Interviewsමට ඕනෙ සීරියස් චරිතයෙන් ඈත්වෙලා ඉන්න

මට ඕනෙ සීරියස් චරිතයෙන් ඈත්වෙලා ඉන්න

-

spot_img

මට ඕනෙ සීරියස් චරිතයෙන් ඈත්වෙලා ඉන්න – Nivin Pauly

අතිශය ජනප්‍රියත්වයට පත් Premam, Bangalore days වැනි චිත්‍රපට රැසකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මලයාලම් රංගන ශිල්පී Nivin Pauly මේවන විට මලයාලම් සිනමාවට නැතිවම බැරි අයෙක්. රංගනයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙසින්ද කටයුතු කරන ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් ඇතුළුව සම්මාන රැසක් දිනාගත් රංගන ශිල්පියෙක්. ඔහුගේ නවතම චිත්‍රපටය Sarvam Maya. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Akhil Sathyan විසින්. 

Nivin Pauly

අඛිල් සත්‍යන් Sarvam Maya චිත්‍රපටයේ රඟපෑමට තමන්ට යෝජනා කළ බවත්, තමන් ඒ අදහසට කැමති වූ බවත් නිවින් පවසා සිටියා. Sarvam Maya චිත්‍රපටය දෙසැම්බර් 25 එනම්, නත්තල් දවසේ තිරගත වීම ඇරඹුණා. Horror – Comedy වර්ගයේ කතාවක් වන මෙය අවතාරයක් සමග ගණුදෙනු කරන පූජකයෙක් පිළිබඳ කතා පුවතක්. මේ කතාව ප්‍රේක්ෂකයන්ට හාස්‍ය පිරුණු, ත්‍රාසජනක අත්දැකීමක් වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

Nivin Pauly

“මේක මට ලැබුණ වෙනස්ම විදිහේ චරිතයක්. මට කවදාවත් මේ වගේ චරිතයක් කරන්න ලැබිලා නැහැ. මම මේ පිටපතට ගොඩක් කැමති වුණේ ඒකයි. අකිල්ගෙ කතාව මම ගොඩක් රසවින්දා. මේක Horror – Comedy එකක් නිසා මම රඟපාන්න තීරණය කරා. මම මීට කලින් මෙහෙම දෙයක් කරලම නැහැ.”
සුළු සුළු මතභේද නිසා Sarvam Maya රූගත කිරීම පවා තාවකාලිකව නතර වූ අවස්ථා තිබුණා. පසුව ඔවුන් ඒවා සමථයකට පත්කරගෙන තිබුණා.

Nivin Pauly“මම වැඩිපුරම මේකට කැමති වුණේ මේ චරිතයට සුදුසුම කෙනා මම බවට අකිල්ට තිබුණ විශ්වාසය නිසා. චිත්‍රපටයෙ Prabhendu Namboothiri චරිතයට මම හරිම ආදරෙයි. මට දැන් සීරියස් චරිත වලින් ටිකක් ඈත්වෙලා ඉන්නයි ඕනෙ. Horror – comedy එකක් කිව්වට මේ කතාවෙ සමහර තැන් හරි සංවේදියි. අනිත් එක තිරය පිටිපස්සෙ කතාවලත් හිනායන සිද්ධි අඩුම තරමෙ පනහක්වත් තිබුණා මම හිතන්නෙ. Aju Varghese මට ලොකු සහයෝගයක් දුන්නා. ඔහු හොඳ මිත්‍රයෙක්. අපි දෙන්නට දෙන්නා එකිනෙකාට චරිතය කරන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒක තමයි හොඳම දේ”

චිත්‍රපටියේ තම චරිතය ගැන අදහස් දැක්වූ ඔහු පවසා සිටියා. නිවින් රංගනයෙන් දායක වෙන Baby Girl සහ Benz යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඔහුගේ Pharma කතා මාලාවත් මේ දිනවල විකාශය වෙනවා.
OTT play ඇසුරිනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you