More
    Interviewsමට ඕනෙ සීරියස් චරිතයෙන් ඈත්වෙලා ඉන්න

    මට ඕනෙ සීරියස් චරිතයෙන් ඈත්වෙලා ඉන්න

    -

    spot_img

    මට ඕනෙ සීරියස් චරිතයෙන් ඈත්වෙලා ඉන්න – Nivin Pauly

    අතිශය ජනප්‍රියත්වයට පත් Premam, Bangalore days වැනි චිත්‍රපට රැසකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මලයාලම් රංගන ශිල්පී Nivin Pauly මේවන විට මලයාලම් සිනමාවට නැතිවම බැරි අයෙක්. රංගනයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙසින්ද කටයුතු කරන ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් ඇතුළුව සම්මාන රැසක් දිනාගත් රංගන ශිල්පියෙක්. ඔහුගේ නවතම චිත්‍රපටය Sarvam Maya. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Akhil Sathyan විසින්. 

    Nivin Pauly

    අඛිල් සත්‍යන් Sarvam Maya චිත්‍රපටයේ රඟපෑමට තමන්ට යෝජනා කළ බවත්, තමන් ඒ අදහසට කැමති වූ බවත් නිවින් පවසා සිටියා. Sarvam Maya චිත්‍රපටය දෙසැම්බර් 25 එනම්, නත්තල් දවසේ තිරගත වීම ඇරඹුණා. Horror – Comedy වර්ගයේ කතාවක් වන මෙය අවතාරයක් සමග ගණුදෙනු කරන පූජකයෙක් පිළිබඳ කතා පුවතක්. මේ කතාව ප්‍රේක්ෂකයන්ට හාස්‍ය පිරුණු, ත්‍රාසජනක අත්දැකීමක් වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

    Nivin Pauly

    “මේක මට ලැබුණ වෙනස්ම විදිහේ චරිතයක්. මට කවදාවත් මේ වගේ චරිතයක් කරන්න ලැබිලා නැහැ. මම මේ පිටපතට ගොඩක් කැමති වුණේ ඒකයි. අකිල්ගෙ කතාව මම ගොඩක් රසවින්දා. මේක Horror – Comedy එකක් නිසා මම රඟපාන්න තීරණය කරා. මම මීට කලින් මෙහෙම දෙයක් කරලම නැහැ.”
    සුළු සුළු මතභේද නිසා Sarvam Maya රූගත කිරීම පවා තාවකාලිකව නතර වූ අවස්ථා තිබුණා. පසුව ඔවුන් ඒවා සමථයකට පත්කරගෙන තිබුණා.

    Nivin Pauly“මම වැඩිපුරම මේකට කැමති වුණේ මේ චරිතයට සුදුසුම කෙනා මම බවට අකිල්ට තිබුණ විශ්වාසය නිසා. චිත්‍රපටයෙ Prabhendu Namboothiri චරිතයට මම හරිම ආදරෙයි. මට දැන් සීරියස් චරිත වලින් ටිකක් ඈත්වෙලා ඉන්නයි ඕනෙ. Horror – comedy එකක් කිව්වට මේ කතාවෙ සමහර තැන් හරි සංවේදියි. අනිත් එක තිරය පිටිපස්සෙ කතාවලත් හිනායන සිද්ධි අඩුම තරමෙ පනහක්වත් තිබුණා මම හිතන්නෙ. Aju Varghese මට ලොකු සහයෝගයක් දුන්නා. ඔහු හොඳ මිත්‍රයෙක්. අපි දෙන්නට දෙන්නා එකිනෙකාට චරිතය කරන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒක තමයි හොඳම දේ”

    චිත්‍රපටියේ තම චරිතය ගැන අදහස් දැක්වූ ඔහු පවසා සිටියා. නිවින් රංගනයෙන් දායක වෙන Baby Girl සහ Benz යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඔහුගේ Pharma කතා මාලාවත් මේ දිනවල විකාශය වෙනවා.
    OTT play ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page