ArtRamona and Beezus මේක කෙල්ලන්ගෙ කතාවක්

Ramona and Beezus මේක කෙල්ලන්ගෙ කතාවක්

-

spot_img

Ramona and Beezus – නිවසෙදි වගේම පාසලේදිත් නිතරම කරදර දා ගන්න, වටපිටාවෙ ඉන්න අයව විනෝදයට පත් කරන, ප්‍රීතිමත්, හිත හොඳ පුංචි කෙල්ලක් වුන Ramona Quimby ගැන සමහරවිට ඔබට අහන්න ලැබිලා ඇති. රමෝනා වෙලාවකට ටිකක් මෝඩයිත් වගේ. එයාට පුළුවන් පන්ති කාමරයෙ වාඩිවෙලා ඉන්න ගමන් එයාගෙම සිහින ලෝකෙක අතරමං වෙන්න.

මේ වෙද්දී ඇය ඉගෙනගත්තෙ තුන වසරෙ.හුරුපුරුදු අකරතැබ්බ ජීවිතයේම කොටසක් වෙමින් ජීවිතය ගෙවෙමින් තිබුණා. රමෝනාට හිනා නොවී ඇය කරන දේවල්වල හොඳක්ම දකිමින් ඇයට උදව් කළේ සුන්දර Bea නැන්දා විතරයි. රමෝනාගෙ අක්කා බියට්‍රිස්ගෙන් රමෝනා නිතරම බැනුම් ඇහුවා. බැන්නට අක්කා තමාට ආදරේ වග රමෝනා දන්නවා. ඇයත් එහෙමයි.අක්කාට, අම්මාට, තාත්තට සහ පුංචිම පුංචි සහෝදරියටත් පණ වගේ ආදරෙයි. රමෝනා තමන්ට “බීසස්” කියලා කතාකරනවටනං ඇගේ අක්කා කැමති වුණේම නෑ. ඒ නමින් රමෝනා ඇයට හැම තැනදිම කතා කළා. එයාගෙ Crush එක ඉස්සරහ රමෝනා බීසස් කියද්දි නම් බියට්‍රිස්ට හොඳටම ලැජ්ජා හිතුණා.

Ramona and Beezus

මොනතරම් ආදරේ පිරිලා තිබුණත් උදේ ඉඳන් රෑ වෙනකම්ම පවුලක් ඇතුලෙ පුංචි පුංචි යුද්ධ තියෙනවා. රමෝනාගෙ තාත්තගෙ රැකියාව අහිමි ව ගියා. ඔවුන් ණය බරින් පීඩාවට පත්වුණා. අම්මයි තාත්තයි අතර ප්‍රශ්න ඇතිවුණා. ඒ විතරක් නෙමේ ඔවුන්ගෙ ලස්සන පුංචි ගෙදරත් ඔවුන්ට අහිමිව යන තත්වයක් උදාවෙලා තිබුණා.

බලාගෙන ඉඳලා හරියන්නෙ නෑ, එහෙම උණොත් හැමෝටම පාරට බහින්නයි වෙන්නෙ,රමෝනා හිතුවා තමන්ගෙ නිවස බේරගන්න. ඇය ගෙයින් ගෙට ගිහින් රැකියාවක් සොයාගන්න උත්සාහ කරා. ඒක හරි ගියේ නෑ. ඉන්පස්සෙ ඇය තීරණය කළා ලෙමනේඩ් විකුණලා සල්ලි හොයන්න. අම්මගෙ හොඳම පීරිසි කෝප්ප ටික එළියට ගත්තු රමෝනා ලෙමනේඩ් හැදුවා. පුංචි කරත්තයක් හදාගෙන නිවස ඉස්සරහ ලෙමනේඩ් විකුණන්න උත්සාහ කළා. (ඒවා මෙලෝ සත්වයෙකුට බොන්න බෑ)

Ramona and Beezus

මේ අතරෙ තමයි ඇගේ හැම දේකටම උදව් කෙරුව ලස්සන Bea නැන්දට ආදරවන්තයෙක් මුණගැහෙන්නෙ, රමෝනාට ඇයත් අහිමි වෙයිද? ඇයට පුළුවන් වෙයිද නිවස බේරගන්න? තාත්තට ආයෙමත් රැකියාව ලැබෙයි ද?

ජීවිතය ප්‍රශ්න පත්තරයක්. සමහර ප්‍රශ්නවලට සරල පහසු පිළිතුරු තිබෙනවා. සමහර ඒවා ප්‍රායෝගිකව අත්හදා බලා තනිවම පිළිතුරු සොයාගත යුතුයි. සමහර ප්‍රශ්න හැමෝම එක්ව විසඳිය යුතුයි. තවත් සමහර ඒවාට පිළිතුරක් හොයාගැනීම අසීරුයි. එහෙම වූවා කියා ඒ ගැනම නොසිතා ජීවත්විය යුතුවන අතර කාලය විසින් අසීරුම ගැටළුවලට පවා පිළිතුරු ලබා දෙනවා. Ramona and Beezus ජීවිත පාඩම් ගොඩක් කියාදෙන, ආදරය, හාස්‍යය පිරුණු සොඳුරු අත්දැකීමක්. Joey King සහ සුන්දර Selena Gomez ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Ramona and Beezus

 

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you