More
    NewsEmeka Iwueze - කොත්තුවේ නියම මිල විමසු විදේශිකයා පන්නා...

    Emeka Iwueze – කොත්තුවේ නියම මිල විමසු විදේශිකයා පන්නා දැමු මුදලාලිට වැඩ වරදි.

    -

    spot_img

    Emeka Iwueze නම් සංචාරක Vloger කෙනෙකු පසුගිය දිනෙක ලංකාවේ අලුත්කඩේ street food රස බැලීමට ගොස් කොත්තුවක් ලබාගැනීමට යාමේදී මිල පිළිබඳව ඇතිවූ සංවාදයක් හේතුවෙන් තමාව එම පරිශ්‍රයෙන් එම වෙළඳ සල් හිමියා පන්නා දැමු බව Emeka Iwueze තම vlog වීඩියෝවේ ප්‍රචාරය කර තිබුනා.

    කඩ හිමියා පැවසු මිල සැබෑ සහ සාධාරණද යන වග, සහ එම කොත්තුවේ සැබෑ පිරිවැය පිළිබඳව එම කඩේ සේවකයාගෙන් Emeka Iwueze විමසීමේදී කඩ හිමියා මෙසේ කෝප වී එම විදේශිකයා පන්නා දමන ආකාරය එම වීඩියෝවේ සඳහන් වෙනවා.

    Emeka Iwueze ඒ පිළිබඳව වීඩියෝවට අදාල විස්තරයේ මෙසේ සඳහන් කර තිබෙනවා.

    “ශ්‍රී ලංකාවේ කොළඹ, අලුත් කඩේ ප්‍රදේශයේ මෙම උද්යෝගිමත් වීදි ආහාර සමඟ, මගේ අරමුණ වූයේ දේශීය ශ්‍රී ලාංකීය ආහාර රස විඳිමින් ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධ වීමයි. මම කාර්යබහුල වීදිවල ඇවිද යද්දී, මගේ රස අංකුර රසවත් ආහාරවල සුවඳින් පිපිරෙමින්, මගේ කුතුහලය අවුස්සන විශේෂිත කුටියක් වෙත මා ඇදී ගියේය.

    ප්‍රදර්ශන කුටියට ළං වූ විට මට මුණගැසුණේ එහි කළමණාකරු බව පසුව හෙළිදරව් වූ ඔහුගේ හැසිරීම සතුරුකම විදහාපෙන්වූ මිනිසෙකි. ඔහුගේ මිත්‍රශීලී නොවන ස්වභාවය නොතකා, මම ඔහු සමඟ ආහාර පිළිබඳ සංවාදයක යෙදුණෙමි. කෙසේ වෙතත්, ඔහු මිල ගණන් හෙළි කළ විට, මගෙන් වැඩි මුදලක් අය කෙරේ යන සැකය මට දුරු කළ නොහැකි විය. පැහැදිලි කිරීම සඳහා, මම සැබෑ පිරිවැය සම්බන්ධයෙන් කෝකියාගෙන් තහවුරු කිරීමක් ඉල්ලා සිටියෙමි.

    මගේ එම අහිංසක විමසීම කළමනාකරු කෝපයට පත් කළ අතර, එය උණුසුම් වචන හුවමාරුවකට තුඩු දුන් අතර ඔහු මට පරිශ්‍රයෙන් ඉවත් වීමට අවසාන නිවේදනයක් නිකුත් කළේය. වරදක් නොකළ බව හැඟුණු මට ඔහුගේ ප්‍රතිචාරය පිටුපස ඇති සදාචාරය ප්‍රශ්න කිරීම වළක්වා ගත නොහැකි විය. මගේ මතය අනුව, මිලකරණයේ විනිවිද භාවය අපේක්ෂා කිරීම වැරද්දක් නොවේ. මම වැරදි නම්, මම සමාව ඉල්ලමි.”

    මේ වන විට එම වෙළඳසැල් හිමියා සංචරකයාට අඩත්තේට්ටම් කිරීමේ චෝදනාවට කෙසල් වත්ත පොලීසිය මගින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) දින කොළඔ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page