NovelsRath Dothaluරත් දෝතළු - 37

රත් දෝතළු – 37

-

spot_img

රත් දෝතළු – 37

ඇගේ අතින් අල්ලාගෙන මා සිටියේ නිහඬවමය. සුළු මොහොතකට පසුව ඇගේ හැඬුම බාල විය.

“ඒ හැමදේම අතීතයක් වුණාට… මට සැරෙන් සැරේ ඒවා මතක් වෙනවා… ඩෙරික් මං හරිම ආදරෙන් හිටියේ… ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නැති… හොඳ අය ඉක්මනට නැතිවෙනවා… ඔයා දැකපු වෙලේම මට ඔයා ගැන ලොකු ආදරයක් ඇති වුණේ මගේ දරුවා මතක් වෙච්ච නිසා වෙන්නැති…”

ඇගේ වේදනාව මා ලැබූ එකක් සේ මට හැඟිණි. ඈ දිගු හුස්මක් ඇද්දේ අතීතය මතක යළි සිත පාරවන්නට වූ නිසා වන්නට ඇත. තනිව හිඳින සෑම මොහොතකම ඈ සිය අතීතය සිහිකරමින් සිතින් වේදනා විඳිනවා විය යුතුය. අහස් ඇයව නිතරම සතුටින් තියන්නැයි පැවසුවේ මේ නිසා වන්නට ඇත.

“මම මේ ගෙදර තනියම නිසා නංගි ටික කාලෙකට මා එක්ක නවතින්න ආවා… ආයේ එයා යන්න යනකොට අහස් පුතා මාව දාලා යන්න බැහැ කියලා අඬන්න ගත්තා… මමත් එයාව මං ගාව තියාගත්තා…”

ඈ යළි කීවාය.

“අහස්ව වදපු අම්මා නංගී වුණාට… එයාව හදපු අම්මා මම… ඩෙරික් නැතිවුණු වේදනාව, පාළුව මට නොදැනුණේ අහස් පුතා නිසායි… ඇරත් ඉතින් නංගිට අර සමිති, මේ සමිති… පාර්ටි… ෆියුනරල්… ඒවා මේවා එක්ක දරුවෝ අමතක වුණා… විහඟ හිටියේ හුඟාක් වෙලාවට එයාගේ ආච්චි අම්මා එක්ක… මට දෙන්නාවම බලාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ… මං හිටියේම වීල් චෙයාර් එකේ… මේ ළමයි දෙන්නා දෙතැනක හැදුණු හිංදද මංදා දෙන්නාගේ ගතිගුණත් හරිම වෙනස්…”

සුසුමක් හෙළමින් ඈ කතාව නැවතුවේ අහස් නැවතත් මැද දොරින් පිවිසෙනු දුටු නිසාය. සැහැල්ලු ටී ෂර්ටයකින් සහ කොට කළිසමකින් සැරසී සිටි ඔහු කෙරෙන් දිස් වූයේ කෙළිලොල් බවකි. මා ඔහු දෙස දෑස් දල්වා බලාසිටින්නට ඇත. ඒ මුවේ ඇඳුණු සරදම් සහගත සිනහව දැක මම වහා ඉවත බැලුවේ සිත ඉහිරී ගිය ලැජ්ජා මුසු හැඟීම නිසාය.

“සුදු මම්මා… මම ටිකක් එළියට යනවා… මං එනකොට ඩිනර් අරන් එන්නම්… තව මොනවා හරි ගේන්න ඕනද…?”

“මොකුත් ඕන නැහැ පුතේ… පරිස්සමින් ගිහින් එන්නකෝ…”

“මම ඉක්මනට එනවා…”

“දැන් ඉතින් කමක් නැහැ පුතේ… ඔයා හිමින් එන්න… අරවින්දි ඉන්නවනෙ…”

ඔහු ඉක්මන් බැල්මක් මවෙත හෙළීය.

“ඔව්… ඔව්… දැන් ඉතින් සුදු මම්මාට අරවින්දි ඉන්නවානේ… අපි නාවත් කමක් නැහැ කියලා වගේ ඒක කිව්වේ…”

ඔහු කීවේ මවාගත් නොමනාපයකින් මෙනි.

“මෙන්න මෙයාට ආයේ ඊර්ෂ්‍යාව ඔළුවට ගහලා…”

“නැතුවට…”

එසේ කී ඔහු ඈ සිපගෙන පිටව ගියේ මට රවමිනි.

“හැම එකටම මටම ඔරවනවා…”

මම සිතුවේ නොමනාපයෙනි.

“වෙලාවකට මේ ළමයි පව් කියලාත් හිතෙනවා ළමයෝ… කටට රසට කෑම ටිකක් උයලා දෙන්න අම්මා ළඟ නැහැ… හිටියාත් උයන්නේ ගෙදර වැඩට ඉන්න කෙනා… ගෙදර ඉන්න දවසටවත් තේ ටිකක් හදලා දෙන්න වුවමනාවක් නැහැ… මං තේ හදනවට අහස් කැමති නැහැ… ගොඩාක් වෙලාවට එයා තමා මටත් තේ හදලා දෙන්නේ…”

“එතකොට මේ දවස්ස් වල හැමදාම කඩෙන්ද කන්නේ…?”

පුදුමයෙන් මම ඇසීමි.

“ඔව් ළමයෝ… හොටෙල් වලින් ඕඩර් කරනවා… ශීලා හිටියත් මේ ළමයි කැමති නැහැනේ එයා උයන ඒවා කන්න… ඩ්‍රයිවරුයි, සිකියුරිටියි ගෙදරින් කෑම අරන් එන්නේ…”

“හෙට ඉඳන් එහෙනම් මම උයන්නම්…”

විනීෆ්‍රීඩා මහත්මිය මා දෙස බැලුවේ පුදුමයෙන් මෙනි.

“පිස්සුද ළමයෝ… අහස් පුතා නම් කීයටවත් කැමති වෙන එකක් නැහැ…”

“ඒ ඇයි අහස් සර් අකමැති වෙන්නේ…?”

මම පුදුමයෙන් ඇසීමි.

“එයා කියයි… ඔයා ඉන්නේ සුදු මම්මා බලාගන්න මිසක් උයන්න පිහන්න නෙවේ කියලා…”

එයට නම් මා මුවට සිනහවක් නැඟිණි.

“ඒකට මහා ලොකු වෙලාවක් යන්නේ නැහැනේ මැඩම්… මැඩම්ට පුළුවන්නේ… උයනකල් ළඟට වෙලා ඉන්න…”

මම කියන විට ඈ මඳහසක් නැඟුවාය.
————————————————————————————————————————————
මට විනීෆ්‍රීඩා මහත්මිය කෙරෙහි පුදුම සිතිණි.ඈ මට සැළකුවේ ඇගේම දරුවෙකුට මෙනි. අහස් යළි පැමිණෙන විට රාත්‍රී අටට ආසන්නය. ඔවුන් සමඟ එක්ව හිඳගෙන ආහාර ගැනීම මම තරයේ ප්‍රතික්ෂේප කළේ අහස් එයට අකමැති වනු ඇති බව දන්නා නිසාමය.

“විකාර නැතුව මෙහෙන් වාඩි වෙන්න ළමයෝ… ඔයා දැන් අපේම කෙනෙක් මගේම දරුවෙක් වගේ… නේද පුතේ…?”

අහස් එයට කුමක් කියාවිදැයි සිතමින් මම ඔහු දෙසට බැල්මක් හෙළීමි. ඔහු හිස සළමින් මුව කොණින් සිනහවක් පෑවේ ඒ බව අනුමත කරන්නට මෙනි.
ආහාර වේල රසවත් වුවද මට එය භුක්ති විඳින්නට හැකි වූවා යැයි කියා මට නොසිතමි. මට නිවැසියන් සිහි විය. ඔවුන් අද කුමක් කෑවා බීවාද කියා මම සිතුවෙමි. සමහරවිට පොල් සම්බෝලයක් සමඟ කරවල බැඳුමක් පමණක් විය හැක.

“මොකද ළමයෝ… කෑම රස නැත්ද… ඔයා කනවා නෙවේ… අතගානවනේ…”

විනිෆ්‍රීඩා මහත්මිය එසේ අසනු ඇසී මම තිගැස්සී ගියද එක්වරම හිස ඔසවා නොබැලුවේ දෑස් බොඳකරමින් නැඟි කඳුළු ඇගේ ඇස ගැටෙනු ඇතැයි සිතාය.

“නැහැ මැඩම්… සැරයි…”

හිස ඔසවමින් මම කීවේ වේගයෙන් ඇසිපිය සළමින් වුවද අකීකරු කඳුළු බිඳු දෙපළක් කම්මුල් ශීතලට තෙමා ගලා යන විට මම වමතින් වහා ඒ පිසගතිමි. අහස්ගේ දෑස් මවෙතම එල්ල වී තිබුණේ මා කියූ දේ විශ්වාස නොකරන බවක් පෙන්වමිනි.

“ඔයාට හුරු නැති නිසා වෙන්නැති ළමයෝ… ඔය චිලී පේස්ට් එක අයින් කරලා කන්න…”

ඈ එසේ කියන විට අහස් වතුර වීදුරුවක් මවෙත ළං කළේය. මම බීවේ වතුර උගුරක් පමණි.

“බත් ටික සේරම කන්න… බඩගින්නේ ඉඳලා ලෙඩ වෙයි… කෑම නාස්තිකරන එකත් පව්… මේ වෙලේ කී දෙනෙක් නම් ඇත්ද බත් කටක් කන්න නැතිව බඩගින්නේ…”

විනීෆ්‍රීඩා මහත්මිය එසේ කියන විට නම් මා සිතේ ඇති වූයේ වේදනාවකි. ඈ අනික් අය ගැනත් සිතන සුන්දර හදවතක් ඇති අයෙකු බව තවත් වරක් ඔප්පු වී හමාරය. මා වුවමනාවෙන්ම කෑම වේල රස වින්දේ ඈ කී දේ සැබෑවක් බව හැඟී ගිය බැවිනි.

“හෙට ඉඳන් අරවින්දි උයන්නම් කියන්නේ පුතේ… මං කිව්වා ඒත් එපා කියලා…”

ඈ යළිත් කියන විට මම යටැසින් අහස් දෙස බැලීමි.පුදුමයට පත් බවක් එහි විය. ආඩම්බරකාරයා එයට ඉඩ දෙනු ඇතැයි කියා විශ්වාසයක් නම් මා තුළ නොවීය.

“එයාට උයන්න දන්නවද….?”

ඔහු ඇසුවේ නෙරවාගත් බැල්මක් මවෙත හෙලමිනි.

“උයන්න විතරක් නෙවේ… අනික් අකුරුත් දන්නවා…”

සිතේ උපන් නොරුස්සුම නිසා මට එක්වරම කියවිණි. ඔහු කෝපයෙන් දිදුලන දෑසින් මදෙස බලන විට වරදකාරී හැඟීමක් මෙන්ම බියකුත් මා සිතේ ඇති විය. විනීෆ්‍රීඩා මහත්මිය උස් හඬින් සිනහසුණාය.

“කට නම් තියනවා…”

ඔහු රළු හඬකින් කීය.

“සොරි…”

පහත් හඬින් මම කීවෙමි.

“උයන්න පුළුවන් වුණාට කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැනේ සුදු මම්මා…”

“සර් කාලා බලන්නකෝ…”

මම වහා කීවෙමි.

“හරි…හරි… අපි ඒවා බලමුකෝ පස්සේ… ඔයා ආවේ සුදු මම්මාව බලාගන්න මිසක් උයන්න නෙවේනේ…”

ඔහු හිස් පිඟානත් රැගෙන නැඟී සිටින විට මමද නැඟී සිටියෙමි.

“සුදු මම්මාගේ බෙහෙත් දෙන්න ඕන… ඔයා එන්න මං ඒ ටික කියලා දෙන්නම්…”

“මං එන්නම්…”

හිස සෙලවෙන්නට ගියේ පුරුද්දට මෙන් වුවත් මම වහා කීවෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you