NewsAt the Hambantota Bird Park හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන්...

At the Hambantota Bird Park හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

-

spot_img

At the Hambantota Bird Park – නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව, හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 05 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම මෝටර් බයිසිකල් මහා මාර්ගයේ භාවිතා කිරීමේ චේතනාවෙන් ගෙන්වන ලද බයිසිකල් නොවන බවත්, මෝටර් රථ පනතට අනුව මෙම චෝදනාව ඇප ලබා දිය හැකි වරදක් බවයි.

මෙම සිද්ධියට අදාළ නඩුව හෙට (30) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවත්, එහිදී සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, අදාල ඇප ඉල්ලීම හෙට දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඬුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 05 වැනිදා කැඳවන ලෙසට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you