More
    NewsDeshabandu : මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක්...

    Deshabandu : මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ

    -

    spot_img

    Deshabandu –මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බව ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසනවා.

    ඒ අනුව මේ සියලු චෝදනා දේශපාලනික වුවමනා මත එල්ල කර ඇති බව ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට පෙනී සිට සාක්ෂි ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

    එසේම, හැකි නම් එම හෝටලයේ හිමිකරු ගෙනැවිත් තමා සමඟ පුද්ගලික තරහක් තිබුණේ ද යන්න විමසන ලෙසත්, තමා මෙම කමිටුව විශ්වාස කරන බවත්, මෙය ඉතිහාස‍යේ ලියැවෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

    එසේම මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අතර, තමන් ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ බවත්, එහිදී ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුර භාරගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් ලැබුණු බවයි එහිදී ඔහු සඳහන් කළේ.

    ඒ සඳහා ඔවුන් මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාදීමට යෝජනා කර තිබූ බවත්, නමුත් තමාට රැකියාවල් දෙකක් කිරීමට නොහැකි බව පවසා තමන් එම තනතුර ප්‍රතික්ෂේප කළ බවයි සාක්ෂි ලබා දෙමින් දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

     

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page