CID – ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ආගමන විගමන පනත උල්ලංඝණය කර ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඇය පදිංචි නිවසින් අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඊයේ [මැයි 20] දැන්වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මසේත්රාත් අධිකරණය ඇය සැකකාරියක ලෙස නම් කර තිබිණි. අද [මැයි 21] ඇය සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයන් පවසයි. තම සේවා දායකයා කිසිවිටෙකත් වහන් වී නැතැයි ද රහස් පොලිසිය මගින් ඇය සොයන බවට මාධ්‍ය මගින් දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරු පවසා තිබේ.