More
    NewsNepal Burns නේපාලය ගිනි ගනී අගමැතිත් ගෙදර

    Nepal Burns නේපාලය ගිනි ගනී අගමැතිත් ගෙදර

    -

    spot_img

    Nepal Burns – මේ වන විට නේපාලයේ හටගෙන ඇත්තේ උණුසුම් තත්ත්වයක්. ඒ, නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වෙන විරෝධතා හේතුවෙන්. නේපාලය යනු ශ්‍රී ලාංකිකයින් ද සැලකිය යුතු පිරිසක් වෙසෙන රටක්. නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් බහුතරයක් ශිෂ්‍ය වීසා මත සිටින අය වනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන්  විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ නේපාලයේ රැඳී සිටින ශ්‍රී ලාංකයින් සම්බන්ධයෙන් එරට තානාපති කාර්යාලය අඛණ්ඩව තොරතුරු සොයාබලමින් සිටින බවයි. නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එරට සිටින කිසිදු ශ්‍රී ලංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව සඳහන්.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ නේපාලයේ කත්මන්ඩු අගනුවර පැවැත්වෙන විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ වී ඇති බවයි. පනවා ඇති ඇඳිරිනීතිය ද නොතකා මේ වන විටත් විරෝධතා සිදුවෙමින් පවතිනවා. විරෝධතා අතරතුර එරට අග්‍රාමාත්‍ය ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, එමෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා ඇති බව සඳහන්.

    මේ වන විට එරට ගුවන්තොටුපොළද තාවකාලිකව වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස ඊයේ විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවයි. සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වීථි බැස විරෝධතාවේ නිරත වූ බහුතරය නව පරම්පරාවට අයත් යොවුන් තරුණ තරුණියන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. පුද්ගලයින් 25 දෙනෙකුට මරු කැඳවූ නේපාල විරෝධතාවලින් අනතුරුව එරට අගමැති කේ.පී. ෂර්මා ඕලි සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

    මේ අතර නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවයි.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සෑම විටම ජලය සහ වියළි ආහාර සැපයුමක් තබා ගන්නා ලෙසයි. නේපාලය තුළ සිසුන් 22ක් ඇතුලුව ශ්‍රී ලංකිකයන් 99ක් එරට සිටින අතර තානාපති කාර්ය මණ්ඩලයද ඊට අයත් බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා. මේ දක්වා කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වාර්තා වී නොමැති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page