More
    ArtPapillon සොඳුරුම බැඳීම් ඇතිවන්නේ අසීරුම අවස්ථාවලදී

    Papillon සොඳුරුම බැඳීම් ඇතිවන්නේ අසීරුම අවස්ථාවලදී

    -

    spot_img

    Papillon – ඔහු ප්‍රංශ ජාතිකයන්ටම උරුම වූ කඩවසම් බවේ අපූර්වතම සංකේතයක් බඳු පිරිමියෙක්. ඒ පපුව මත කෙටූ සමනළයෙකුගේ ටැටූව ඔහුට අනන්‍යතාවයක් එක් කළා. සමනළ ටැටූව නිසාම මිනිසුන් ඔහුව හැඳින්වූයේ Papillon යන සුරතල් නාමයෙන්. සමනළයෙකු ලෙසින්ම මේ හිතුවක්කාර පිරිමියාත් හැමදේකටම වඩා නිදහසට පෙම් කළා. ඔහු අපූරු ප්‍රේමවන්තයෙක්.

    PapillonPapillon

    ඔහුගේ සැබෑ නම Henri Charriere. ප්‍රංශ පාතාලය සමගින් කටයුතු කළ ඔහු මිනීමැරුම් චෝදනාවක් හේතුවෙන් සිරදඬුවමකට යටත් වෙනවා. එය ප්‍රංශයෙන් බොහෝ දුරස්ව පිහිටි අපායට නෑකම් කියන තැනක් වැනි සිරගෙදරක්. දහස් ගණනක සිරකරුවන් සමගින් නෞකාවකින් සිරගෙදර වෙත යන ගමනේදී ඔහුට Louis Dega නම් සිරකරුවා මුණගැසෙනවා. Louis Dega යනු සුප්‍රකට ධනවතෙක්. එක්තරා අවස්ථාවකදී Papillon විසින් Dega ගේ ජීවිතය බේරා ගන්නවා. ජීවිතය පවතින තුරාවටම අමතක නොවන සුවිශේෂී මිතුදමක ආරම්භය සනිටුහන් වෙන්නේ එලෙසින්.

    Papillon

    නාහෙට නාහන,හිතුවක්කාර,ඉවසීම ගොඩක් අඩු Papillon වගේ නෙමෙයි Louis Dega නම්. ඔහු බොහොම සන්සුන් සහ සාමකාමී කල්පනාවෙන් වැඩ කරන කෙනෙක්. ඔහු චිත්‍ර ඇඳීම ප්‍රිය කළා. උද්ගත වූ තත්වයන්ට ඉවසීමෙන් මුහුණ දුන්නා. නමුත්,සිරගත වූ මොහොතේ සිටම Papillon ට වුවමනා වූයේ එයින් පැනයාමයි. එකිනෙකට හාත්පසින්ම වෙනස් ගතිගුණ සහිත මේ දෙදෙනාගේ මිත්‍රත්වය මහ පුදුමාකාර බැඳීමක්.

    බියකරු සිහිනයක් බඳු ජීවිතයක් – පාවාදීම් – පලායාමේ සැලසුම් – පැන යාම් – නැවත සිරගත කිරීම් සමගින් වසර ගණනාවක් පුරාවට ඔවුන්ගේ ජීවිත කතාව ඉදිරියට ගලා යනවා. ඉදිරියට කුමක් සිදුවේද? Papillon සහ Dega නිදහස පතා සිදුකරන උත්සාහයන් සාර්ථක වෙයිද?

    Papillon

    දැඩි බැඳීමක් ඇතිකරගනිමින් ඔබ හා ජීවිතය බෙදාගත් අයෙක් කෙදිනක හෝ ඔබට සමුගන්නම් යැයි පවසාවි. ඒ මොහොතේ ඔබට ඔබවත් අහිමි උනාක් බඳු හැඟීමක් ඇතිවේවි.ඉතින් ඔබ ඒ කෙනාට ඔබ හැර යන්න දෙනවාද? නැතිනම් ඔබ හා ඉන්න යැයි ආයාචනා කරනවාද? මේ කතාවේ අවසානය පපුව හිරකරන්නාක් වැනි හැඟුමක් ඔබට දනවාවි. සොඳුරුම බැඳීම් ඇතිවන්නේ අසීරුතම අවස්ථාවලදී බැව් වටහා දේවි.

    Papillon

    ප්‍රංශ ජාතික ලේඛක Henri Charriere නොහොත් Papillon ගේ ස්වයං චරිතාපදානය යනු, අලෙවි වාර්තා අතරට එක් වූ කෘතියක්. ලොව පුරා භාෂා තිහකින් පිටපත් මිලියන 13කට අධික ප්‍රමාණයක් අලෙවි වූ Papillon කෘතිය ඇසුරින් Papillon (2017) චිත්‍රපටය නිමැවී තිබෙනවා. Michael Noer ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Charlie Hunnam සහ Rami Malek ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. Charlie Hunnam – Rami Malek මුසුව අමතක නොවන අන්දමේ අත්දැකීමක් ඔබ වෙත ගෙන දෙනු නිසැකයි.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page