More
    NewsIsrael Gaza War ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාර වලින් ගාසා අහස...

    Israel Gaza War ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාර වලින් ගාසා අහස ගිණියම් වෙයි

    -

    spot_img

    Israel Gaza War – හමාස් සමග දිගු යුද්ධයක් ගැන ඊශ්‍රායලය අනතුරු ඇඟවීමත් සමඟම ගාසා තීරයේ දැඩි අර්බුදකාරී තත්වයක් හටගෙන තිබේ. ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ඊයේ [2 වෙනි බ්‍රහස්පතින්දා] රාත්‍රිය වනවිට South Gaza අහස ගිනිදැල් සහ පිපිරීම් වලින් ආලෝකමත් වී ඇති අතර, ඒ තම හමුදාව විසින් ගාසා නගරය වටකර බෝම්බ හෙලීම නිසා බවයි. ඇමරිකානු ජනාධිපති Joe Biden සහ ඔහුගේ ඉහල පෙළේ උපදේශකයින් ඊශ්‍රායලයට අනතුරු අඟවමින් අවධාරණය කර සිටින්නේ මානුෂීය දුක් වේදනාවල පරිමාණය පිලිබඳ ගෝලීය විරෝධය උත්සන්න වන වන මොහොතක ගාසා තීරයේ සිය මිලිටරි ඉලක්ක කරා ගමන් කිරීම ඉදිරිදියේදී ඔවුනට දැඩි විපාක වලට මුහුණ දීමට හේතු විය හැකි බවයි.

    වීඩියෝ සබැඳිය: crisis in Gaza, crowds gather at Rafah crossing (cnn.com)

    ඊශ්‍රායල ප්‍රහාරවලින් සරණාගත කඳවුරුවල සහ පාසල්වල නවාතැන් ගත් මිනිසුන් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ ආධාර ඒජන්සියක් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. ගාසාහි රෝහල් පැවසුවේ ඉන්ධන සහ අනෙකුත් තීරණාත්මක සැපයුම් අඩු වන බැවින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඔවුන් අරගලයක නිරතවන බවයි. Israel-Hamas ගැටුමෙන් මේ වන විට අවම වශයෙන් මාධ්‍යවේදීන් 36 දෙනෙකු මිය ගිය බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මියගිය මාධ්‍යවේදීන් අතරට පලස්තීන ජාතිකයන් 31ක්, ඊශ්‍රායල ජාතිකයන් හතරක් සහ එක් ලෙබනන් ජාතිකයෙක් ඇතුළත් බවයි. රුසියාව විසින් ගාසා තීරයට මානුෂීය ආධාර තොගයක් යැවීමට තීරණය කර ඇති බව එරට රජයේ අමාත්‍යාංශය පවසා ඇති අතර ජෝර්දානයේ විදේශ ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායලය වහාම ගාසා තීරයේ තම යුද්ධය නතර කළ යුතු බවයි. මේ අතර තවත් විදේශීය ජාතිකයන් 341 ක් Rafah දේශසීමාව හරහා ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව ඊජිප්තු නිලධාරියෙක් CNN පුවත් සේවය වෙත පවසා තිබිණි.

    -CNN Live Updates ඇසුරෙනි-

    Photo Credits: www.cnnnews.com

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page