Nepal social media – නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා.
මෙම සමාජ මාධ්‍ය තහනමට එරෙහිව නේපාලයේ පැවති විරෝධතා අතර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයන් 19 දෙනෙකු මිය යාමත් සමඟ ඇතිවූ තත්ත්වය මත මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සඳුදා සවස පැවති හදිසි කැබිනට් රැස්වීමකින් පසුව, ‘Gen Z’ හි ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව නේපාලයේ සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය පෘථිවි සුබ්බා ගුරුන්ග් පවසා තිබෙනවා.
නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලියාපදිංචි වීමට අපොහොසත් වීම හේතුවෙන්, Facebook, YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26 ක් නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම පසුගියදා තහනම් කිරීමට නේපාල රජය විසින් පියවර ගෙන තිබුණා.



