන්නට මට වුවමනා නොවුවද දැන් නම් මට එය නවතාගන්නට අපහසුය. ජීවිතය මෙන්ම අනාගතය පිළිබඳවද දැඩි බියක් මා සිතේ හටගැනුණේ මන්ද කියා මට සිතාගන්නට නොහැකිය. හදිසියේ මා සිතේ ඇති වූ ශෝකය හුදෙක් නිර්මාණිගේ නිවසින් වෙන්ව ඒමට සිදු වූ නිසාම පමණක් නොව අවිනිශ්චිත වූ අනාගතය පිළිබඳවද සිතේ ඇති වූවක් විය.

“ම…ම… දන්නේ නැහැ… ඒ…ඒත්… මට බයයි…”

ගොත ගසමින් මම කීවේ බර වූ නාසය උඩට අදිමිනි. අහස් ටිෂූ කරදාසියක් ගෙන මවෙත පෑවේය.

“මේ අහන්න… අරවින්දි…”

මෘදු හඬකින් ඔහු කීය.

“ඔයාට බය සුදු මම්මා ගාවට යන්නද…”

බරවූ නාසය පිසගනිමින් මම ඔහු දෙස බැලුවේ මවිතයෙනි.

“න්…නැහැ… මම ඒකට බය නැහැ…”

“එහෙනම්…?”

“ජීවිතේට මොනවා වෙයිද කියලා…”

බිඳුණු හඬින් මම කීවෙමි. ඔහු දිගු හුස්මක් ඇද මොහොතක් නිහඬව මා දෙස බලා සිටි අතර ඒ බැල්මෙහි වූයේ සරදම් සහගත බවක්ද කියා සැකයක් මා සිතේ ඇතිවිය.

“මේ අහන්න ළමයෝ…”

ඔහු කුඩා දරුවෙකු අමතන ලෙසින් අමතන විට මා නිවැරදි නොවන බව මට වැටහිණි.

“අපිට මොනවා වෙන්න තියනවද කියලා හිත හිත ජීවත් වුණොත් අද දවසේ අපි කොහොමද සැනසීමෙන් ජීවත් වෙන්නේ…? එහෙම හිත හිතා ළත වෙවී ජීවත් වෙන එකේ තේරුමක් තියනවද… ජීවිතේ එන ඕනම දෙයකට මුහුණ දෙන්න ඕන… ඒකට හිත ශක්තිමත් කරගන්න එක විතරයි කරන්න ඕන… සුදු මම්මාගේ ගෙදර ඔයාට බය වෙන්න දෙයක් නැහැ… මං එක්ක වැඩකරන එක නම් ටිකක් අමාරු වෙයි… ඒත් සුදු මම්මා නම් ඔයාව හොඳට බලාගනියි… ඔයාත් එයාව බලාගන්නවා කියලා විශ්වාසයක් මට තියනවා…”

ඒ කෙසේද කියා නම් මම නෑසුවෙමි. ඔහු සරදමින් මෙන් මදෙස බලාසිටිනු දැක මසිතේ ඇති වූයේ දුක පරයා ගිය ලැජ්ජා මුසු හැඟීමකි.

“අනම් මනම් හිතලා හිතට දුක් දෙන්න එපා… ඔයා ඕනම දෙයක් සුදු මම්මා එක්ක කතාකරන්න… එයා ඕන උදව්වක් ඔයාට කරයි… සාමාන්‍යයෙන් එයාට කාවවත් එහෙම හිතට අල්ලන්නේ නැහැ… ඒත් ඔයාව හොඳට හිතට අල්ලලා… එයා මාව වදපු අම්මා නෙවේ වුණත් මාව හදපු අම්මා… නිසා මම එයාව හොඳට දන්නවා…”

මම නිහඬව අසාඅ සිටියෙමි.පෙර වූ ශෝකී හැඟීම මේ වන විටත් පහව ගොස් තිබීම පුදුමයකි. ඒ පුංචි කතාවට මෙවන් දෙයක් කළ හැකි වූවාද.?
අහස් යළි රිය පණගන්වා ගන්නා විට මම දිගු හුස්මක් ඇද ළය පුරවා ගතිමි.
————————————————————————————————————————————
“මැඩම් බහින්න… මොකද භාවනා කරනවද…?”

අහස්ගේ සුපුරුදු කතා විලාසය මුවට පැමිණ ඇත. තිගැස්සී ගිය මම වහා වටපිට බැලීමි. මා කුමන ලොවක අතරමංව සිටියාද කියා මට මතක නැත. රථය ඔවුන්ගේ නිවසේ පෝටිකෝව යට නවතා තිබිණි. උපහාසය මුසුව මෙන් ඔහු මදෙස බලා සිටිනු දැක මසිතේ ඉහිරගියේ ලැජ්ජා මුසු හැඟීමකි. ඔහු සමඟ මමද වහා රථයෙන් බැසගතිමි.

“ඔය පන් මල්ල මං ගන්නද කුමාරි හාමි…?”

මා ළැමැදට තුරුළු කරගෙන සිටි නිර්මාණිගේ කුඩා ගමන් බෑගය වෙත බැල්මක් හෙළමින් ඔහු විමසුවේය.

“මේක පන් මල්ලක් වගේද පේන්නේ…? ඒක එහෙම එකක් වුණත් මට මේක හුඟාක් වටිනවා…”

නොසතුටෙන් මම කීවෙමි

“ආහ්… හොඳයි… හොඳයි… ඔයයි ඔයාහේ පන් මල්ලයි අරන්… මෙහෙන් වඩින්නකෝ කුමාරි හාමි…”

නිවසේ ඉදිරිපස දොර විවරකරගෙන ඔහු මා එනතුරු පමා වනවිට මමද ඉක්මනින් නිවසට ගොඩ වුණෙමි. ඒ විසල් ආලින්දය හරහා විත් අපි නිවසේ අනෙක් පස කොටසට ඇතුළු වූයෙමු. වින්ෆ්‍රීඩා මහත්මිය අප එනතුරුදෝ පෙරමඟ බලා සිටියාය.

“සුදු මම්මා…”

ඔහුගේ හඬ ඇසී ඈ වහා රෝද පුටුව කරකවා අප වෙත හැරුණාය.

“ආනේ… ඔයාල මෙහෙන් ආවද… මං ඉස්සරහින් එයි කියලා මේ මඟ බලන් හිටියේ…”

මම ඈ වෙත ගොස් ඇගේ අතකින් අල්ලා ගතිමි.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you