More
    NewsYemen හෙදියකට මරණ දණ්ඩනය

    Yemen හෙදියකට මරණ දණ්ඩනය

    -

    spot_img

    Yemen – 19 හැවිරිදි ඇය 2008 දී යේමනය බලා පිටත්ව යන විට 19 හැවිරිදි වියේ පසුවූවාය. යේමනයෙහි Saan අගනුවර රජයේ රෝහලක හෙදියක් ලෙස රැකියාවක් සොයාගත් ඇය, සුළු වැටුපකට ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන ඇගේ මවට පැවසුවේ ඔවුන්ගේ දුෂ්කරතා ඉක්මනින් අවසන් වන බවයි. වසර පහළොවකට පසු ඒ සිහිනය ඇයගේ පවුලේ අයට බියකරු සිහිනයක් බවට පත්වී ඇත. ඒ, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් යේමනයට පැමිණි 34 හැවිරිදි Nimisha Priya, මේ වනවිට පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව, සානා මධ්‍යම බන්ධනාගාරයේ මරණයට දින ගණන් කරමින් සිටින බැවිනි.

    යේමන ජාතික Talal Abdo Madhi නම් ස්වදේශිකයා මරාදැමීමට වරදකාරිය වූ ඇයට යේමන අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ. නොවැම්බර් 13 දින, යේමනයේ උත්තරීතර අධිකරණ කවුන්සිලය ඇගේ අභියාචනය ප්‍රතික්ෂේප කළේය. නමුත් යේමනය ෂරියා නීතිය අනුගමනය කරන බැවින්, උසාවිය ඇයට මරණයෙන් බේරීමට අවසාන විකල්පය ලෙස, Diyah හෝ “blood money”ගෙවීමෙන් වින්දිතයාගේ පවුලෙන් සමාව ලබාගැනීම නිර්දේශ කොට තිබේ. මේ වනවිට ඇගේ පවුලේ අය කාලයට එරෙහිව දුවමින් සිටින්නේ, ආශ්චර්යයක් සිදු කර ඇයට ජීවත් වීමට ඉඩ සලසන එම සමාව ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. දකුණු ඉන්දියාවේ Kochi නගරයේ ජීවත් වන නිමීෂාගේ 57 හැවිරිදි මව වන ප්‍රේමා කුමාරි තම දියණියගේ දුක්ඛිත තත්වය විස්තර කරන්නේ මෙසේය.”ඇය වෙනුවෙන් මගේ ජීවිතය ගන්න. මම යේමනයට ගොස් ඔවුන්ගේ සමාව ඉල්ලනවා. මම ඔවුන්ට කියනවා, මගේ ජීවිතය ගෙන කරුණාකර මගේ දුවට ජීවිතය දෙන්න. මොකද ඇයට පොඩි දුවෙක් ඉන්නවා එයාට එයාගේ අම්මා ඕනේ ”

    YemenYemen

    නමුත් 2017 වසරේදී, ඉන්දීය පුරවැසියන්ට යේමනයට ගමන් කිරීම, ඉන්දීය රජය විසින් තහනම් කර ඇති අතර සංචාරය කිරීමට අවශ්‍ය අයට විශේෂ අවසරයක් ගත යුතුය. Save Nimisha Priya International Action Council නම් කණ්ඩායමක් දිල්ලි මහාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත්තේ නිමීෂාගේ මවට සහ ඇගේ 11 හැවිරිදි දියණිය මිෂාල්ට සානා වෙත යාමට අවසර දෙන ලෙසයි. මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද ඔවුන් සමඟ යන බව එහි සඳහන් විය. නමුත් පසුගිය සිකුරාදා ඉන්දීය බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යේමනයේ රාජ්‍ය තාන්ත්‍රික තත්වයක් නොමැති බව පවසමිනි.

    2011 දී නිමීෂා ප්‍රියා Tomy Thomas සමඟ විවාහ වීමට නිවසට පැමිණ, විවාහයෙන් පසු නැවත යේමනයට ගිය අතර එහිදී ඔහුට විදුලි කාර්මික සහායකයෙකු ලෙස රැකියාවක් ලැබුණද වැටුප ඉතා අල්ප විය. 2012 දෙසැම්බරයේ ඔවුන්ගේ දියණිය ඉපදුණු පසු, ඔවුන් ජීවත් වීමට අරගල කළ අතර, 2014 දී, තෝමස් දරුවා සමඟ නැවත කොචි වෙත පැමිණ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාවක නිරත වුයේය. නිමීෂා 2014 දී ඇයගේ අඩු වැටුප් සහිත රැකියාවෙන් ඉවත් වී ඇගේම වෛද්‍ය සායනයක් ආරම්භ කිරීමට තීරණය කළාය. නමුත් යේමන නීතියෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමටනම්, ව්‍යාපාර සහකරු ලෙස යේමන් ජාතිකයෙකු සිටිය යුතු බව නියම කර තිබිණි. මියගිය මහ්දී නම් පුද්ගලයා ඇයට මුණගැසෙන්නේ එසේය. ඔහු අසල රෙදිපිළි අලෙවිසැලක් පවත්වාගෙන ගිය අතර ඔහුගේ බිරිඳ නිමීෂා සේවය කළ සායනයේදී දරුවා ප්‍රසූත කර ඇත. 2015 ජනවාරි මාසයේදී නිමීෂා තම දියණියගේ බව්තීස්මය සඳහා නිවසට පැමිණි විට, මහ්දීද නිවාඩුවක් සඳහා ඇය සමඟ පැමිණ තිබිණි. නිමීෂා සහ ඇගේ සැමියා මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් මුදල් ණයට ගත් අතර, රුපියල් මිලියන 5ක් (ඩොලර් 60,000 ක්) රැස් කර ගත් අතර මාසයකට පසු නිමීෂා සිය සායනය ආරම්භ කිරීමට යේමනයට පැමිණියාය. ඇය ලිපි,ලේඛනද සකස් කළේ, ඇගේ සැමියාට සහ දියණියට ඇය හා යේමනයට පැමිණිය හැකි වන පරිදිය. නමුත් මාර්තු මාසයේදී යේමනයේ සිවිල් යුද්ධයක් ඇති වූ අතර ඔවුන්ට එහි යා නොහැකි විය.

    ඊළඟ මාස දෙක තුළ ඉන්දියාව යේමනයේ පුරවැසියන් 4,600 ක් සහ විදේශීය ජාතිකයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කළේය. නොගිය සියගණනක් අතර නිමීෂා ද විය. “අපි සායනය සඳහා විශාල මුදලක් ආයෝජනය කරල තිබුණු නිසා ඇයට ඉන් පිටව ඒමට හැකියාවක් තිබුණේ නෑ. ඇය මට දුරකථනයෙන්, ඇඳන් 14 කින් යුත් සායනය පෙන්නුවා. Al Aman Medical Clinic එකේ සංඥා පුවරුව, පිළිගැනීමේ ස්ථානයේ අලුත් නිල් පාට පුටු , නවතම රසායනාගාර උපකරණ අසල සුදු කබායක් ඇඳගත් මිනිසෙක් වාඩිවී සිටියා. ඔහු මහ්දී බව මං අඳුරගත්තා.” ඇගේ සැමියා තෝමස් පවසයි. වින්දිත පාර්ශවය විසින් දීල්ලි මහාධිකරණයයේ ගොනුකර ඇති ඇති පෙත්සමට අනුව, මහ්දී කොචි හි ඔවුන්ගේ නිවසට ගිය විට නිමීෂාගේ විවාහ මංගල්‍යයේ ඡායාරූපයක් සොරකම් කර ඇති අතර පසුව එය ඔහු නිමීෂා සමඟ විවාහ වී ඇති බව පැවසීමට යොදාගෙන තිබේ. තවද, එම පෙත්සමේ සඳහන් වන්නේ “ඔහු ඇයට ශාරීරික වධ දී සායනයෙන් ලැබෙන ආදායම් සියල්ල උදුරා ගත්” බවත් “මුදල් අවභාවිතය ගැන නිමීෂා ඔහුගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය නරක අතට හැරුණු” බවත්ය. අවස්ථා කිහිපයකදී “ඔහු ඇයට තුවක්කුවක් පෙන්වා තර්ජනය කළ” බව සහ “ඇය රටින් පිටවීම වැළැක්වීම සඳහා ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු භාරයේ රඳවා ගත් ” අතර ඇය පොලිසියට පැමිණිලි කළ විට, “ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට, පොලිසිය ඇයව දින හයකට හිර කර තැබු” එහි තවදුරටත් විස්තර කෙරේ.

    YemenYemen

    නිමීෂාගේ සැමියා වූ තෝමස් සිය බිරිඳ සම්බන්ධ සිද්ධිය දැක ඇත්තේ ප්‍රවෘත්ති සිරස්තලයක් මඟිනි. “කේරළ හෙදියක් වන නිමීෂා ප්‍රියා යේමනයේ දී සැමියා ඝාතනය කර ඔහුගේ සිරුර කපා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.” යනුවෙන් එහි සඳහන් වූ බව ඔහු පවසයි. සෞදි අරාබිය ආසන්නයේ යේමන දේශසීමාවේ සිට නිමීෂා අත්අඩංගුවට ගෙන තිබු අතර මහ්දීගේ කැබලිවලට කපා දැමූ සිරුර මාසයකට පමණ පසු ජල ටැංකියක තිබී සොයාගෙන තිබේ. යේමනයේ උත්තරීතර කවුන්සිලය ඇගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට දින කිහිපයකට පෙර තෝමස් තම බිරිඳ සමඟ කතා කළ විට, නිමීෂා බලාපොරොත්තු සහගතව, “ඔබේ ශක්තිය යොදා මා වෙනුවෙන් යාච්ඤා කරන්න” යැයි ඔහුට පැවසු බවත් උසාවි තීන්දුවෙන් පසු ඔහු ඇය සමඟ කතා කරන විට, “මම බලාපොරොත්තු තබා ගන්නේ කෙසේද?” යනුවෙන් ඇය ඔහුගෙන් ඇසු බවත් ඇගේ සැමියා වන ටොමී තෝමස් BBC පුවත් සේවයට පවසා තිබිණි.

    -BBC News ඇසුරෙනි- by Geeta Pandey.

    Image Source: BBC News

    Latest news

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 39

    රත් දෝතළු - 39 මිදුල දිගේ මම පිටුපසට පැමිණියෙමි. පිටුපස දොර හරින තුරු මම දොර ළඟ පමා වූයෙමි. මඳ වෙලාවක්...

    වියළි දෙතොලට සමුදෙන්න

    වියළි දෙතොලට සමුදෙන්න - Say bye to dry lips දෙතොල් වියළීම හරිම කරදරකාරී දෙයක්. වියළි දෙතොල් ඔබේ පෙනුම අවලස්සන කරනවා....

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page