Investigation Begins – කරණ්දෙනිය, කැබැල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරණ්දෙනිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්කර තිබුණේ 74 හැවිරිදි කාන්තාවක් හා ඇගේ පුත්‍රයා වූ 25 හැවිරිදි තරුණයෙක්. ඔවුන් කොටවෙල, කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඝාතනය සිදු කළ බවට සැකකරන 43 හැවිරිදි සැකකරු මරණකරුවන්ගේ නිවස ආසන්න නිවසක පදිංචිව සිට ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



