More
    Interviewsපොලීසියෙන් මාව කාර් එක උඩට වීසි කරා

    පොලීසියෙන් මාව කාර් එක උඩට වීසි කරා

    -

    spot_img

    පොලීසියෙන් මාව කාර් එක උඩට වීසි කරා – Rami Malek

    Rami Malek යනු ඊජිප්තු උරුමය දෝත දරාගෙන හොලිවුඩයට ආ රංගන ශිල්පියෙක්. සිය රංගනයේ වූ අපූරු බව නිසාම ඔහු ප්‍රේක්ෂක හදවත්වල ආදරණියව ලැගුම් ගත්තා. Bohemian Rhapsody චිත්‍රපටයේ ඔහු කළ මතක හිටින රංගනය උදෙසා එම වසරේ හොඳම නළුවා සඳහා වන ඇකඩමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ එම සම්මානයෙන් පිදුම් ලැබූ ඊජිප්තු සම්භවයක් සහිත පළමු රංගන ශිල්පියා ලෙස ඉතිහාසයට එක් වෙමින්. 

    ඔහු පවසන්නේ තමන් හොලිවුඩ් රංගන ශිල්පී Tom Hanks ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත් බවයි. තමන් සමග වැඩ කරන සියල්ලන් පිළිබඳ අවධානයෙන් සිටීමේ පුරුද්ද ඔහු ඉගෙන ගෙන ඇත්තේ Tom ගෙනි. ඒ 2010 වසරේ Pacific කතා මාලාවේ රූගත කිරීම් අතරතුරදී ය.

    “මම හිතන්නෙ ප්‍රසිද්ධ අය විතරක් නෙමේ අනිත් හැම කෙනෙක්මත් ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ කියලා.” 

    Rami වඩාත් ප්‍රසිද්ධ වූයේ Bohemian Rhapsody හි ෆ්‍රෙඩී මර්කරි ගේ චරිතය තුළින් බව රහසක් නොවේ. මේ චරිතයට ඔහුව තෝරාගැනීම ගැන බොහෝ අය විස්මය පළ කර තිබේ. තමාට ගායන හැකියාවක් නොතිබූ බවත් පියානෝව වාදනය කිරීමට නොහැකි බවත් ඔහු නිෂ්පාදකයන්ට පවසා තිබෙන අතර ෆ්‍රෙඩී මර්කරිගේ නර්තන විලාසය තමාට කිසිදාකවත් ඉගෙන ගත නොහැකි යැයි ද ඔහු විශ්වාස කළේය. Rami Malekෆ්‍රෙඩී ගේ දත් මෙන් කෘතිම දත් පැළඳූ Rami ඔහු මෙන් කතාබහ කරන්නට පුරුදු විය. පැය ගණන් ඔහුගේ ප්‍රසංග අධ්‍යනය කළේය. නිවැරදි උච්චාරණය පුරුදු වීම උදෙසා භාෂා විශේෂඥයෙකු බඳවා ගත්තේය. අවසානයේ ඔහු සිදුකළ විශිෂ්ට රංගනය හේතුවෙන් Bohemian Rhapsody චිත්‍රපටය ලොව පුරා පවුම් මිලියන 700 කට අධික ආදායමක් උපයා ගත්තේ සර්වකාලීනව වැඩිම ආදායමක් උපයාගත් සංගීත චරිතාපදාන චිත්‍රපටිය බවට පත් වෙමිනි. ෆ්‍රෙඩී මර්කරිගේ චරිතය රඟපෑම වෙනුවෙන් හොඳම නළුවා ලෙසින් පිදුම් ලැබූ අවස්ථාවේ තමා සංක්‍රමණිකයෙකු බව සඳහන් කරමින් ඇකඩමි සම්මාන උළෙලේ ඔහු සිදුකළ කතාබහ කෙරෙහි කාගේත් අවධානය යොමු විය. තම මී මුත්තා ග්‍රීක ජාතිකයෙකු බවත්, තමන් ග්‍රීක ජාතිකයන්ට ආදරේ බවත් ඔහු පවසනවා. ඔහු ග්‍රීක නාට්‍ය ලෝලියෙක්.

    “මම ෂේක්ස්පියර්ට ආදරෙයි. ඒත් මොකක් හරි හේතුවක් නිසා මම ග්‍රීක් අයට ගොඩක් කැමතියි. ඒකට හේතුව පැහැදිලි නෑ.”

    Rami හැදී වැඩුණේ ලොස් ඇන්ජලීස්වලයි. ඔහුගේ දෙමව්පියන් වන සයිඩ් සහ නෙලී 1978 දී ඔහුගේ වැඩිමහල් සහෝදරිය වන යස්මින් සමඟ එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර ඔවුන් නිවසේ දී අරාබි භාෂාව කතා කළහ.

    “මට වයස අවුරුදු පහක් හයක් වෙනකං මම ඉංග්‍රීසි කතා කළේ නැහැ. අපේ ගෙදර කුළුබඩු ගොඩක් දැම්ම කෑම, මස් වර්ග, ධාන්‍ය හැදුවා. ඒව කපන්න ගිහින් දවසක් මගේ ඇඟිල්ලත් කැපුණා.”

    ඔහු පවසන්නේ සිය මාපටැඟිල්ල සහ දබරැඟිල්ල අතර කැළලක් පෙන්වමිනි.

    Rami Malek

    “මගේ තාත්තා සිනමාවට හරියට ආදරේ කළා.අපි The Dirty Dozen ඉඳලා The Great Escape දක්වා හැමදෙයක්ම බැලුවා. Kubrick ගෙ The Shining චිත්‍රපටය බලනකොට මම හරි පුංචියි.”

    තමුන්ගේ පියා තරමක් සැරපරුෂ අයෙක් බව ඔහු පවසයි.

    “සමහර වෙලාවට අපිට එළියට යන්න තහනම්. මම යාළුවන්ට ගෙදරට ආරාධනා කරලා නෑ. වතාවක් මට මයිකල් ජෝර්ඩන්ගෙ පෝස්ටර් එකක් මගේ කාමරේ එල්ලන්න ඕනෙ වුණා. ‘මේ ගෙදර අපි සල්ලි දීලා ගත්තේ. ඇයි ඒකෙ බිත්ති වහන්න හදන්නෙ’ කියල තාත්තා ඇහුවා. ඔහු නිතරම කිව්ව දෙයක් තමයි. ‘රසිකයෙක් වෙන්න. ඒත් ඒක උමතුවක් කරගන්න එපා’ කියන දේ”

    පියා යම් තාක් දුරකට අමෙරිකානු සංස්කෘතිය වැළඳගත්තත් තමාට ඒ සංස්කෘතික වෙනස දැනුන බව Rami පවසනවා.

    “දවසක් පොලිසිය මාව ඔවුන්ගෙ කාර් එකේ බොනට් එකට විසිකරා. ඔවුන් කිව්වා මම ගෑණු කෙනෙක්ගෙ බෑග් එකක් හොරකම් කරලා බව. මම හොරාගෙ විස්තරේට ගැළපෙන බව ඔවුන් කිව්වා.”

    උසස් පාසල් අවධියේදී පාසල් ගාස්තු ගෙවීම සඳහා ඔහු සුළු සුළු රැකියා සිදු කළේය.

    Rami Malek

    “අවුරුදු විසි ගණන්වලදි මමයි මගේ සහෝදරය Sami යි බොහොම දඟකාර වැඩ කළා. මට ඒව ඔබට කියන්න බැහැ. මගෙ අම්මා මුහුණ දුන්න දේවල් ඔයාට තේරෙන එකක් නැහැ. ඒව කිව්වොත් නිව්ස්වලත් යයි. මට රටට ඇතුල් වෙන්න දෙන එකකුත් නෑ”

    ඔහු හිනැහෙමින් පවසයි. ගුවන් තොටුපොළකදී මුහුණදුන් මැදපෙරදිග අයෙකු වීමේ වේදනාව ගැන ඔහු පවසයි. Rami Said Malek යන නම දිගු කලක් යනතුරු ආරක්ෂක අංශවලට ගැටළුවක් වූ හැටි ගැන ඔහු පවසයි.

    “දැන්නම් ඒක ටිකක් වෙනස් වෙලා. ඔවුන් කියනව ‘එයා තමයි Bohemian Rhapsody එකේ ඉන්නෙ, එයාට යන්න දෙන්න’ කියලා.”

    දේශපාලනයට යෑමට හෝ මාධ්‍යවේදියෙකු වීමේ සිහිනය ඔහුට තිබුණද තමාට එය සිදුකළ නොහැකි වග ඔහු දැන සිටියේය. පියාට ඔහුව නීතිඥවරයෙක් කිරීමට අවැසි වුවත් අවසානයේ ඔහු රංගනය තෝරා ගත් අතර එය ඔහුගේ ඉරණම වෙනස් කළේය. විශ්ව විද්‍යාලයෙන් පසු වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළ වසරවලදී, ඔහු පීසා බෙදා හැරීමේ රැකියාවක් සිදු කලේය. 2004 වසරේ Gilmore Girls කතා මාලාවේ රඟපෑමෙන් පසු Night at the Museum (2006), A vampire in The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) වැනි කතා Rami Malek ට ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කර දුනි. හොලිවුඩයේ විශිෂ්ටයින් සමග වැඩ කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි.

    ඔහු තමාට ලැබෙන චරිතය වෙනුවෙන් අසීමිත ලෙස කැපවී කටයුතු කරන රංගන ශිල්පියෙකි. Mr Robot හි භින්නෝන්මාදයෙන් පෙළෙන එලියට්ගේ චරිතය වෙනුවෙන් ඔහු මනෝචිකිත්සකයෙකුගේ උපදෙස් පැතුවේය. ඒ චරිතයේ විවිධ පැතිකඩ ගැන ඔහු පැය ගණන් දුරකථනයෙන් සාකච්ඡා කළේය. 2006 දී ඔහුගේ පියා මිය ගිය අතර මව වයස 70 ගණන්වල අගභාගයේ පසුවෙනවා. ඔහු ඇය ගැන ඇති සෙනෙහසේ තරම පවසන්නේ හැඟීම්බරවය.

    Rami Malek

    ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකාවේ අනාගතය ගැන Rami සිය කනස්සල්ල පළ කරන අතර ට්‍රම්ප්ගේ සංක්‍රමණික විරෝධය ගැන ඔහු අප්‍රසාදය පළ කරයි. තමා හිටපු ජනපති බැරැක් ඔබාමාගේ The Audacity of Hope පොත කියවා තිබෙන බවත්ඔහු පවසනවා.

    “කෙන්යාවේ පියෙකු සහ කැන්සාස්හි මවකට දාව උපන් කොල්ලෙකු එක්සත් ජනපදයේ ජනාධිපති බවට පත් වූ අන්දම ඇමරිකානු සිහිනය ගැන වඩාත්ම බලාපොරොත්තු දල්වන කතාවක්.”

    තේ පානයට ප්‍රිය කරන Rami රේඩියෝ ඇසීමටද කැමතිය. සිතියම් අධ්‍යයනයට සහ Lime-bike වලටත් ඔහු ප්‍රිය කරනවා. නවීන ඉලෙක්ට්‍රොනික මෙවලම් සහ ස්මාට් ෆෝන් ඇත්තේ ඔහු වෛර කරන දේවල් ගොන්නෙහිය.

    “මම කැමතියි අංක කරකවන දුරකථනයකට. ඒ නැතිනං කාසියක් දාලා කතාකරන්න පුලුවන් ටෙලිෆෝන් බොක්ස් එකකට. ඒවා හරි නොස්ටැල්ජික්. device වලට කාටත් ප්‍රවේශ වෙන්න පුළුවන්. මම මගේ නිර්නාමික බවට හරි ආදරෙයි.”

    The Guardian ඇසුරිනි –

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page