NewsDeshabandu : මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක්...

Deshabandu : මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ

-

spot_img

Deshabandu –මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බව ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පවසනවා.

ඒ අනුව මේ සියලු චෝදනා දේශපාලනික වුවමනා මත එල්ල කර ඇති බව ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට පෙනී සිට සාක්ෂි ලබාදෙමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, හැකි නම් එම හෝටලයේ හිමිකරු ගෙනැවිත් තමා සමඟ පුද්ගලික තරහක් තිබුණේ ද යන්න විමසන ලෙසත්, තමා මෙම කමිටුව විශ්වාස කරන බවත්, මෙය ඉතිහාස‍යේ ලියැවෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

එසේම මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අතර, තමන් ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කටයුතු කළ බවත්, එහිදී ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුර භාරගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් ලැබුණු බවයි එහිදී ඔහු සඳහන් කළේ.

ඒ සඳහා ඔවුන් මාසිකව රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාදීමට යෝජනා කර තිබූ බවත්, නමුත් තමාට රැකියාවල් දෙකක් කිරීමට නොහැකි බව පවසා තමන් එම තනතුර ප්‍රතික්ෂේප කළ බවයි සාක්ෂි ලබා දෙමින් දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you