More
    spot_img
    ArtWake Up Sid ප්‍රේමයට පුළුවන් හිස්කමෙන් ගෙවීයන ජීවිතයක් උද්‍යෝගයෙන්...

    Wake Up Sid ප්‍රේමයට පුළුවන් හිස්කමෙන් ගෙවීයන ජීවිතයක් උද්‍යෝගයෙන් පුරවන්න

    -

    spot_img

    Wake Up Sid – කෙනෙක් යුගදිවියට ඇතුලත් වෙලා ජීවිතය අලුතින් ආරම්භ කරන එකට අපේ පැරැන්නන් කිව්වෙ “පිලිවෙළක් වෙනවා” කියලා. ඇත්තටම ඒක එහෙමද..? ජීවිතයට සහකරුවෙක් හෝ සහකාරියක් මුණගැහුනම අපේ ජීවිතේ පිලිවෙළ වෙනවද..?

    Wake Up Sid

    සිද්ධාර්ත් මෙහ්රා කියන්නෙ නිදිමත මූණක් තියෙන හරිම කම්මැලි කොල්ලෙක්. සල්ලිකාර පවුලක කොල්ලෙක් වුන සිඩ් යාළුවො ගොඩක් එක්ක, ජීවිතේ ගැන වගකීමක් නැතිව විනෝදයෙන් ජීවත්වුන කෙනෙක්. සිඩ් ට තිබුනෙ කලාකාමී හිතක්. කලාත්මක ෆොටෝ ගන්න, චිත්‍ර අඳින්න ඔහු දක්ෂයි.

    එක් රාත්‍රියක සාදයක් අතරතුර ඔහුට අයිශා බැනර්ජි නම් යුවතිය මුණගැහුණා. අයිශා ලේඛිකාවක්. තමන්ගෙ ලේඛන දිවියේ ගොඩක් දුර යන්න හිතාගෙන අයිශා මුම්බායි නගරය වෙත පැමිණ තිබුණා. ඒ විශාල නගරයේ ඈ ජීවත්වුණේ තනිවම. ඔවුන් අතර පළමු හමුවෙන්ම සිඩ් සහ අයිශා මිතුරන් වෙනවා. මේ විශාල නගරයේ කෙල්ලෙක් තනිවම ජීවත්වෙන්නෙ කොහොමද කියන එක සිඩ්ට ප්‍රශ්නයක් වෙලා තිබුණෙ. ඈ ඔහුගේ අනිත් මිතුරියන්ට වඩා වෙනස්. අයිශා බුද්ධිමත්. ඔවුන් දෙදෙනා එක්කම ගිහින් අයිශාට ජීවත්වෙන්න අලුත් නවාතැනක් බැලුවා. අන්තිමේ ඔවුන්ට ලැබුණ පරණ නිවස දෙන්න එක්ක එකතුවෙලා, මහන්සියෙන් ලස්සන තැනක් බවට පත් කර ගත්තා.

    ජීවිතේ ගැන වගකීමක් නොතිබුන සිඩ් තමන්ගෙ අවසාන විභාගය අසමත් වෙලා හිටියෙ. ඔහුට දැණුනේ කම්පනයක්. බලාපොරොත්තු සුන් වීමක්. එක දවසක් රෑ අම්මයි තාත්තයි එක්ක බහින් බස් වුන සිඩ් තමන්ගෙ බඩු බාහිරාදියත් අරන් ගෙදරින් එළියට බැස්සා. යන්න තැනක් කියලා ඔහුට සිහි වුණේ එකම තැනක් පමණයි. ඒ ඇගේ නවාතැනට.

    සිඩ්, අයිශාගේ ගෙදර ගියා. ඉදිරි ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක්, අරමුණක් නැතිවම. දැන් ඉතින් අයිශාට සිද්ධ වෙනවා සිඩ් එක්ක ඇගේ නවාතැන බෙදාගන්න. දවස් ගත වී ගියා.ගෙදරක වැඩ කරන්නෙ කොහොමද කියලා මෙලෝ තේරුමක් නැති, ඔම්ලට් එකක් හදාගන්නත් දන්නෙ නැති, අපිලිවෙළ ජීවිතේම කරගත්තු සිඩ් ට ගොඩක් දේවල් ඉගෙන ගන්න සිදුවෙලා තිබුණා. රස්සාව කරලා මහන්සි වෙලා ගෙදර ආවට පස්සෙ සිඩ් තමාගෙ නවාතැන අපිලිවෙළ කරලා දාලා තියෙන විදිහ දැක්කම අයිශාට දැණුනෙ ආතතියක්. දවසක් ඇය හොඳටම කේන්ති ගිහින් ඔහුට බැනලා නිවසෙන් එළියට ගියා. ඇය ආයෙමත් ගෙදරට එන විට සිදුව තිබුණෙ පුදුමාකාර දෙයක්.

    Wake Up SidWake Up Sid

    සිඩ් ඉතාම ලස්සනට නවාතැන අස් කර, පිළිවෙල කර තිබුණා.

    සිඩ් ට සිද්ධවෙනවා ඇහැරෙන්න, ආයෙම අලුතින්ම ජීවිතේ පටන් ගන්න. අයිශා ඔහුට උදව් කරන්න සූදානමින් හිටියා. කොහොමද මේ මිතුරු මිතුරියන් දෙන්නා එකතු වෙලා ජීවිතේ ගැන සැලසුම් හදන්නෙ..? එකම නිවහනක ජීවිතේ බෙදාගත්, ඔවුන් දෙන්නගෙ බැඳීමේ අනාගතය මොනවගේ වේවිද..?

    හිස්කමෙන් ගෙවීයන ජීවිතයක් උද්‍යෝගයෙන් පුරවන්න, අලුත් බලාපොරොත්තු, අරමුණු ඇති කරන්න ප්‍රේමයට පුළුවන්. Wake Up Sid කියාදෙන්නෙ එවන් සොඳුරු පාඩමක්.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page