The Family Star – ලෝකෙ අනිත් රටවලට සාපේක්ෂව ආසියානු සංස්කෘතීන්වල පුද්ගලයෙක්ගෙ ජීවිතේ “පවුල” නැමති බැඳීමට ලොකු විශේෂත්වයක් තිබෙනවා. එහිදී අපේ ඇවතුම් පැවතුම්, තීරණ, දුක සතුට මේ හැමදෙයක්ම ඔවුන් හා බැඳෙනවා. පවුලක් ඇතුළෙදි අපි තනි නැහැ. එකිනෙකා හා සහයෝගයෙන් සමාදානයෙන් සිටීම සහ රැකබලා ගැනීම පවුලක් සතු යුතුකම් සහ වගකීම්.

තරුණ ගෝවර්ධන් තමයි එයාලගෙ පවුලෙ මුදල් උපයන කෙනා වුණේ. පවුල හා බැඳුන කොල්ලෙක් විදිහට ඔහු තමන්ගෙ වගකීම මැනවින් ඉටු කළා. ඔවුන්ගේ පවුල විශාල එකක්. ජීවිතේ ඒ අයුරින් ගෙවී යන අතරතුරේදියි ඔහුගෙ කතාවට ඉන්දු පැමිණෙන්නෙ. ඇය ඔවුන්ගේ කුලී නිවැසියෙක් විදිහට නවාතැන් ගත්තා. බොහොම ඉක්මන්ට ඉන්දු ඔහු හා ඔහුගේ පවුලේ අය සමග මිතුරු වුණා. පවුලෙ කෙනෙක් තරමට ඇය ඔවුන් හා සමීප වුණා. තම බීමත් සහෝදරයා සමග තිබුණ ප්‍රශ්න, පවුලක් නඩත්තු කිරීමේ අභියෝගයත් එක්ක ජීවත්වුණු ඔහුට ඉන්දුගෙ පැමිණීම සතුටක් රැගෙන ආවා. මිත්‍රත්වය ආදරයකට හැරුණෙ ඉන් පසුවයි. නමුත් ඉක්මනින්ම ඔහුට ඉන්දු පිළිබඳව සැබෑව දැනගන්න ලැබෙනවා.

මධ්‍යම ප්‍රාන්තික තරුණයෙක් විදිහට ගෝවර්ධන්ට තිබුණ (පොදු) අභියෝග, රැකියාවේ, සමාජය තුළ ඔහු මුහුණ දෙන දුෂ්කරතා, විවිධ සමාජ පන්ති අතර තියෙන ගැටුම් වැනි දේවල් එක්ක මේ කතාව අතීතයත් වර්තමානයත් පසුබිම්ව ඉදිරියට ඇදෙනවා. ජීවිතේ සුන්දර වෙන්නෙ අභියෝග එක්ක ඉදිරියට ගමන් කරද්දි. ඒ අභියෝග ඔබට සමහර සත්‍යයන් වටහා දෙනවා. ඔබ මොනතරම් ශක්තිමත් කෙනෙක්ද කියන දේ පහදා දෙනවා. අවසානයේ ප්‍රේමය ජයගන්නවා.




