More
    NewsIsrael Gaza War ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාර වලින් ගාසා අහස...

    Israel Gaza War ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාර වලින් ගාසා අහස ගිණියම් වෙයි

    -

    spot_img

    Israel Gaza War – හමාස් සමග දිගු යුද්ධයක් ගැන ඊශ්‍රායලය අනතුරු ඇඟවීමත් සමඟම ගාසා තීරයේ දැඩි අර්බුදකාරී තත්වයක් හටගෙන තිබේ. ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ඊයේ [2 වෙනි බ්‍රහස්පතින්දා] රාත්‍රිය වනවිට South Gaza අහස ගිනිදැල් සහ පිපිරීම් වලින් ආලෝකමත් වී ඇති අතර, ඒ තම හමුදාව විසින් ගාසා නගරය වටකර බෝම්බ හෙලීම නිසා බවයි. ඇමරිකානු ජනාධිපති Joe Biden සහ ඔහුගේ ඉහල පෙළේ උපදේශකයින් ඊශ්‍රායලයට අනතුරු අඟවමින් අවධාරණය කර සිටින්නේ මානුෂීය දුක් වේදනාවල පරිමාණය පිලිබඳ ගෝලීය විරෝධය උත්සන්න වන වන මොහොතක ගාසා තීරයේ සිය මිලිටරි ඉලක්ක කරා ගමන් කිරීම ඉදිරිදියේදී ඔවුනට දැඩි විපාක වලට මුහුණ දීමට හේතු විය හැකි බවයි.

    වීඩියෝ සබැඳිය: crisis in Gaza, crowds gather at Rafah crossing (cnn.com)

    ඊශ්‍රායල ප්‍රහාරවලින් සරණාගත කඳවුරුවල සහ පාසල්වල නවාතැන් ගත් මිනිසුන් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ ආධාර ඒජන්සියක් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. ගාසාහි රෝහල් පැවසුවේ ඉන්ධන සහ අනෙකුත් තීරණාත්මක සැපයුම් අඩු වන බැවින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඔවුන් අරගලයක නිරතවන බවයි. Israel-Hamas ගැටුමෙන් මේ වන විට අවම වශයෙන් මාධ්‍යවේදීන් 36 දෙනෙකු මිය ගිය බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මියගිය මාධ්‍යවේදීන් අතරට පලස්තීන ජාතිකයන් 31ක්, ඊශ්‍රායල ජාතිකයන් හතරක් සහ එක් ලෙබනන් ජාතිකයෙක් ඇතුළත් බවයි. රුසියාව විසින් ගාසා තීරයට මානුෂීය ආධාර තොගයක් යැවීමට තීරණය කර ඇති බව එරට රජයේ අමාත්‍යාංශය පවසා ඇති අතර ජෝර්දානයේ විදේශ ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඊශ්‍රායලය වහාම ගාසා තීරයේ තම යුද්ධය නතර කළ යුතු බවයි. මේ අතර තවත් විදේශීය ජාතිකයන් 341 ක් Rafah දේශසීමාව හරහා ගාසා තීරයෙන් පිටව ගොස් ඇති බව ඊජිප්තු නිලධාරියෙක් CNN පුවත් සේවය වෙත පවසා තිබිණි.

    -CNN Live Updates ඇසුරෙනි-

    Photo Credits: www.cnnnews.com

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page