Interviewsබෙන් සහ මම එකතුවෙලා මිනිස්සු මරන්න යන්නෙ

බෙන් සහ මම එකතුවෙලා මිනිස්සු මරන්න යන්නෙ

-

spot_img

බෙන් සහ මම එකතුවෙලා මිනිස්සු මරන්න යන්නෙ – Keira Knightley

Keira Knightley නම් බ්‍රිතාන්‍ය නිළිය, ඇයටම අනන්‍ය වූ ආකාරයකින් ප්‍රේක්ෂක හදවත් සොරාගත් නිළියක්. රංගනය උදෙසා ඇය ලද සම්මාන බොහොමයි. Keira දෙවතාවක්ම academy සම්මාන සඳහාද නිර්දේශ වුණා. මෑතකදී ඇය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියේ The Woman in Cabin 10 චිත්‍රපටයේ කුතුහලයෙන් පිරුණු මාධ්‍යවේදිනියක් ලෙසින්. මේ ඇය Vouge සමග සිදුකළ කතා බහක්. 

Keira Knightley

• Official Secrets, Boston Strangler, Black Doves ඊළඟට The Woman in Cabin 10 ඔයා සත්‍යය සොයා යන ගැහැණු ළමයෙක්ගෙ චරිත ගණනාවක් රඟපාලා තියෙනවා. ඇයි මේවගේ චරිතවලට කැමති?

ඒක සතුටු හිතෙන වැඩක්. මම නිතරම කැමතියි Miss Marple story එකකට. ඒක modern විදිහට කරන්නයි මට ඕනෙ. මේ චිත්‍රපටිය මට The Parallax View, The Conversation වගේ 70 දශකයේ කතා මතක් කරලා දුන්නා. ඉතින් මේක මටත් ඒ දේවල් කරන්න ලැබුණු අවස්ථාවක් කියලා හිතනවා.

 

• ලෝ කියන්නෙ දැඩි, ආකර්ෂණීය වගේම ස්වාධීන චරිතයක්.

ඇගේ ඒ නොසැලෙන ගතියට මම කැමතියි. ඒ වගේ චරිත දුර්ලභයි. මුළු චිත්‍රපටිය පුරාම ඇය භයානක කාලයක් ගත කළත්, ලෝ මටත් ඇගේ ඒ බලවත් බව දැනෙන්න සැලැස්සුවා [සිනාසෙයි].

• Guy Pearce ගෙ ඉඳලා Hannah Waddingham දක්වා අපූරු කණ්ඩායමක් ඒකෙ ඉන්නවා. ඔවුන් හරිම නපුරුයි. ෂූටිං නැති අතරෙ ඔයාලා බෝට්ටුවෙ party දැම්මද? 

Keira Knightley

එයාලා හැමෝම ලස්සන මිනිස්සු, නමුත් එයාලා කැමති වුණා හරිම භයානක වෙන්න. [සිනාසෙයි]. මම හිතුවා අපිට ෂැම්පේන් බීලා බෝට්ටුවෙ ඇවිදින්න පුළුවන් වෙයි කියලා. නමුත් ඇත්තටම අපිට කිසිම දෙයක් අල්ලන්න, ගෘහ භාණ්ඩ මත වාඩි වෙන්න හෝ කාපට් මත හිටගන්න අවසර තිබුණේ නැහැ. ඒ යාත්‍රාව අමුත්තන් 12 දෙනෙකුට ඇත්තටම සුවපහසු වේවි. නමුත් 70 දෙනෙකුගෙන් හැදුණු චිත්‍රපට කණ්ඩායමක් සහ නළු නිළියන් 20 දෙනෙකු සමඟ, එතරම් කුඩා තැනක හිරවෙලා ඉන්න එක හිතුව තරම් සුඛෝපභෝගී අත්දැකීමක් නෙමේ.

• මීළඟට අපිට ඔයාව දකින්න ලැබෙන්නෙ Black Doves season 2 කතාවෙන්. හෙලන්ගේ කතාවේ ඊළඟ පරිච්ඡේදය කොහොම වෙයිද?

රූගත කිරීම් පටන්ගෙනයි තියෙන්නෙ. තවත් අර්බුද, මිනීමැරුම් තියේවි. මේ වතාවෙ බෙන් සහ මම එකට මිනිස්සු මරන්නයි සූදානම. ඒක සිද්ධවෙයිද කියලා හරියටම කියන්න බැහැ. ආස හිතෙන අලුත් චරිත කිහිපයක්මත් තියෙනවා. ඇත්තටම අපි හරිම උද්‍යෝගයෙන් ඉන්නෙ ඒ ගැන.

• Bend It Like Beckham ගැන කතා කරන්නම ඕනේ. මේ ගැන ගැහැණු අය ඔයත් එක්ක කතාකරලා ඇති කියල මම හිතනවා. 

Keira Knightley

ගොඩක් ගැහැණු අය මාත් එක්ක ඒ ගැන කතාකරනවා. ඇත්තටම ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒක හදන කාලේ අපිට මේ මොකක්ද කියලා හිතුණා. මම ඒක කරනව කිව්වම යාළුවො කිව්වා “ඒක ඇත්තටම ලැජ්ජාවක් වගේ ” කියලා. මගේ ලොකු දුව මගේ චිත්‍රපට දෙකක් විතරයි බලලා තියෙන්නේ. The Nutcracker and the Four Realms සහ Bend It Like Beckham. එයා ෆුට්බෝල් ප්ලේ කරනවා. එයාගෙ යාළුවො ඔක්කොම ෆිල්ම් එක බලලා තියෙන නිසා ඇය මට ඇවිටිලි කළා (කෙඳිරිගගා) මටත් ඒක බලන්න ඕනෙ කියලා. එයා ඒකට ගොඩක් ආස වුණා. ඇත්තටම ගොඩක් අය කැමති කතාවක කොටසක් වෙන්න ලැබීම සතුටක්.

• Bend It Like Beckham චිත්‍රපටියේ sequel එකකට script එකක් ලියවෙමින් පවතිනවා. ජෙස් සහ ජූල්ස් දැන් මොකද කරනව ඇතිද? අන්තිමේදී එයාලා එකතු වුණා කියලා ඔයා හිතනවද?

ඒ කාලේ අපි එහෙම හිතුවා. [සිනාසෙයි.] පැහැදිලිවම අපි යුවළක් වගේ හිටියා. ළඟදි දවසක එයාලා (කැබින් 10 කණ්ඩායමේ අය) ඇත්තටම “ජූල්ස් දැන් පුහුණුකරුවෙක් වෙන්න ඕනේ” කියලා කිව්වා. මම ඇහුවා හරි, එතකොට ජෙස්ට මොකද වෙලා තියෙන්නේ? කියලා. “ඇය අනෙක් කණ්ඩායමේ පුහුණුකරු, ඒ වගේම ඔවුන්ට මේ එදිරිවාදිකම් තියෙනවා” කියලා කිව්වා. කවුද දන්නේ – අවුරුදු 25ක් කියන්නේ දිගු කාලයක්, බොහෝ දේ සිද්ධවෙන්න පුළුවන්.

• fashion ගැන කතාකරොත් ඔබේ Erdem පෙනුමට මම කැමතියි. ඔයා වයස අවුරුදු 40 ට පස්සෙ පහසු ඇඳුම් අඳින්න කැමතියි වගේ පෙනෙනවා? 

Keira Knightley

මම ඒ ඇඳුම්, ඒ දැනෙන රෆ් එකට ආදරෙයි. ඒක පුදුමාකාරයි. ඒ ඇඳුමේදී මට රණශූර රැජිනක් වගේ දැනුනා, ඒ වගේම Erdem ගේ වැඩවලට මම කැමති ඒකයි. ඔයාට මුළු කතාවම ඔයාගෙ ඔලුවෙ හදාගෙන ඔයා රෑට වෙනත් කෙනෙක් වෙනවා කියලා හිතන්න වුණත් පුළුවන්. විලාසිතා වලින් මට ඕනෙ ඒක. රතු පලස මත, මම කැමති පිස්සු, විකාර විදිහට යන්න. මොකද ඇත්ත ජීවිතේ මම ජීන්ස් සහ ටී-ෂර්ට් අඳින කෙනෙක්.

• ඔයාගෙ ‘I Love You Just the Same’ කියන පොත පුංචි දැරියකට සහෝදරයෙකු ලැබුණාම ඇගේ ජීවිතය වෙනස් වෙන හැටි කියනවා. ඒ ගැන කියන්න.

මම හිතනව මිනිස්සු ඒ කතාව රසවිඳියි කියලා. මම ඒක ලියන්න හිතුවෙ මගෙ දුව වෙනුවෙන්. එයා නිදියන්නෙ නැහැ ඒ කාලෙ. අපි එයාට නිදියන්න යනකොට දෙන්න චිත්‍රයක් ඇන්දා. එයා හැමවෙලාවෙම චිත්‍රයක් ඉල්ලනවා. මම එකක් අඳිනවා. එයා රෑ මැද නැගිට්ටම එයා දැනගන්නව මම එයා ගැන හිතන බව. මම හිතුවා මෙතන කතාවක් තියෙනව කියලා. ඒක ලියවුණෙ එහෙම. මේ කතාව ත්‍රාසජනක එකක්. සහෝදර සහෝදරියන්ගේ එදිරිවාදිකම් සහ වෙන්වීමේ කාංසාවන් ගැන එහෙමත් කතාකරනවා. ගොඩක් ළමයින්ට දැනෙන කතාවක්.

Keira Knightley

• ඔයා හැමදාම චිත්‍ර අඳිනවද?

මම හැමදාම චිත්‍ර අඳින්න ආසයි. මොකද ඔයා ගොඩක් වැඩ කරනකොට ඔයාගේ මනස සන්සුන්ව තියාගන්න ඒ වගේ දෙයක් අවශ්‍ය වෙනවා. ඒක භාවනාවක් වගේ සතුටු හිතෙන දෙයක්.

• මට හිතෙන්නෙ අපි ආයෙත් period drama වලට ගියොත් හොඳයි කියලා. ඔයා ඒකට කැමතිද?

මම period drama වලට ආදරෙයි. මම ඉතිහාසයට ආදරෙයි වගේම ඒ දේවල් නැවත හිතෙන් මවා ගන්න උත්සාහ කරනවා. නමුත්, මම ඒ වගේ ගොඩක් කතාවල රඟපාලා තියෙන නිසා ඒ ගැන ආයෙ ආයෙ කතා කරන්න ආස නැහැ. මීට කලින් කෙරුවෙ නැති දෙයක් කරන්න මම කැමතියි.

• ඔයාගෙ Netflix binge එක මොකක්ද?

House of Guinness? මම James Norton ට ඇත්තටම ආදරෙයි.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you