More
    NovelsRath Dothaluරත් දෝතළු - 33

    රත් දෝතළු – 33

    -

    spot_img

    රත් දෝතළු – 33

    අප අතර මොහොතකට නිහඬ බවක් පැතිර ගියේය. පාසලෙන් ඉවත් වූ පසුව නිර්මාණි මුණ ගැසුණේ වසර ගණනාවකින් අනතුරුවය. එදා වෙන්වූවාට වඩා දුකක් දැන් නම් මා සිතට දැනෙන්නාක් මෙන් මට දැනෙන්නට විය.

    “ගිහින් බලන්නකෝ…. හොඳ නැත්නම් ඔයා ආයේම දෙපාරක් හිත හිත ඉන්නැතුව එන්න ඕන… අපි වෙන එකක් හරි බලමු… සෙක්‍රටරි ජොබ් එක නම් දිගටම කළත් ඔය කෙයාර්ගිවර් ජොබ් එක නම් ඉතින් තව පාරක් හිතන්න වෙනවා… ඔයා ඉගෙනගෙනත් ඔහොම ජොබ් එකක් කරන එකට මං නම් ආස නැහැ…”

    ඈ එකදිගටම කියවගෙන ගියාය.

    “මම ආවේ මොකක් හරිම ජොබ් එකක් කරනවා කියන අදහසින් නිරූ… ගෙදරක වැඩකරනවා කියලා වළං පිඟන් සෝදන්න යනවා නෙවේනේ… එහෙම කළත් ඒක ලැජ්ජා වෙන්න තරම් දෙයක් නෙවේ… ලංකාවේ ගැහැනු අය ඔය පිටරට ගිහිනුත් කරන්නේ එහෙනම් ඕකමනේ… එහෙම බැලුවාම එහෙ මට කරන්න කියලා මහලොකු දෙයක් ඇත්තේම නැහැ…”

    “ඒකත් හරි තමා… ඒත් පරිස්සමට… අපි තාම ඒ මිනිස්සු ගැන දන්නේ නැහැනේ… මට බයයි ඔයා ගැන… උඹ තාම තැළිලා පොඩි වෙලා නැහැ… දුක් වින්දට…”

    එවරනම් මා සිතට කොහේදෝ සිට යළිත් දුකක් ගලා ආවේය. දෑස රිදී කඳුළු පිරෙන විට මම හඬමින් නිර්මාණි වැළඳගතිමි.

    “ඒයි පිස්සු කෙල්ල… මොකද මේ අඬන්නේ…?”

    ඈ එසේ ඇසුවද ඇයද හඬන්නට වූවාය.

    “ගෙදරින් එනකොටවත් මට මෙච්චර දුකක් දැනුණේ නැහැ නිරූ…”

    මොහොතකට පසුව මම කීවේ බිඳුණු හඬිනි.

    “හුරුවෙයි අරවින්දි… ටික දවසකින් හැමදේම හරියයි…”

    “ඔයා හෙට එනකොට මම ගිහින් ඉඳියි…”

    “හ්ම්ම්… කීයටද යන්නේ…?”

    “හතරට පහට වගේ…”

    මට කියවිණි.

    “එකක් කියනවද… හතරටද පහටද…?”

    නිර්මාණි එසේ අසනවිට මා මුවට සිනහවක් නැඟුණේ අහස් සිහි වීමෙනි.

    “ඒ පාර හිනාවෙනවා… මොනවද මතක් වුණේ…?”

    “නැහැ… අහස් සර්රුත් ඔය වගේම කතාවක් කිව්වා… ඒකයි හිනාගියේ…”

    ඇගේ මුවේ ඇඳුණේ අමුතු සිනහවකි. දැන් එයටද ඈ කුමක් හෝ පවසනු ඇත.

    “අම්මේ ඉතින්… දැන් කොයි වෙලෙත් අහස් ගැනමයි කතාව… ඒ වුණාට ඊයේ කොහොමද… දෙන්නා හිටියේ නිකම් ජීවිතේටම දැකලා නැති උන් ගානට…”

    “එයා මං ගැන සැළකිලිමත් වෙන්න තරම් මං කවුද නිරූ… අනික ඔය ආඩමබරකාරයා එක්ක මං බලෙන් කතා කරන්නයැ…”

    නොසතුටෙන් මම කීවෙමි.

    “හා… හා… අපි බලමුකො… අපිත් ඉඳියිනේ අහල පහළ…”

    ඈ කීවේ මනමාල බැලමක් හෙළමිනි.
    ————————————————————————————————————————————
    සඳළුතලයට පිවිසෙන දොර විවරකර තිබුණෙන් ඉඳහිට මුහුදු සුළඟ ඇතුළට හැමුවද එහි වූයේ උණුසුමකි. නිර්මාණි කෙටි නින්දකට වැටී සිටිනාතරේ මම අහස් දී තිබූ කාර්ඩ් පත ගෙන ඔහුට ඇමතුමක් ගතිමි. ඔහු එයට ඇමතුවේ දෙතුන්වරක් එය නද දුන් පසුවය.

    “හෙල්…ලෝ…”

    ඔහුගේ ගැඹුරු හඬ මා සවන් වැකෙනවිට මගේ ගත හිරිවැටී ගියේ විදුලියක් ඇදී ගියාක් මෙනි. ඔහුට වූයේ ගැඹුරු හඬකි.

    “හෙලෝ…”

    නැවත එම හඬ ගලා ආවේ මා ප්‍රතිචාරයක් නොදැක් වූ නිසා වන්නට ඇත. ඔහුගේ හඬ ඇසුමෙන් පවා මම අතරමංව ගියාක් මෙනි.

    “මිස්ටර්… අ…හ…ස්…”

    “යේස්… ස්පීකින්…”

    “ම…ම… අරවි…න්දි…”

    තරමක ගොතයකින් යුතුව මම කීවෙමි.

    “ආහ්… නෙළුම් මල… මම ඒත් බැලුවා ගොළුවෙක්ට ෆෝන් එකක් හම්බෙලාද කියලා… දෙසැරයක්ම කතාකරලත් උත්තර නැති වුණාම…”

    එවරත් ඔහුගේ හඬේ වූයේ උපහාසය මුසු ඇනුම් පදයකි. මා සිතේ නොරුස්සුමක් හටගත්තේ නිතැනිණි.

    “ගොළුවෙක් නම් ඉතින් මෙසේජ් එකක් දායිනේ… කෝල් නොකර… මම කියන්න ගත්තේ මම පහවෙනකොට ලැහැස්ති වෙලා ඉන්නවා… එන්නේ නැත්නම් කෝල් කරලා කියන්න… මං ත්‍රී වීල් එකක එන්නම්…”

    නොමනාපයෙන් කියා මම වහා දුරකථනය විසන්ධි කළේ ඔහු කිසිත් කීමටත් පෙරය. මම ඔහුට මා කැඳවාගෙන එන්නට කීවේ නැත.

    “කතා කළොත් රුයිතෙටමයි… මොකෙක්ද මංදා…?”

    දුරකථනය පසෙක තබමින් සැටිය මත වැතිරෙමින් මම කියාගත්තේ මටමය. මා සිත නොසන්සුන් වී ඇත. දුරකථනය යළි හඬ තළන්නට වූ බැවින් මම එය අතට ගත්තේ ඇමතුම නිර්මාණිට යැයි සිතමිනි. නමුත් ඒ මා දැන් ඇමතූ අහස්ගේ අංකය විය. මම එය සවනතේ තබාගත්තේ යළි ඔහු අමතන්නේ මන්ද කියා සිතමිනි.

    “කුමාරි හාමි හරි ගණන් නේද…?”

    ඒ වදන් මා සිතේ ඇති කළේ කෝපයකි.

    “ඔව්… කුමාරිහාමිලා ගණන් තමා… ඔය කොළඹ කෙල්ලෝ වගේ නෙවේ…”

    මමද එකටෙක කීවෙමි.

    “අදනේ දන්නේ…”

    “අද හරි දැනගත්තා නම් ලොකු දෙයක්…”

    නොමනාපය මුසුව මම කියනවිට ඔහුගේ උස් සිනාහඬ මා සවනට ගලා ආවේය.

    “හිනාවෙන්නත් දන්නවා එහෙනම්…”

    මම මටම කියාගතිමි.

    “මම කියන්න ගත්තේ මට එන්න වෙන්නේ නැහැ කියලා…”

    “ඒක හොඳයි… මට එන්න පුළුවන්… ගුඩ් නයිට් මිස්ටර් අහස්…”

    මම සූදානම් වූයේ කතබහ නිමකරන්නටය.

    “හෝව්… හෝව්… මොකද ඔච්චර හදිසි… පත්තරයක් ළිපට දාලද…?”

    මා මුවින් පිටවන්නට ගිය සිනහව මම ආයාසයෙන් වළකාගතිමි.

    “පත්තර ඕන නැහැ… ගෑස් ළිප තියනවා… අනික ඉතින් මොකටද කාගෙවත් කාලේ නාස්ති කරන්නේ… ඊට පස්සේ කාලේ සොරකම් කළා කියලාත් අහගන්න වෙයි…”

    ඔහු පැවසූ දෙයින්ම මම ඔහුට පහර ගැසීමි.

    “ඌරාගේ මාළු ඌරගේ ඇඟේ තියලම කපනවා කියන්නේ ඕකට…”

    “සිංහල පිරුළුත් දන්නවා එහෙනම්…”

    “මම සිංහල නෙවේ කියලා හිතුවද…?”

    “කළු සුද්දෙක් කියලා හිතුවේ…”

    “මම කිව්වා කියලා හිතාගන්නකෝ කුමාරිහාමි…”

    “කොයි විදියටද හිතාගන්න ඕන…?”

    “ළඟ හිටියා නම් මං…”

    ඔහු ඉතිරිය නොකියා නිහඬ විය. කතා බහ දුරදිග ගියා වැඩිදෝ කියා මට සිතිණි.

    “සර් දැන් ගත්තේ හෙට එන්නේ නැහැ කියන්නනේ… නේද… ඉට්ස් ඕකේ… අයි කැන් මැනේජ්…”

    “ඔව්… ඔව්… මං එනවා… පහට… රෙඩි වෙලා ඉන්න… ගුඩ් නයිට්…”

    මට කිසිත් සිතාගන්නට ඉඩ නොතබාම ඔහු කතාව නිම කළේය. මා මුවේ සිනහවක් විකසිත වූයේ නිතැනිනි. පෙර එසේ නම් ඔහු බොරුවක් කියන්නට ඇත්තේ මා රවටන්නටය. නිර්මාණි එනු මට නොදැනිණි. මම දුරකථනය අතේ තබාගෙන එයට සිනහසෙමින් සිටින්නට ඇත.

    “දැන් නම් ලෙඩේ හොඳටම වැඩි වෙලා වගේ…”

    ඇගේ හඬින් මම තිගැස්සී හැරී බැලුවෙමි.

    “කාටද නිරූ…?”

    මවිතයෙන් මම ඇසීමි.

    “වෙන කාටද උඹට මිසක්… කෝල් එකක් ආවා නේද… කුමාරයාද ඇමතුවේ… නැහැ… නැහැ… කියන්න ඕන නැහැ… මූණෙන් පේනවා… ඔය කට පිහිද ගනින්…”

    ඇගේ කතාවට මම අසුවුණෙමි. මගේ අත මුවට ගියේ නිතැනිනි. නිර්මාණි උස් හඬින් සිනහසෙන්නට වන විට ඒ ඇගේ විහිළුවක් බව දැන මා සිතේ ඉහිරගියේ ලැජ්ජාවකි.

    “මෝඩයා…”

    මම කෑ ගැසීමි. ඈ මා පසෙක හිඳ ගත්තේ මුවේ පර නොගිය සිනහවෙන්මය.

    “මොකද කුමාරයා කියන්නේ…?”

    “හෙට එනවා කිව්වා…”

    “අසුපිටින්ද…?”

    ඈ යළිත් සිනහසුණාය.

    “යනවා…. යන්න… මට එච්චර හීනයක් තිබුණේ නැහැ…”

    “අසු පිටින් යන්නද… දැන් ඉතින් ප්‍රාඩෝ එකක් තියෙන්නේ…”

    “විකාර…”

    “ඒකේත් හැටි ඉතින්…”

    “ඇයි…?”

    “නැහැ… ඉතින්… අපි නම් ජොබ් හොයන් මෙහෙට ආවේ… අපිව එක්ක යන්න කවුරුත් ආවේ නැහැනේ.. ඒකටත් එක්ක මෙන්න… වැඩට එක්ක යන්න ප්‍රාඩෝ එකෙන් බොසාම එනවා… හොඳයි… හොඳයි…”

    ඇගේ හඬේ ඊර්ෂ්‍යාවක් නම් නොවූ බව මම හොඳාකාරවම දනිමි.

    “ඉතින් ඔයා සතුටු වෙන්න…”

    “ඔව්… ඔව්… සතුටුයි… මගේ එකෙක්ට හරි යනවා නම් මට ඇත්තටම සතුටුයි…”

    ඈ පැවසුවේ අවංක හඬිනි.

    -හෙටත් හමුවෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    නාමල් අධිකරණයට

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ...

    බංග්ලාදේශ අගමැති ධුරය හිටපු අගමැති ඛලීඩා ශියාගේ පුත්‍රයෙකුට හිමිවන ලකුණු

    ඉදිරි දින කිහිපය තුළ නව රජයක් පිහිටුවීමට සිය පක්‍ෂයට හැකි යැයි විශ්වාස කරන බව බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂය පවසනවා. ඒ අනුව...

    පොලිස් විදුහලේ ගුටි කෙළියක්

    කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් පුහුණුව ලබමින් සිටි ආධුනික කොස්තාපල්වරු දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙකු අනෙකාට තියුණු අවියකින්...

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 31

    රත් දෝතළු - 31 මා සිටියේ කුතුහළයෙනුත් පුදුම‍යෙනුත් යුතුවය. තව කුමක් සිදුවන්නට යනවාද කියා සිතාගන්නට නොහැකිය. "ඔව්... ඒ දැන් ආවේ කවුද...

    Kiss කරද්දි කකුල ටිකක් ඉස්සෙන්න ඕනෙ

    Kiss කරද්දි කකුල ටිකක් ඉස්සෙන්න ඕනෙ - Sydney Sweeney සරාගී පෙනුමත්, රංගනයත් හේතුවෙන් නිරතුරුවම අලුත් පුවත් මවන කෙනෙක් තමයි අමෙරිකානු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page