Newsගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

-

spot_img

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා සිටින අංශයේ තිබී මෙම ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා.

මිලිමීටර් 09 ප්‍රමාණයේ ජීව උණ්ඩ 05ක් මෙලෙස සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.ඒවා පාර්සලයක් සකස් කර තිබුණු බව ද, එම පාර්සලය බන්ධනාගාර තාප්පයෙන් ඇතුලට විසිකර ඇතැයි සැක කෙරෙන බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා.කෙසේවෙතත් මෙම ජීව උණ්ඩ මෙලෙස බන්ධනාගර පරිශ්‍රය වෙත විසිකර ඇත්තේ කවුරුන් වෙත ලබාදීමටදැයි තවමත් හදුනාගෙන් නැහැ.ඒ පිළිබද බන්ධනාගාර බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර කාලයක් තිස්සේ ගැටුම් පවතින ‘කරන්දෙනිය සුද්දා‘ සහ ‘ලොකු පැටී‘ යන සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාගේම ආධාරකරුවන් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.මෙම දෙපාර්ශවය අතර ඉකුත් සමයේ අවස්ථා කිහිපයකදී බන්ධානාගරාය තුළදී ද ගැටුම් ඇති වුණා.

එවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාර පරිශ්‍රයේ තිබී මෙලෙස ජීව උණ්ඩ හමුවීම බන්ධනාගාරයේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු‍වක්.සොයාගත් ජීව උණ්ඩ මේ වනවිට බන්ධනාගාර අධිකාරීවරයාගේ භාරයේ පවතිනවා.මෙම ජීව උණ්ඩ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන විත් ඇත්තේ කිසියම් අපරාධයක් බවටයි සැක කෙරෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...

බස්නාහිර පළාතේ වාහන ජාවාරමක් වටලයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී වාහන ජාවාරමක නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගහවත්ත...
- Advertisement -spot_img

රත් දෝතළු – 63

රත් දෝතළු - 63 අහස් සමඟ රථයේ එන අතරේ වුවද මම කිසිත් කතා නොකළෙමි. නිර්මාණි කීවේ ඔහු එනතුරු නොසිට කුලී...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you