Presidential Election – වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බවත්, එහිදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට තමා සුදානම් යැයි ද එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසයි. හෝමාගම පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්රකාශ කොට තිබේ.
එම අරමුණ වෙනුවෙන් පසුගියදා “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” නමින් වැඩපිළිවලක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී ඇති බවත් පැවසු මන්ත්රීවරයා, නිර්මාණය කෙරෙන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් නම් කරනු ඇති හෙයින්, එහිදී වෙනත් පුද්ගලයෙකු නම් කළද ඔහුගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටින බව වැඩිදුරටත් පැවසිය.