More
    NovelsRath Dothaluරත් දෝතළු - 25

    රත් දෝතළු – 25

    -

    spot_img

    රත් දෝතළු – 25

    මා සමඟ ආලින්දය වෙත පැමිණි අහස් පෙර අසුනේම හිඳ ගත්තේ යළිත් රැවුමක් මා වෙත පා කරමිනි.

    “මැඩම් තේ ගෙනාවා…”

    ඈ සිටියේ වෙනත් කල්පනාවක් බව ඈ තිගැස්මෙන් හැරී මදෙස බලනවිටම මට වැටහිණි. මඳහසක් මුවේ විකසිත වූයේ ඉන් අනතුරුවය. මම පළමුව ඇයට තේ පිළිගැන්වූයෙමි.

    “පින් සිද්ද වෙච්චාවේ…”

    ඈ මෘදු සිතක් ඇති කාරුණික අයෙකු බව මට මේ වනවිටත් වැටහී ගොස් තිබුණා සේම ඈ කෙරෙහි මා සිතේ ඇතිව තිබුණේද පහන් හැඟීමකි. අහස් යටැසින් මදෙස බලා වහා ඉවත බලාගනු මා දෑසට හසු විය. මම ඔහුට තේ පිළිගැන්වූයේ නොකැමැත්තෙනි.

    “ඔහොම තියන්න… මං නිවිලා බොන්නේ…”

    උඩඟු හඬකින් ඔහු එසේ කීවේ නම් බොරුවට බව මට ඉඳුරාම පැවසිය හැකිය. ඔහුට වුවමනා වන්නට ඇත්තේ මා රිදවීමට විය හැක.

    “අපරාදෙනේ… කලින් කිව්වා නම් සර්ට ඇල් වතුරෙන්ම තේක හදනවානේ…”

    මම එසේ කීවේ බන්දේසිය ස්ටූලය මත තබා එක් තේ කෝප්පයක් අතට ගෙන ඔහු දෙසටත් බැල්මක් හෙළමිනි. ඒ නපුරු දෑස් එල්ල වී තිබුණේ මා වෙත වුවද මම ඒ කිසිත් තැකීමක් නොකළෙමි. ඔහුගේ සුදු මම්මා නම් සිටියේ මේ සියල්ල සිය දෙනෙතින්, සවනින් ග්‍රහණයට ලක්කරගෙන සෝපහාසය මුසු සිනහාවක් මුවේ නංවාගෙනය.

    “තේක නම් හරිම රසයි ළමයෝ… පුතේ ඔය තේක බොන්න නිවෙන්න කළින්… ඔයා නිවුණාම බොන්න කැමති නැහැනේ…”

    ඈ එසේ කියනවිට මා මුවට නැඟුණ සිනහව මම ආයාසයෙන මැඩගතිමි. ඔහු තේ කෝප්පය අතට ගෙන නැඟිට ඉවතට ගියේ යළිත් රැවුමක් පා කරමිනි. ඔහු පිටව ගිය නිසාදෝ මා සිතට දැනුණේ යම් සහනයකි. ඈ මාත් සමඟ කතා බහ ඇරඹුවේ ඉන් අනතුරුවය. මේ නිවසේ හිමිකාරිය ඇය බව මට ඈ පැවසුවාය. ඈ නමින් විනීෆ්‍රීඩා රොසයිරෝය. විනී විලා කියා නම තැබීමට හේතුව නම් එයයි. මම සිතුවෙමි. මේ අහස් සහ විහඟ සමඟ ඇයට ඇති සබඳකම කුමක්දැයි කියා මම සිතන විටම ඈ ඒ ගැනත් මා හා පැවසුවාය. මේ ඇගේ නැඟණියගේ දරුවන්ය. ඈ පෙරදින මා හා “ආච්චි අම්මාගේ” නිවස යැයි පැවසුවේ හුදෙක් විනෝදයට බව දැන් මට වැටහිණි.

    “මේ ටිකේම මෙහෙ ඉන්ටර්වීව්… අහස් පුතාට එයාගේ වැඩක් කරගන්නවත් වෙලාවක් නැහැ…”

    ඈ මා හා කීවාය.

    “ඉතින් තවම කවුරුවත් හමුවුණේ නැත්ද…?”

    “කීපදෙනෙක්ම ඇවිත් තියනවා… සමහර අය වයස වැඩියිලු… මම කැමති තරුණ කෙනෙක් ඉන්නවා නම්… මගේ තනියට කියලා කෙනෙක් අරන් ඒ මනුස්සයා ලෙඩ වුණොත් මට එයාව බලන්න වෙයි…”

    එසේ කී ඈ සිනහවක් පෑවාය.

    “පහුගිය ටිකේම නර්සින් හෝම් එකකින් ළමයෙක් ආවේ තනියට… දවසට රුපියල් හාරදාහක්… ඒකත් ඒ ළමයාට නම් කමක් නැහැ… නිකන් ඉන්න එකට එච්චර ගෙවන්න ඕනද.. ඇරත් සල්ලි තිබ්බා කියලා එහෙම කරන්නේ කොහොමද ළමයෝ… පස්සේ මං අහස් පුතාට කිව්වා කාව හරි බලන්න… මෙහෙම නර්සින් හෝම් වලට සල්ලි පූජා කරන්න ඕනද… කියලා… මට හිමින් හිමින් මගේ වැඩ කරගන්න පුළුවන්… කොහෙද මේ ළමයි ඒකට කැමති නැහැනේ…”

    ඈ නොනවත්වාම කියවගෙන යන්නට වූ අතර මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි.

    “මගේ මේ කකුල වෙලාවකට කැක්කුම අල්ලනවා… ඒ වෙලාවට තමා කවුරු හරි ඉන්නම ඕන… මොකද මට ඒ වෙලාවට නම් ඇඳෙන් බහින්නවත් හිතෙන්නේ නැහැ…”

    ඈ කතාව නිම කරන විටම මෙන් අහස් යළිත් විත් පෙර අසුනේම හිඳගත්තේ හිස් තේ කෝප්පය ස්ටූලය මත තබමිනි. ඔහු එය බීවාද විසි කළාද කියා නම් මම නොදනිමි.

    “ඉතින් ළමයෝ… ඔයා ළඟඳිම ආයේ යනවද…?”

    ඈ යළිත් මා විමසුවාය.

    “නැහැ මැඩම්… මං ආවේ ජොබ් එකක් හොයාගෙන… ඉතින් ටික දවසක් මෙහෙ යාළුවා එක්ක ඉන්නවා…”

    “ආහ්… එතකොට අම්මා… තාත්තා…?”

    “දෙන්නම ඉන්නවා… එයාලා ගමේ…”

    ඇගේ ඊළඟ පැනයට සූදානමින් මම කීවෙමි. මා සිතූ සේම ඈ ඇසුවේ පියාගේ රැකියාව ගැනය.

    “තාත්තා දැන් නම් මොකුත් කරන්නේ නැහැ… එයාට ඇදුම… මහන්සි වෙලා වැඩ කරන්න බැහැ දැන්… අම්මා කිරි කපන එක තමා කරන්නේ… මාත් ටික කාලයක් එහේ ගාර්මන්ට් එකක වැඩට ගියා… ඒත් තාත්තාගේ අසනීපේ නිසා මට නවතින්න වුණා… අම්මාට උදේ හවස හොස්පිට්ල් යන්න එන්න බැරි නිසා…”

    විනීෆ්‍රීඩා මහත්මිය හෙළුවේ ශෝකය මුසු සුසුමක් බව ඇගේ ඉරියව් වලින් මට පෙනිණි. මා මගේ පවුලේ විස්තර ඈ හා පැවසුවේ ඇගේ අනුකම්පාවක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. මා පැමිණ දැන් පැයකට ආසන්න බව මට හැඟී ගියේ බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව නෙත ගැටෙන විටය. මසිත කලබල විය. නිර්මාණි නිවසේ නොසිටියේ හොඳ වෙලාවටය. නැතිනම් මට ඇයගෙන් දොස් අසන්නට සිදුවනු නියතය.

    “මාත් යන්න ඕන මැඩම්… දැන් හුඟාක් වෙලා ඇවිත්… මං නිසා මැඩම්ගේ කාලෙත් නාස්ති වුණා… කාගෙවත් කාලයක් සොරකම් කරන එක අපරාධයක්…”

    ස්ටූලය මත වූ නිර්මාණිගේ අත් බෑගය අතට ගනිමින් මම නැඟී සිටියේ සියුම් ඇනුම්පදයකුත් එල්ල කරමිනි. ඔහු වහා මදෙස බැලීය.

    “අනේ දරුවෝ… ඔයා ඔය යන්නද හදන්නේ… මගේ මොන කාලය සොරකම් කරන්නද ළමයෝ… මම මේ ගෙදරට වෙලාම ඉන්න කෙනානේ… ඔය ළමයානේ කාලේ නාස්තිකරන් මෙහෙ ආවේ… අපියි ඒක කියන්න ඕන…”

    ඈ නොනවත්වා කියවන් ගියාය.

    “ඒකට කමක් නැහැ මැඩම්… සමහරු හිතන් ඉන්නේ අපි අනුන්ගේ දේවල් හොරකම් කරන හොරු ගානටනේ…”

    යළිත් ඇනුම්පදයක් එල්ල කළේ සිතේ නොමනාපය නිසාමය.

    “අනේ… ඔය ළමයා නිසා ඕක ගෙනත් දුන්නා… වෙන කෙනෙක් නම් එහෙම කරන්නේ නැහැනේ… ඕක නැති වෙලාම ගියානම් හොඳයි කියලා මට දැන් හිතෙනවා ළමයෝ…”

    මා සිතේ තිගැස්මක් ඇතිකරමින් ඈ කීවාය. ඈ එසේ පැවසුවේ මන්ද කියා මම පුදුම වූයෙමි.

    “ඒ ඇයි මැඩම්… එහෙම කිව්වේ…?”

    පිළිතුරක් දීමට පෙර ඈ කළේ කෙටි සුසුමක් හෙළීමය.

    “ඔයාට ඕක හමුණොවුණා නම් ඔයා අද මෙහේ එන්නේ නැහැනේ… ඔයා හරිම හොඳ ළමයෙක් දරුවෝ… ඒක මං ඔයාව දකින්නත් කලින්ම දැනගත්තා… මං මුලින් හිතුවේ ඔයා විහඟව පුතාව අහන්නේ එයා ගැන අදහසකින්වත්ද කියලා…”

    එවිට නම් මගේ මුහුණ රත්ව යනු මටම දැනිණි.

    “අනේ… නැහැ…”

    මම වහා කීවෙමි.

    “ඔව්… ඔව්… මම ඒක දන්නවා… ඔයා අනික් අය වගේ සක්කරවට්ටමක් නෙවේ… ඔයා දැකපු වෙලේ ඉඳන්ම මට දැනුණේ හරිම ලෙංගතු හැඟීමක් දරුවෝ… අනේ මන්දා මටත් පිස්සුනේ…”

    ඈ මඳහසක් පාමින් කීවාය. ඈ නොබියව එසේ පවසන්නේ අවංක හැඟීමකින් බව නම් නොකිවමනාය. මා වැනි අයෙකු රවටා ඈ කුමක් නම් බලාපොරොත්තු වන්නද.? මටද එවන් හැඟීමක් දැනුණ බවක් මම කීමට නොගියෙමි. අහස් ඉදිරියේ එවැන්නක් පැවසීමට වුවද මට සිත් නොවීය. දැනටමත් මා සෙරක කියා ඔහු සිය මුවින්ම පවසා ඇත. එය බොහෝ කාලයක් යනතුරු මා සිතෙන් නම් මැකි නොයනු ඇත. කිසිවෙකු කිසිදා එවන් චෝදනාවක් මට කර නැත. නොමනාපයත් නොසතුටත් යළි මා සිතේ හිස ඔසවන්නට විය.

    -පෙබරවාරි 9 වන සඳුදා නැවත හමුවෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...
    - Advertisement -spot_img

    ආදරයේ අපූරු පාඩම

    ආදරයේ අපූරු පාඩම - The Little Broken Cake මගේ ළමා කාලය රසවත් මතක, ඉගෙනගත් පාඩම් සහ අලුත් පරම්පරාවට ඉගැන්වීමට අපූරු...

    රත් දෝතළු – 24

    රත් දෝතළු - 24 ඈ මවිතයට පත් බැල්මකින් අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලීය. "මම එස් ඕට කියන්නම් ත්‍රීවීල් එක යවන්න...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page