OIC arrested – රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
පැමිණිලිකරු විසින් මිලදීගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමථයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කරගෙන යෑමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊයේ (21) සවස පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි කාර්යාලයේ දී එම පොලිස් ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.