Fraud of money – රුපියල් නව කෝටි අනූ තුන් ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තිදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා.
ඒ අනුව, අදාළ බැංකු ශාඛාවේ උකස් අංශයේ සේවය කළ සැකකාරියන් තිදෙනා කැරට් 24 රත්‍රන් බව අඟවා, ව්‍යාජ රන් භාණ්ඩ උකස් කර, එම මුදල් වංචා කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු මේ වනවිට විදේශගත වී ඇති බවත්, ජාවාරමට සම්බන්ධ තවත් බැංකු නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.