More
    ArtRamona and Beezus මේක කෙල්ලන්ගෙ කතාවක්

    Ramona and Beezus මේක කෙල්ලන්ගෙ කතාවක්

    -

    spot_img

    Ramona and Beezus – නිවසෙදි වගේම පාසලේදිත් නිතරම කරදර දා ගන්න, වටපිටාවෙ ඉන්න අයව විනෝදයට පත් කරන, ප්‍රීතිමත්, හිත හොඳ පුංචි කෙල්ලක් වුන Ramona Quimby ගැන සමහරවිට ඔබට අහන්න ලැබිලා ඇති. රමෝනා වෙලාවකට ටිකක් මෝඩයිත් වගේ. එයාට පුළුවන් පන්ති කාමරයෙ වාඩිවෙලා ඉන්න ගමන් එයාගෙම සිහින ලෝකෙක අතරමං වෙන්න.

    මේ වෙද්දී ඇය ඉගෙනගත්තෙ තුන වසරෙ.හුරුපුරුදු අකරතැබ්බ ජීවිතයේම කොටසක් වෙමින් ජීවිතය ගෙවෙමින් තිබුණා. රමෝනාට හිනා නොවී ඇය කරන දේවල්වල හොඳක්ම දකිමින් ඇයට උදව් කළේ සුන්දර Bea නැන්දා විතරයි. රමෝනාගෙ අක්කා බියට්‍රිස්ගෙන් රමෝනා නිතරම බැනුම් ඇහුවා. බැන්නට අක්කා තමාට ආදරේ වග රමෝනා දන්නවා. ඇයත් එහෙමයි.අක්කාට, අම්මාට, තාත්තට සහ පුංචිම පුංචි සහෝදරියටත් පණ වගේ ආදරෙයි. රමෝනා තමන්ට “බීසස්” කියලා කතාකරනවටනං ඇගේ අක්කා කැමති වුණේම නෑ. ඒ නමින් රමෝනා ඇයට හැම තැනදිම කතා කළා. එයාගෙ Crush එක ඉස්සරහ රමෝනා බීසස් කියද්දි නම් බියට්‍රිස්ට හොඳටම ලැජ්ජා හිතුණා.

    Ramona and Beezus

    මොනතරම් ආදරේ පිරිලා තිබුණත් උදේ ඉඳන් රෑ වෙනකම්ම පවුලක් ඇතුලෙ පුංචි පුංචි යුද්ධ තියෙනවා. රමෝනාගෙ තාත්තගෙ රැකියාව අහිමි ව ගියා. ඔවුන් ණය බරින් පීඩාවට පත්වුණා. අම්මයි තාත්තයි අතර ප්‍රශ්න ඇතිවුණා. ඒ විතරක් නෙමේ ඔවුන්ගෙ ලස්සන පුංචි ගෙදරත් ඔවුන්ට අහිමිව යන තත්වයක් උදාවෙලා තිබුණා.

    බලාගෙන ඉඳලා හරියන්නෙ නෑ, එහෙම උණොත් හැමෝටම පාරට බහින්නයි වෙන්නෙ,රමෝනා හිතුවා තමන්ගෙ නිවස බේරගන්න. ඇය ගෙයින් ගෙට ගිහින් රැකියාවක් සොයාගන්න උත්සාහ කරා. ඒක හරි ගියේ නෑ. ඉන්පස්සෙ ඇය තීරණය කළා ලෙමනේඩ් විකුණලා සල්ලි හොයන්න. අම්මගෙ හොඳම පීරිසි කෝප්ප ටික එළියට ගත්තු රමෝනා ලෙමනේඩ් හැදුවා. පුංචි කරත්තයක් හදාගෙන නිවස ඉස්සරහ ලෙමනේඩ් විකුණන්න උත්සාහ කළා. (ඒවා මෙලෝ සත්වයෙකුට බොන්න බෑ)

    Ramona and Beezus

    මේ අතරෙ තමයි ඇගේ හැම දේකටම උදව් කෙරුව ලස්සන Bea නැන්දට ආදරවන්තයෙක් මුණගැහෙන්නෙ, රමෝනාට ඇයත් අහිමි වෙයිද? ඇයට පුළුවන් වෙයිද නිවස බේරගන්න? තාත්තට ආයෙමත් රැකියාව ලැබෙයි ද?

    ජීවිතය ප්‍රශ්න පත්තරයක්. සමහර ප්‍රශ්නවලට සරල පහසු පිළිතුරු තිබෙනවා. සමහර ඒවා ප්‍රායෝගිකව අත්හදා බලා තනිවම පිළිතුරු සොයාගත යුතුයි. සමහර ප්‍රශ්න හැමෝම එක්ව විසඳිය යුතුයි. තවත් සමහර ඒවාට පිළිතුරක් හොයාගැනීම අසීරුයි. එහෙම වූවා කියා ඒ ගැනම නොසිතා ජීවත්විය යුතුවන අතර කාලය විසින් අසීරුම ගැටළුවලට පවා පිළිතුරු ලබා දෙනවා. Ramona and Beezus ජීවිත පාඩම් ගොඩක් කියාදෙන, ආදරය, හාස්‍යය පිරුණු සොඳුරු අත්දැකීමක්. Joey King සහ සුන්දර Selena Gomez ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    Ramona and Beezus

     

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page