වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බවත්, තමන් වෙත එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය පිළිබඳ වන චෝදනා හතරටම තමා නිවැරදිකරු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මදුරෝට එරෙහි මීළඟ නඩු විභාගය මාර්තු 17 වන දිනට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් ද පැවැත්වූ අතර, වෙනිසියුලානු තානාපති සැමුවෙල් මොන්කාඩා ප්‍රකාශ කළේ මෙය කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති “අනවසර සන්නද්ධ ප්‍රහාරයක්” බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති Mike Waltz එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් කියා සිටියේ ලොව විශාලතම බලශක්ති සංචිත නීති විරෝධී නායකයෙකු සහ “යුක්තියෙන් පලායන්නෙකු” අතේ තැබිය නොහැකි බවයි.
මේ අතර අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු හිටපු නායක නිකොලාස් මදුරෝ නිදහස් කරන ලෙස බල කරමින් පැවැති පාර්ලිමේන්තු සැසියකදී, එරට උප ජනාධිපති ලෙස කටයුතු කළ Delcy Rodriguez වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දී තිබෙනවා.



