ArtJohnny Ruffo ජනප්‍රිය රූපවාහිනී තරුව මොළයේ පිළිකාවකින් මියයයි

Johnny Ruffo ජනප්‍රිය රූපවාහිනී තරුව මොළයේ පිළිකාවකින් මියයයි

-

spot_img

Johnny Ruffo – Soap Home and Away රුපවාහිනි කතා මාලාවෙන් අතිශය ජනාදරයට පත්වූ ඔස්ට්‍රේලියානු රංගන ශිල්පියෙකු සහ ගායකයෙකු වූ Johnny Ruffo මොළයේ ඇතිවූ පිළිකාවක් හේතුවෙන් අද [10 වෙනි සිකුරාදා] මියගොස් තිබේ. කාලයක් තිස්සේ මෙම පිළිකා තත්වය සමඟ දරුණු සටනක නිරතව සිටි ඔහු මියයන විට වයස අවුරුදු 35 කි.

Johnny Ruffo

ඔහු මොළයේ පිළිකාවකින් පසුවන බව සොයාගන්නා ලද්දේ 2017 වසරේදීය. එතැන් පටන් ඔහු පිළිකාවන්ගෙන් පිඩා විඳින පිරිස් වෙනුවෙන් අරමුදල් එක්රැස් කළ අතර ඔවුන්ව දිරිමත් කිරීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන්නට කාලය ගතකර තිබිණි. පිළිකා රෝගයකින් පෙලෙන බව හඳුනාගැනීමත් සමඟම සිය වෘත්තීය ජීවිතයට සමුදුන් ජොනී රෆෝ, සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට විය. 2019 වසර වනවිට ඔහුගේ රෝග තත්වය සාමාන්‍ය අතට හැරී තිබුණද, 2020 වසරේදී එය යළි උත්සන්න වන්නට පටන් ගෙන තිබිණි.

Johnny Ruffo

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර උපත ලද ඔහු 2011 වසරේ X Factor රියැලිටි වැඩසටහනට එක්වීමත් සමඟ අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඊට අමතරව ඔහු කේවල ගීත කිහිපයක් නිකුත් කිරීමටත්, Dancing with the Stars හි වාරයක් ජයග්‍රහණය කිරීමටත්, Soap Home and Away කතා මාලාවේ Chris Harrington ගේ චරිතයට වසර තුනක් රංගනයෙනුත් එක්ව තිබේ. ඔහු මිය යෑමට ආසන්න කාලයේ Channel 10 නාලිකාව සමඟ සාකච්ජාවකට එක්වෙමින් පවසා තිබුණේ “පරීක්ෂණ වලින් මගේ උපරිම ආයු කාලය වසර තුනක් බව කියවුණා. එදා ඉඳලා මේ වෙනකොට මම වසර පහක් ජීවත්වෙලා තියනවා. ඉතිං දැනටමත් මං දිනුම් නේද?” යනුවෙනි. ඔහු මියයනතෙක් ඔහුව රැකබලාගනිමින් ජීවත්ව තිබුණේ ඔහුගේ සහකාරිය වූ Tahnee Sims විසිනි.

-BBC News ඇසුරෙනි- by Tiffanie Turnbull

Photo Credits: Back to the bay / Daily Express

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you